මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් ඒකකයට පැමිණෙ...
මෝටර් රථයේ ජනෙල් කවුළුව මත ඉඳගෙන අධිවේගී මාර්ගයේ අපරික්ෂාකාරී ලෙස ගමන් ගත් පුද්ගලයන්ට අද (12) අධිවේගී මාර්ග කොට්ඨාසයේ පොලිස් ඒකකයට පැමිණෙන ලෙස දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.
මෙම සිද්ධියේදී අදාළ මෝටර් රථය පැදවූ රියැදුරුට මෙන්ම එහි අන්තරාකාරී ලෙස ගමන් ගත් සියලු දෙනාට ද නඩු පවරන බව හෙතෙම සඳහන් කර සිටිනවා.
මෙම මෝටර් රථ රථයේ මුල් හිමිකරු මහනුවර පේරාදෙණිය පාරේ පදිංචිකරුවකු බවත් 2015 වසරේ ඔහු එම මෝටර් රථය මහනුවර, අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කර ඇති බවද හෙතෙම කීය.
රථයේ මුල් හිමිකරු පුද්ගලයා පොලිසියට කැඳවා ඇති අතර ඔහු සමග අදාළ මෝටර් රථයේ ගමන් ගත් පිරිස ද කැඳවාගෙන එන ලෙසට ඔහුට දැනුම් දුන් බවද පොලිස් මාධ්‍ය බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
ඉන්දිකා රාමනායක
COMMENTS