දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකානු කොම්පැනියේ සාක්‍ෂිකරුවා ශ්‍රී ලංකා රජයේත් සාක්‍ෂිකරුවා වුණේ කොහොමද ? – ජවිපෙන් තවත් හෙළිදරව්වක්…
Homeප්‍රවෘත්ති

ඇමරිකානු කොම්පැනියේ සාක්‍ෂිකරුවා ශ්‍රී ලංකා රජයේත් සාක්‍ෂිකරුවා වුණේ කොහොමද ? – ජවිපෙන් තවත් හෙළිදරව්වක්…

PropellerAds

යුගදනවි බලාගාරය ඇමරිකාවට විකිණිමේ ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස ඇමරිකාවේ පුද්ගලික සමාගම වෙනුවෙනුත් ලංකාව වෙනුවෙනුත් අත්සන් තබා ඇත්තේ එකම පුද්ග...

රට යළි කුප්පි ලාම්පු යුගයට
පලමු වතාවට උතුරේ පැවත්වෙන බොදු සමලුව අද වවුනියාවේදී
දෙමළ ජාතික සන්ධානය රජයට සහය දැක්වීම නතර කරයි?
යුගදනවි බලාගාරය ඇමරිකාවට විකිණිමේ ගිවිසුමේ සාක්ෂිකරුවන් ලෙස ඇමරිකාවේ පුද්ගලික සමාගම වෙනුවෙනුත් ලංකාව වෙනුවෙනුත් අත්සන් තබා ඇත්තේ එකම පුද්ගලයෙකු යැයි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති හෙළිදරව් කරයි…

ඔහු මේ බව හෙළිදරව් කර සිටියේ පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කළ යුගදනවි බලාගාරය විකිණීමේ ගිවිසුම සම්බන්ධයෙන් තවත් කරුණු රැසක් හෙළිදරව් කරමින් අද (14) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිණි.

බත්තරමුල්ල පැලවත්ත හි පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති එම මාධ්‍ය හමුවේදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති වැඩිදුරටත් දැක්වූ අදහස්…

“අනුර සහෝදරයා පාර්ලිමේන්තුවේ සභාගත කළ එල්.එන්.ජී බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් විවිධ ප්‍රකාශ කරමින් සිටිනවා. ඇතැම් ඇමතිවරු 69 ලක්‍ෂයක් ජනතාව අනුමත කර තිබෙන නිසා මෙවැනි ගිවිසුම් අත්සන් කරන්න කැබිනට් මණ්ඩලය දකින්න අවශ්‍ය නැති බව කීවා. තවත් සමහර අය මේ ගිවිසුම රහසිගත එකක් නොවන බව කීවා. සමහර කැබිනට් ඇමතිවරුන් මේ ගිවිසුමේ පිටපත් ලබාගත්තේ අනුර සහෝදරයාගෙන් බව ඔබ කවුරුත් දන්නවා. නීතිපතිතුමා අනුමැතිය දී තිබෙන නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ කියන ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන් අපි දැක්කා. ඒ නිසාම මේ ගිවිසුමේ කරුණු ගැන පුළුල් ලෙස අපිට සාකච්ඡා කරන්න වෙනවා. මේ සම්බන්ධයෙන් කැබිනට් සංදේශ ගණනාවක්ම ඉදිරිපත් කර තිබෙනවා. ඒ අතරින් සැප්තැම්බර් 06වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය අදාළ වෙන්නේ වෙස්කෝස් සමාගමේ කොටස්වලින් මහා භාණ්ඩාගාර ලේකම් සතු 50%ක කොටස් සඳහා ගිවිසුම අදාළ වන බවයි.

කැබිනට් මණ්ඩලයේ ඇමතිවරු දැන හෝ නොදැන අත උස්සලා තියෙන්නේ ඇමරිකාවේ නිව් පෝට්‍රස් සමාගමට ගිවිසුමක් අත්සන් කරන්න. නමුත් අත්සන් කරලා තිබෙන ගිවිසුම තියෙන්නේ එන්.එෆ්.ඩී. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමත් එක්ක. මෙතනම බරපතළ වංචාවක් තියෙනවා. ගිවිසුමේ අන්තර්ගතයෙන් කැබිනට් මණ්ඩලය අනුමත කළ කරුණු තියෙනවාද කියන ප්‍රශ්නය මූලිකයි. ගිවිසුමේ 35වැනි පිටුවට අනුව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අත්සන් කරන්නේ සුජිත් රුචිර ආටිගල. ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා. ඔහුගේ සාක්‍ෂිකරුවන් හැටියට අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙකු බව කියන කලින් විදුලි බල අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස්. ඔහු දැන් විදුලි බල අමාත්‍යාංශයේ සභාපති හැටියට මාධ්‍යවලට පැමිණියා. නමුත් ඔහු ගිවිසුම අත්සන් කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙක් හැටියට. මෙතන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා.

ඒ වගේම ඩැනියෙල් ක්‍රිස්ටෝපර් කියන පුද්ගලයා එන්.එෆ්.බී.ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියන සමාගමේ පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර තිබෙනවා. එයාගේ සාක්‍ෂිකරුවන් හැටියට අත්සන් කරන්නෙත්, ඒ කියන්නේ ඇමරිකානු කොම්පැනිය වෙනුවෙන් අත්සන් කරන්නේ ශ්‍රී ලංකා රජයේ සාක්‍ෂිකරුවාමයි. ගිවිසුමක මෙහෙම වෙන්න පුළුවන්ද? දෙවැනි සාක්‍ෂිකාරිය නිමල්කා මොරහෙල. එයාගේ තනතුර ව්‍යාපෘති සම්බන්ධීකාරක. එයා කලින් වැඩ කරලා තියෙන්නේ සංචාරක මණ්ඩලයේ ව්‍යාපෘතිවල. හැබැයි බලශක්ති ව්‍යාපෘතිවල සිටි බව දන්නේ නැහැ. මම මේ බව හෙළි කළාට පස්සේ පත්වීම් ලිපියක් හදලා දෙයිද දන්නෙත් නැහැ. රෑ 12.06ට මේ ගිවිසුම අත්සන් කරන වෙලාවේ නිමල්කා මොරහෙල ක්‍රිස්ටෝපර් නයිට් ගුවන්තොටුපොළට එක්ක යන්න හිටියාද දන්නෙත් නැහැ. ඇය අත්සන් කරලා තියෙන්නෙත් ඇමරිකානු සමාගම වෙනුවෙන්. ශ්‍රී ලංකාවේ සාක්‍ෂිකරුවෝ දෙන්නෙක් අත්සන් කර තියෙන්නේ ඇමරිකානු සමාගම වෙනුවෙන්. කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට මේ ගිවිසුම හෙළි නොකළේ ඇයි කියලා අපිට හිතාගන්න පුළුවන්.

ක්‍රිස්ටෝපර් නයිට් කියන්නේ කවුද? ප්‍රධාන මූල්‍ය නිලධාරියාගේ හැටියට ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් සමාගමේ ඇමරිකානු ඇටර්නි බලපත්‍රලාභියා තමයි ක්‍රිස්ටෝපර් නයිට්. අඩුම තරමේ ප්‍රධාන මූල්‍ය නිලධාරියාවත් ලංකාවට එන්නේ නැහැ. ඒ තරම් පහළට දාලා මේ ගිවිසුම අත්සන් කරලා. හිටපු මුදල් අමාත්‍යාංශයේ ලේකම් ෆර්ඩිනැන්ඩස් දැන් විදුලිබල මණ්ඩලයේ සභාපතිලු. ඔහු මුදල් අමාත්‍යාංශයේ උපදේශකයෙක්ද? මේ වැනි ගිවිසුම් අත්සන් කරන්න එයාට බලයක් දුන්නේ කවුද? බැසිල් රාජපක්‍ෂ මහත්තයා 13වැනිදා කැබිනට් සංදේශයක් නැවත ඉදිරිපත් කර තිබෙනවා. ස්වභාවික වායු බලාගාර හඳුන්වා දුන්න මුල්ම යෝජනාව 2019 ඉදිරිපත් කර ඇති බව සඳහන් වෙනවා. ඒ අනුව කටයුතු කරන්න 2020 ජනවාරි මාසයේ ආයෝජන මණ්ඩලයට යොමුකළ බව සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය සිදුකළ කටයුතු මහජනතාව දැනගන්න ඕනෑ. එවකට සිටි මහින්ද අමරවීර විදුලිබල ඇමතිවරයා නිව් පෝට්‍රස් එනර්ජි සමාගම ගැන නිර්දේශ ලබා දී තිබෙනවාලු. මේ සමාගම සුදුසු බව නිර්දේශ කර තිබෙනවාලු. නමුත් මහින්ද අමරවීර ඇමතිවරයා ඉදිරිපත් කළ සංදේශයට අනුව තියෙන්නේ වෙන කතාවක්. තරඟකාරීව ටෙන්ඩර් කැඳවන ලෙස මේ කැබිනට් සංදේශයෙන් යෝජනා කර තිබෙනවා. නමුත් බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා 13 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශය ගැන මහින්ද අරමරවීර ඇමතිවරයා දැන් කියන්නේ මොකක්ද?

2020 ඔක්තෝබර් 20වැනිදා ඩලස් අලහප්පෙරුම විදුලිබල ඇමතිවරයා ඊට පෙර සිටි මහින්ද අමරවීර ඇමතිවරයාගේ යෝජනාව ඉදිරිපත් කළ බව බැසිල් රාජපක්‍ෂ 13වැනිදා කැබිනට් මණ්ඩලයට කියා තිබෙනවා. ඩලස් අලහප්පෙරුම ඇමතිතුමා කියන්නෙත් තරඟකාරීව ලංසු කැඳවන්න කියලයි. මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ දැන් කියන කතාව ගැන ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කියන්නේ මොකක්ද? මේ ඇමතිවරු දෙන්නම ඉවත්කර දැන් ගාමිණී ලොකුගේ ඇමතිවරයා පත්කර සිටිනවා. විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිතුමා ඉවත්කර මේ ගිවිසුමේ සාක්‍ෂිකරුවෙකු වන ෆර්ඩිනැන්ඩස් මහත්තයා පත්කර තිබෙනවා. මේ ක්‍රියාවලියෙන් පසුව මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සතුව තිබෙන යුගදනවි බලාගාරයේ කොටස්වලින් 40%ක් සම්බන්ධයෙන් ගිවිස ගන්න කියලයි. නමුත් ගිවිසුමට අනුව යුගදනවි සමාගමේ කොටස්වලින් 27%ක් සේවක අර්ථසාධක අරමුදල වෙනුවෙන් මහා භාණ්ඩාගාරය වග කියනවා. ලක්දනවි ලිමිටඞ් සමාගමට 5%ක් වගේම මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට 50%ක කොටස් අයිති වෙනවා. කැබිනට් මණ්ඩලයෙන් ගිවිසුම අනුමත කළා නම් නිව් පෝට්‍රස් සමාගමට පවරන්න හැකි වෙන්නේ මුදල් අමාත්‍යාශයේ ලේකම්වරයා යටතේ තිබෙන 50%ක කොටස් විතරයි. නමුත් මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ 100%ක් වූ මුළු කොටස්වලින් 40%ක් නිව් පෝට්‍රස් සමාගමට විකුණන්න. ගිවිසුමේ සඳහන් ආකාරයට ලෙකෝ සමාගමේ කොටස් වගේම අර්ථසාධක අරමුදලේ කොටස් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගේ කොටස් කියන ආකාර තුනම විකුණලා තිබෙනවා. නමුත් හරියටම තේරුම් ගත යුත්තේ කැබිනට් මණ්ඩලය පවා අනුමත කර තිබෙන්නේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සතුව තිබෙන 50%ක කොටස්වලින් 40%ක් විකුණන්න විතරයි.

නමුත් ලෙකෝ, අර්ථසාධක අරමුදල, ලක්දනවි සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා කියන පාර්ශ්වකරුවන් හතර දෙනාටම අයිති කොටස්වලින් 40%ක් විකුණලා තිබෙනවා. මේ නිසා ඊ.පී.එෆ්. එකට අයිති කොටස් විකුණන්න මහ බැංකුවේ මුදල් මණ්ඩලය අවසර දී තිබෙනවාද? ඇමුණුම්වල එවැනි අනුමැතියක් නැහැ. අර්ථසාධක අරමුදලේ කොටස් මේ හොර සමාගමට දෙන්න අවසර දුන්නේ කවුද කියලා මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ රටට හෙළි කළ යුතුයි. ගිවිසුමේ 39වන පිටුවට අනුව ශ්‍රී ලංකා හෝල්ඩිංස් කියන අලුත් සමාගමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට 07 දෙනෙක් පත්කරන්න ඕනෑ. ඒ හත් දෙනාගෙන් හතර දෙනෙක් පත්කිරීමේ බලය ඇමරිකානු සමාගමට ඉල්ලනවා. ඒ අවසරය දෙන්න ආටිගල මහත්තයා එකඟ වෙලා තිබෙනවා. එතකොට අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බහුතරය පත් කරන්නේ ඇමරිකාව පැත්තෙන්. මේ අධ්‍යක්‍ෂ මණ්ඩලයට හැකියාව ලැබෙනවා සේවක අර්ථසාධක අරමුදලට පවා බලපෑම් කරන්න. අත්සන් කර තිබෙන ගිවිසුමේ ගෑස් සැපයීම සම්බන්ධයෙන් කතා කරන්න ඉස්සර පළමුවැනි අදියරේදීම මේ තරම් වංචාකාරී විදිහට ක්‍රියාකර තිබෙනවා. නීතිපතිවරයා අවශ්‍ය අනුමැතිය ගිවිසුමට ලබාදුන් බව 13වැනිදා ඉදිරිපත් කළ බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයාගේ කැබිනට් සංදේශයෙන් හෙළි කර තිබෙනවා. එහි සඳහන් වෙන්නේ නිව් පෝට්‍රස් සමාගමට කොටස් විකිණීම සම්බන්ධයෙන්. නමුත් දැන් තියෙන්නේ ශ්‍රී ලංකා පවර් හෝල්ඩිංස් කියලා අටවා ගත් සමාගමක්. නීතිපතිගේ අනුමැතිය මේ සමාගමට ලැබුණේ කොහොමද?

ගිවිසුමේ 04වැනි පිටුවට අනුව අනුබද්ධ සමාගම් ගැන සඳහන් වෙනවා. මේ අනුබද්ධ සමාගම් කියන්නේ කවුද? මේ අයට 50%ක් ලබා දී ඇති බව සඳහන් වෙනවා. 40%ක කොටස් ලබාගන්න ගිවිසුම අත්සන් කළා නම් මෙතන 50%ක් ගැන සඳහන් වෙන්නේ කොහොමද? අපිට පැහැදිලි වෙන්නේ තවත් කොටස් ලබාගන්න අපේක්‍ෂාවෙන් තමයි මේ ගිවිසුම අත්සන් කර තිබෙන්නේ. සේවක අර්ථසාධක අරමුදලේ කොටස් ලබාගන්න එක ඔවුන්ගේ මූලිකම ඉලක්කයක් බව පැහැදිලියි. මේ ගිවිසුම කැබිනට් මණ්ඩලයට හෝ පාර්ලිමේන්තුවට හංගලා අත්සන් කළේ ඇයි? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157වැනි වගන්තියේ සඳහන් වෙන්නේ අන්තර්ජාතික ගිවිසුම් හා සම්මුතීන් අත්සන් කිරීමට අදාළවයි. එයින් කියවෙන්නේ මොකක්ද? “ශ්‍රී ලංකා රජයේ නීතිය යටතේ සංස්ථාගත කරන ලද සංස්ථාවල, සමාගම්වල හෝ වෙනත් සංගම්වල ශ්‍රීලංකාව තුළ ආයෝජන වඩාලීම හා ආරක්‍ෂා කිරීම සඳහා ඇතිකරගත් ගිවිසුමක් හෝ සම්මුතියක් ජාතික ආර්ථික වර්ධනයට අත්‍යාවශ්‍ය වන්නක් බව මුළු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගෙන් 2/3කට වැඩිය ඡන්දය දී සම්මත කරගත්” යනුවෙන් සඳහන් වෙනවා. මේ ගිවිසුම සම්බන්ධයෙන් එහෙම සම්මත කරගෙන නැහැ. 2/3 ඡන්දයෙන් අනුමත කරගන්න ඕන ගිවිසුමකට ඊට පිටින් ක්‍රියා කිරීමෙන් ලංකාවේ නීතිය අනුව ක්‍රියාත්මක කරන්න බැහැ. නමුත් මේ ගිවිසුම ජාත්‍යන්තරව පිළිගත් නීති අනුගමනය කරන්න බැඳී සිටිනවා. ඒ සඳහා එංගලන්ත නීතිය, බේරුම්කරණයකට අවශ්‍ය තත්වයකදී සිංගප්පූරුව, එක්සත් ජාතීන්ගේ වෙළඳ කොමිසමේ කොන්දේසි වගේ දේවල් අදාළයි. නමුත් ශ්‍රී ලංකාවේ නීතිය අදාළ කරගෙන නැත්තේ හොර හිත නිසයි. ඒ කියන්නේ කොම්පැනිය ඒ ගොල්ලන්ගේ පැත්තෙන් වැඬේ හරියට කර ගත්තත් අපේ ආණ්ඩුවේ කට්ටිය ශ්‍රී ලංකාවේ නීතියෙන් මේ කොම්පැණිය නිදහස් කර තිබෙනවා.

තවත් පැත්තකින් ලංකාවේදී පෞද්ගලික හා වාණිජ නීතියට යටත් කරන ගිවිසුම මහා භාණ්ඩාගාරයේ ලේකම් අත්සන් කර තිබෙනවා. 16වැනි පිටුවේ ගිවිසුමේ දෙවැනි අදියරේ ගෑස් සැපයීමට පාවෙන ගබඩාව ඉදි කිරීම, නළ මාර්ග එළීම සහ ගබඩා කිරීම, යන සමස්ත ක්‍රියාවලිය ඇතුළත් බව කියනවා. ඒ අනුව එක ගිවිසුමකින් ශ්‍රී ලංකාවේ නීතියට පිටින් ආවරණය කරගෙන තිබෙනවා. ජනතාව සතු බලශක්ති අයිතිය මේ විදිහට විකුණා දමන්න අයිතිය දී තිබෙන්නේ කාටද? අපේ රටට පරංගි ඇවිත් ඉල්ලුවේ ගෙරිහං කඩක් එළා ගන්න ඉඩකඩක්. ඔවුන්ගේ යටි අරමුණ අපේ රජවරුන්ට තේරුණේ නැහැ. අන්තිමටම රාජධානියම ආවරණය කර ගත්තා. මේ ඇමතිවරු එදා පරංගි එන කාලයේ සිටියා නම් ඒ ගෙරිහංකඩ එළා ගැනීමත් අනුමත කරනවා. පරංගි එන කාලයේ හිටි අයගේ නූතන කට්ටිය තමයි අද ඉන්නේ. මේ ගිවිසුම් අනුමත කර තිබෙන්නේ ඇස් කණ් පියාගෙන. මේ බව රටේ ජනතාව තේරුම් ගන්න ඕනෑ.

අපි මේ හෙළිදරව් කරන්නේ මූලික කාරණා විතරයි. තවත් බරපතළ ප්‍රශ්න තිබෙනවා. ගෙරිහංකඩ එළා ගත්තාට පස්සේ අනුගමනය කරන ක්‍රියාමාර්ගවලට මූලික පදනම දැන් සකස්කරගෙන තිබෙනවා. ගෑස් සිලින්ඩර් පුපුරන්නේ නිකම්ම නෙවෙයි. විදුලිය කපන්නේ නිකම්ම නෙවෙයි. හන්දියක් ගානේ එල්.එන්.ජී. කඩ විවෘත කරන්න හැකියාව ලබාගන්නවා. අපේ රටේ මිනිස්සුන් හිතන්නේ ප්‍රශ්නය විසඳෙනවා නම් හොර ගිවිසුම් වුණත් කමක් නැහැ කියලා. හංදියක් ගානේ බවුසර් තියාගෙන ගෑස් විකුණන්න පුළුවන්. ඔවුන් ඒ වෙනුවෙන් ලංකාවට ඩොලර් ගේන්නේ නැහැ. අර්ථසාධක අරමුදලේ සල්ලි මේ විදිහට යොදාගන්න පුළුවන්. ඒ වගේම මේ කොම්පැනිය මන්නාරමේ ගෑස් නිධිය හාරන්නත් පටන් ගනියි. මේවා ඉදිරියේදී වියහැකි දේවල්. ඇමරිකානු මව්බිමට මේ සල්ලි ගෙනියලා ගිණුම් පුරවා ගන්න පුළුවන්. ලංකාව එල්.එන්.ජී.වලට මාරුවෙනකොට දැන් එල්.පී. ගෑස් සමාගම්වලට තැනක් නැති වෙනවා. ඔවුන් එල්.එන්.ජී. බිස්නස් එකට ලැහැස්ති වෙනවා. ගෑස් සම්බන්ධයෙන් අපේ කලාපයේ බංකරින් කරන්නේ සිංගප්පූරුව විතරයි. ලංකාවත් ඒ තත්වයට එන්නයි මේ ලැහැස්ති වෙන්නේ. හොර රහසේ ගිවිසුම් ගහලා හදාගන්නේ ඊට අදාළ පසුබිමයි. නිව් පෝට්‍රස් එනර්ජි කියන්නේ හොඳ කොම්පැනියක් නම් නම් ඒ අය එන්න ඕනෑ නීත්‍යානුකූල ආකාරයට.

නමුත් 13වැනිදා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයෙන් තවත් දෙයක් හෙළි වෙනවා. “අතිගරු මයිකල් ආර් පොම්පියෝ මහතාගේ නිල සංචාරයේදී ගෑස් වෙළඳාම් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව” සඳහන් කර තිබෙනවා. මයික් පොම්පියෝ හඳුන්වා දී තිබෙන්නේම “අතිගරු” කියලයි. ඇමරිකානු තානාපති මේකට සම්බන්ධ කරගෙන. මේ වගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මගින් ගිවිසුම් අත්සන් කරන්නේ පෞද්ගලික සහ වානිජ නීතිවලට යටත්වයි. ඇමරිකානු තානාපතිතුමියත් මේ කියන කරුණු ගැන අපේ රටේ ජනතාවට තමන්ගේ ස්ථාවරය කියන්න ඕනෑ. මේ කොම්පැනිය ලියාපදිංචි කර තිබෙන්නේ ඇමරිකාවේ ඩෙලවර් නගරයේ. ශ්‍රී ලංකා පවර් හෝල්ඩිං කියන කොම්පැණියේ වාර්ෂික බදු මුදල හැටියට සඳහන් කර තිබෙන්නේ ඩොලර් 300යි. එහෙනම් ඩොලර් 300ට සොච්චම් බද්දක් ගෙවන කොම්පැනියකට තමයි අපේ රටේ බලශක්තිය ගැන තීරණ ගැනීම් පවරා දෙන්න යන්නේ. ඩෙලවර් කියන්නේ හොරුන් ලියාපදිංචි කරන තිප්පොළක් වගේ නගරයක්. ලංකාවේ බදුවලින් මේ සමාගම නිදහස් කරන බව සඳහන් වෙනවා. මේ කොම්පැනිවල ඇමරිකානු අධ්‍යක්‍ෂ මණ්ඩලය කවුද කියලා මේ රටට හෙළි කරන්න ඕනෑ. පැනමා පත්‍රිකාවල හෙළිදරව් වුණු අයත් මෙතනම ලියාපදිංචි වෙලා තියෙනවා. පැන්ඩෝරාත් ඒ වගේ. ළමයෙක් ඉස්කෝලේ දා ගන්න පදිංචිය සහතික කරන තැන් තියෙනවා වගේ හොර බිස්නස්වලටත් වෙන් වෙච්ච තැන් ලෝකයේ තිබෙනවා. ඇමරිකානු එක්සත් ජනපදයේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ ගැන විශේෂයෙන් හොයනවා.

අපේ රටේ ආගමික නායකයින්ගෙන් අපි විශේෂ ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් සොයා බලා මැදිහත් වෙන්නේ කියලා. අනාගත පරම්පරාවේ බලශක්ති අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මේ තියෙන්නේ. දැනට නිහඬ කර තිබෙන කැබිනට් ඇමතිවරුන්ගේ හඬ අවදි කරන්න කියලා අපි ඉල්ලනවා. විශේෂයෙන්ම ඉදිරියේදී වැඩිපුර කරුණු මේ සම්බන්ධයෙන් හෙළි කරන්න බලාපොරොත්තු වෙනවා.”
-lankatruth
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකානු කොම්පැනියේ සාක්‍ෂිකරුවා ශ්‍රී ලංකා රජයේත් සාක්‍ෂිකරුවා වුණේ කොහොමද ? – ජවිපෙන් තවත් හෙළිදරව්වක්…
ඇමරිකානු කොම්පැනියේ සාක්‍ෂිකරුවා ශ්‍රී ලංකා රජයේත් සාක්‍ෂිකරුවා වුණේ කොහොමද ? – ජවිපෙන් තවත් හෙළිදරව්වක්…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh8BwxKM4uJdj7qOn_BsPhaz-9EvmmGBzmcMDe0YbjRR63E2O7NY46xQi6M68vK9Bgd96RZkBRwePCSJ5tmbU0BmYCSb5w1EAvqXbHv57MDvyPVUSWImaqgJPB6sHD0o_XXkflEiSO3bfB8YFaWuytoFHnq-oiliYr4zldkXkbH6rTcopYDSDoYDDiyrQ=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEh8BwxKM4uJdj7qOn_BsPhaz-9EvmmGBzmcMDe0YbjRR63E2O7NY46xQi6M68vK9Bgd96RZkBRwePCSJ5tmbU0BmYCSb5w1EAvqXbHv57MDvyPVUSWImaqgJPB6sHD0o_XXkflEiSO3bfB8YFaWuytoFHnq-oiliYr4zldkXkbH6rTcopYDSDoYDDiyrQ=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_454.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_454.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy