උසාවියට නිගරු කිරීමේ චෝදනා මත සිරදඩුවම් විඳින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලූම් කිරී...
උසාවියට නිගරු කිරීමේ චෝදනා මත සිරදඩුවම් විඳින පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම සම්බන්ධයෙන් ඉල්ලූම් කිරීමට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද අවධානය යොමුව තිබේ.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මෙන්ම සමගි ජන බලවේගය විපක්ෂ කණ්ඩායම් රැස්වීම් වලදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන්ව ඇත.
එහෙත් රන්ජන් රාමනායක මහතාගේ විනය විරෝධී කි‍්‍රයා සහ සිදුකරනු ලබන අධිකරණය පිළිබඳ ප‍්‍රකාශ සහ ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කරන විවේචන ඒ සඳහා බාධාවක්ව ඇතැයි විපක්ෂයේ ප‍්‍රධානියකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට පැවසීය.
මේ අතර තමා රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව ලබා ගැනීම සඳහා ආණ්ඩු පක්ෂ රැස්වීමේදී පෞද්ගලික යෝජනාවක් ඉදිරිපත් කරන බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අළුත්ගමගේ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයට සඳහන් කළේය.
අකිත පෙරේරා
COMMENTS