දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේදාස රෙකෝඩ් කරනව කියල මම දන්නවා...මම කිව්වෙ එයාගෙ උගත්කම ගැන විතරයි - ජනපති
Homeප්‍රවෘත්ති

විජේදාස රෙකෝඩ් කරනව කියල මම දන්නවා...මම කිව්වෙ එයාගෙ උගත්කම ගැන විතරයි - ජනපති

PropellerAds

පසුගිය ඉරිදා ජනාධිපති කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට කළ දැනුම්දීමකින් කියැවුණේ සඳුදා (19දා) දිනය පුරාම ජනාධිපතිවරයා ජනාධිපති ...

ආරක්ෂක ලේකම් කමල්ට අපහාස කරපු නඩුව! චමුදිතට එරෙහිව වාරණ නියෝග දෙකක්!
2023දී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් හදන්න පුළුවන්ලු!
හැරිසන් ආණ්ඩුවට පැන්නේ කිරි හරක් වංචාවෙන් ගැලවෙන්නයි (VIDEO)
පසුගිය ඉරිදා ජනාධිපති කාර්යාලයෙන් ආණ්ඩුවේ සියලුම මැති ඇමැතිවරුන්ට කළ දැනුම්දීමකින් කියැවුණේ සඳුදා (19දා) දිනය පුරාම ජනාධිපතිවරයා ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳී සිටින බවත්, වේලාවක් වෙන්කර ගැනීමෙන් අනතුරුව ඕනෑම කෙනකුට පැමිණ ජනාධිපතිවරයා මුණගැසිය හැකි බවත්ය. එම දැනුම්දීමට අනුව පෙළක් මැති ඇමැතිවරුන් කෙළින්ම පැමිණ ජනාධිපතිවරයා හමුවී අලුත් අවුරුද්දට සුබ පතා කෙටි සාකච්ඡාවල නිරත වූ අතර ඇතැම් මැති ඇමැතිවරුන් දුරකතනවලින් ජනාධිපතිවරයාට කතාකොට අවුරුදු සුබපැතුම් එක්කළ ආකාරයක් දැකගත හැකි විය.

කෙසේ වෙතත් මෙම අවස්ථාව ජනාධිපතිවරයා ඒ වන විටත් රට ඇතුළේ උණුසුම්ව පැවැති විජේදාසගේ චෝ ද නාව පිළිබඳව සිය මතය එළියට දැමීමට අවස්ථාවක් කරගත් ආකාරයක් දැකගත හැකි විය.

ඒ හිටපු අමාත්‍යවරයකු පැමිණ තමන් සමඟ සාකච්ඡා කරන අතරවාරයේදීය. ඒ අනුව මෙම හිටපු අමාත්‍යරයා සාදරයෙන් පිළිගත් ජනාධිපතිවරයා ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව කෙළින්ම පිවිසියේ විජේදාසගේ මාතෘකාවටය.

බලන්න මම විජේදාසට පරුෂ වචනෙන් කතා කළා කියල එයා කියනවා.හැබැයි මම බැන්නෙ නෑ.මොකද මම දැනන් හිටිය එයා මේ කතාව රෙකෝඩ් කරනවා කියලා.ඒ හින්ද මම එයාට කතා කරල කිව්වෙ ඔබතුමා උගතෙක් කියනවා, ජනාධිපති නීතිඥවරයෙක් කියනවා ඉතින් එහෙම තියෙද්දි ඇයි මේ වගේ කතා කරන්නෙ කියලා.ඔබතුමා ඔය කියන කිසි දෙයක් පෝට් සිටිය ඇතුළෙ වෙන්න නෑ කියල මම එතුමට කිව්වා.

හැබැයි එතුම මට ලොකු කතා, පණ්ඩිත කතා කියාගෙන ආවා. ඒ වෙලාවෙ මම අනේ ඔබතුමාගෙ උගත්කම ගැන මට කියන්න එන්න එපා.මොකද ඒ ඔක්කොම ගැන සී.අයි.ඩී. එකේ පරීක්ෂණයක් කරල දුන්න වාර්තාවක් මගේ ළඟ තියෙනවා කියලා කිව්වා. මම ඒක කිව්ව විතරයි එයා කලබල වෙලා කෑගහන්න ගත්තා. ඕක තමයි එතැන වුණේ..යනුවෙන් එහිදී ජනාධිපතිවරයා එම හිටපු ඇමැතිවරයාට කියා සිටියේය.

මේ හිටපු අමාත්‍යවරයාද මීට දින කිහිපයකට ඉහතදී ආණ්ඩුව වි වේ ච නය කළ මන්ත්‍රිවරයකු වූ අතර, ඒ අවස්ථාවේ ජනාධිපතිවරයා ඔහුටද දුරකතන ඇමැතුමක් ලබාදුන් බව කියැවිණ.ඒ නිසා ජනාධිපතිවරයා මෙම හිටපු ඇමැතිවරයාටම විජේදාසගේ මේ කතාව කියා සිටියේ ඔහුට පණිවුඩයක් දීමටද, එසේත් නැතිනම් විජේදාස හා ජනාධිපතිවරයා අතර සිදුවුණු ඇත්ත කතාව රටට අනාවරණය කිරීමටද යන්න කියන්න දන්නේ නැත.මන්ද ඒ වන විටත් රට ඇතුළේ කියැවුණු කතාව වූයේ ජනාධිපතිවරයා විජේදාසට කතාකොට ප රු ෂ වචනෙන් බැන්නා යන කතාවය.

මෙදින දැකගැනීමට ලැබුණු අනෙකුත් විශේෂ සිදුවීම වූයේ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මැදුරේ පැවැති රැස්වීම වර්ජනය කළ විමල්, උදය යන දෙදෙනාම ජනාධිපතිවරයා කළ දැනුම්දීමට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ජනාධිපතිවරයාට අවුරුදු සුබපැතුම් එක්කිරීමට කටයුතු කිරීමය.

( මවුරට පුවත්පත )
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේදාස රෙකෝඩ් කරනව කියල මම දන්නවා...මම කිව්වෙ එයාගෙ උගත්කම ගැන විතරයි - ජනපති
විජේදාස රෙකෝඩ් කරනව කියල මම දන්නවා...මම කිව්වෙ එයාගෙ උගත්කම ගැන විතරයි - ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEJpQWsQCQN3BqyRF9vVoazQSoSk726ShAj6W-MjmhQfVlp4fa4Wh2WQAMoqrNZyhWHlbi6XDYckvYHkcfJaKNsKaZWMlAKC-biUen1-esZsLkq8g2LatYc-6jrBEKyhEnJqgvQzOs9kQ/s320/Gotabaya_wijedasa.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEJpQWsQCQN3BqyRF9vVoazQSoSk726ShAj6W-MjmhQfVlp4fa4Wh2WQAMoqrNZyhWHlbi6XDYckvYHkcfJaKNsKaZWMlAKC-biUen1-esZsLkq8g2LatYc-6jrBEKyhEnJqgvQzOs9kQ/s72-c/Gotabaya_wijedasa.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_475.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_475.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy