පි විතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උතය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය. ශ්‍රිල...
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උතය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
ශ්‍රිලනිප විසින් ගෝඨාභය මැතිතුමාට සහය ලබා දීමට නම් එතුමා පොහොට්ටුව වෙනුවට වෙනත් ලකුණකින් තරග කළ යුතු බවට කොන්දේසියක් ගෙනා බව මා මිත්‍ර දයාසිරි ජයසේකර මැතිතුමා පවසනවා.
ඇත්තෙන්ම රට මෙතරම් දරුණු අරබූදයක හිර වී සිටින විට දයාසිරි මන්ත්‍රිතුමා ලකුණක එල්ලී සිටීම ගැන අපි කම්පා වෙනවා. දේශප්‍රේමි පුළුල්තම සංධානය ගොඩ නැගීමේ වෑයම ලකුණක සිර කරන්න එපා කියලා අපි ශ්‍රිලනිපයෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ අද ජාතික ආරක්ෂාව බිංදුවට වැටිලා. ආරථිකය කඩා වැටිලා. මැතිවරණ පවත්වන්නේ නෑ. මහ බැංකුවේ සිට සෑම රාජ්‍ය ආයතනයක්ම දේශපාලකයෝ සහ ඔවුන් පත්කරගත් නිලධාරින් එකතු වෙලා මංකොල්ල කනවා. ජාතික සම්පත් කුණු කොල්ලයට නොරටුන්ට විකුණනවා. මේ මහ විනාශයෙන් රට බේරා ගන්න කියලා ජනතාව හඩා වැටෙනවා. මේ අතරේ දයාසිරි මන්ත්‍රිතුමා ලකුණක් ගැන කතා කරනවා. අද අපි කතා කළ යුත්තේ ලකුණක් ගැන ද එහෙම නැතිනම් රට බේරා ගන්න කළ යුතු දේ ගැන ද?
දයාසිරි මන්ත්‍රිතුමා පොහොට්ටුව ලකුණට එරෙහිව ඉදිරිපත් කරන තර්ක ඇත්තෙන්ම විහිළු සහගතයි. මුස්ලිම් විරෝධි නායකයෙක් විදිහට හැදින්වෙන නරේන්ද්‍ර මෝදි අගමැතිතුමාගේ ඡන්ද ලකුණ පොහොට්ටුවට සමීප නිසා මුස්ලිම් ඡන්ද පොහොට්ටුවට ගන්න බැරිලු. එතකොට 2015 දී මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෝදි කබාය ඇඳගෙන මුස්ලිම් ඡන්ද බුරුතු පිටින් ගත්තේ කොහොමද කියන එක දයාසිරි මන්ත්‍රිතුමා අපට පැහැදිලි කළ යුතුයි.
පොහොට්ටුව ලකුණ දරණ පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කර තිබෙනවා. අනෙකුත් පක්ෂ වලට තිබෙන්නේ ඒ අපේක්ෂකයාට සහය දෙනවා ද නැද්ද කියා තීරණය කිරීමටයි. එක්කෝ වෙනත් පක්ෂවලට සහය දෙන්න පුළුවන්. නැති නම් තමන්ගේම අපේක්ෂකයෙක් ඉදිරිපත්කරන්න පුලුවන්. එහෙම හැරුණුකොට ඔබේ ලකුණ වෙනස්කරන්න, මුහුණ වෙනස් කරන්න, අදින ඇදුම වෙනස් කරන්න කියමින් කොන්දේසි දැමීමේ අයිතියක් නෑ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙවර මැතිවරණයට ඉදිරිපත් කළ හැකි හොඳම අපේක්ෂකයා ලෙස අපි දකින බැවින් අපි එතුමාට සහය දක්වන්න තීරණය කළා. ශ්‍රිලනිපයත් ඒ තීරණය ගන්නේ නැතුව නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් සොයමින් සිටියොත් ඉතිහාසයේ කුණු බක්කියට ඇදගෙන වැටෙනවා.
ජනාධිපතිවරයා මැතිවරණයට ඉදිරිපත් වන පක්ෂය ජයග්‍රහණයෙන් පසු කිසිම වැදගත්කමක් නෑ. දැන් ජනාධිපති සිරිසේන මැතිතුමා මැතිවරණයට ඉදිරිපත් වුණේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ හංසයා ලකුණෙන්. ඒකයි කියලා ඒ පක්ෂයට දැන් ජනාධිපති පාලනය කරන්න පුළුවන් ද? බෑ. ඒ නිසා ජනාධිපතිවරනයකදී පක්ෂයවත් ලකුණවත් කිසිසේත්ම වැදගත් නැ. වැදගත් වන්නේ පුද්ගලයා, පුද්ගලයා, හා පුද්ගලයාම පමණයි. ඒ වගේම ප්‍රතිපත්තිත් වැදගත් වෙනවා. අනෙකුත් මැතිවරණ වල දී නම් තරග කරන පක්ෂය හරිම වැදගත්. ඒ නිසා ඉදිරි මැතිවරණ වලට තරග කරන්න ඕනෑ සංධානයක් හරහා පොදු ලකුණකින් කියන ස්ථාවරයේ අපිත් ඉන්නවා. ඒ නිසා ජනාධිපතිවරණයේ දී ජාතික අපේක්ෂක ගෝඨාභය මැතිතුමාට සහය දීලා ඉදිරි මැතිවරණ සංධානයකින් තරග කරමු කියලා අපි යෝජනා කරනවා.
– අරවින්ද අතුකෝරල

COMMENTS