අ මාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැ...
අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා එක්කරගත් නව දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය ගැන පාර්ශව කිහිපයක් අතර සාකච්ඡා වෙමින් ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවේ දැක්වෙන්නේ පැවති යහපාලන රජයක් පිහිටුවීමට මූලිකත්වය ගත් සිවිල් සංවිධාන කිහිපයක් ද මෙම සාකච්ඡාවල සිටින බවයි.
එමෙන්ම කොළඹ කේන්ද්‍ර කරගත් ප්‍රධාන පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ද සඳහන් කර ඇත්තේ ඔවුන් දෙදෙනා එක්ව දේශපාලන ගමනක් යා යුතු බවයි.
කෙසේ වෙතත් මෙතෙක් මෙම දෙදෙනා මුණ ගැසී සාකච්ඡා කර නැති අතර නුදුරේම එම හමුව සිදු කිරීමට අදාළ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බව ද එම වාර්තාවේ සඳහන් වෙයි.

COMMENTS