මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක් බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්...
මොරටුව, රාවතාවත්ත ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 177යි ග්‍රෑම් 464ක් බව පොලීසිය පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ (11) පස්වරුවේ සිදුකළ වැටලීමකදී මෙම මත්කුඩු තොගය සොයාගත් බවයි.
මාකදුරේ මදූෂ් නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු වන කැළුම් ඉන්දික සම්පත් නොහොත් “කැවුමා” නමැති අපරාධ කල්ලි සාමාජිකයාට අයත් බව කියන අදාළ නිවස තුළ තිබී මාකදුරේ මදුෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී.ඩී.තැටියක් ද සොයාගෙන ඇත.
ඊට අමතරව එම නිවස තුළ විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්, ටී - 56 පතරොම් 2803ක් මිලිමීටර් නවය වර්ගයේ පතරොම් 91ක්, බෝර දොලහ වර්ගයේ පතරොම් 234ක් සොයාගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
රම්බෝ පිහියක්, අත්විලංගු දෙකක්, විවිධ පුද්ගලයින්ගේ ජාතික හැදුනුම්පත් 10ක්, ජංගම දුරකථන 25ක්, සිම් කාඩ්පත් 129ක්, රුපියල් 31,830ක මුදලක් ද එම නිවස තුළ තිබී සොයාගෙන ඇත.
COMMENTS