කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් තිස් අටදහස් පන්සීයක් (38,500) සහිත නෞකාවට ඊයේ (31) පස්වරුව වන විටත් මුදල් නොගෙවීම හේතුවෙන් ...
කොළඹ වරායේ නැංගුරම්ලා ඇති ඩීසල් මෙට්‍රික් ටොන් තිස් අටදහස් පන්සීයක් (38,500) සහිත නෞකාවට ඊයේ (31) පස්වරුව වන විටත් මුදල් නොගෙවීම හේතුවෙන් තෙල් ගොඩබෑමේ කටයුතු සිදු නොවූ බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
මේවක විට මේ නැව කොළඹ වරායේ නැංගුරම්ලා දින 4ක කාලයක් ගතව තිබේ.
ඉන්ධන ගොඩබෑම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 52ක මුදලක් අවශ්‍ය වුවද එම මුදල ඊයේ (31) පස්වරුව වන විටත් සොයා ගැනීමට ආණ්ඩුව අපොහොසත් වී තිබුණි.
මෙම නෞකාවේ ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ඇමරිකානු ඩොලර් දහඅටදහසක් ගෙවිය යුතු බවද පැවසේ.
ඒ අනුව එහි ප්‍රමාද ගාස්තුව ඇමරිකානු ඩොලර් 72,000ක් වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය කියයි.
මුදල් ගෙවා ඩීසල් ආනයනය කිරීම ඊයේ (31) සිට නතර කිරීමටද අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ වෙනුවට ඉන්දීය ණය පහසුකම යටතේ පමණක් ඩීසල් ගෙන්වීමට නියමිතය.
ඒ යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 38500ක් රැගෙන පළමු නෞකාව අද (01) රාත්‍රියේ මෙරටට ළඟා වීමට නියමිතය.
නෞකාවට ගොස් සාම්පල ලබාගැනීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන්ට ගමන් කිරීමට අධිවේගී බෝට්ටුද මේ වන විට සූදානම් කර තිබේ.
සාම්පල පරික්ෂා කිරීමෙන් පසු ඩීසල් ගොඩ බෑමෙන් අනතුරුව එක් දිස්ත්‍රික්කයක ඉන්ධන පිරවුම්හල් පහක් බැගින් දිස්ත්‍රික්ක විසි පහ පුරා බෙදා හැරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු සැලසුම්කර තිබේ.
ඉන්දීය ණය පහසුකම යටතේ ඩීසල් මෙට්‍රික් ටොන් 38500 බැගින් වූ තවත් නෞකා දෙකක් අප්‍රේල් පස්වැනිදා සහ නව වැනිදා මෙරටට ළඟා වීමට නියමිතය.
ඒ අනුව සිංහල හා දෙමළ අලුත් අවුරුද්දට පෙර ඩීසල් මෙට්‍රික් ටොන් අසූදහසක් පමණ මෙරටට ලැබෙන බව අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
සතියකට පමණ ප්‍රමාණවත් පෙට්‍රල් තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවතියි. ඩීසල් හිඟය හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් රැසක් ඊයේ (31 වැනිදා) දිනයේදී වසා දමා තිබුණි.
-srilankamirror
COMMENTS