දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රට ජාතිය වෙනුවෙන් තමුන්නාන්සේලා සමාව ගත යුතුයි... තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා... පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලාව ගෙදර යැව්වේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
Homeප්‍රවෘත්ති

රට ජාතිය වෙනුවෙන් තමුන්නාන්සේලා සමාව ගත යුතුයි... තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා... පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලාව ගෙදර යැව්වේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු

PropellerAds

අපි පක්ෂ නායක රැස්වීම් කමිටුවේ දී හදිසි ප්‍රශ්න දෙකකට තීන්දුවක් ගත්තා. ඒකෙන් තමයි අපේ කුමාරසිරි මැතිතුමාටත් මනුෂ නානායක්කාර මැතිතුමාටත් මේ...

පොලොන්නරුවේ පොහොට්ටු ලයිස්තුවට සිරිසේන එපා.. වෙනම තරග කර දිනාගනු - ඇමති රොෂාන්
පොහොට්ටුවට එක්වන්න මුස්තාෆා එයි.. ගන්න බෑ කියා පන්නා දමයි
ශ‍්‍රීලනිප පිරිසක් සජිත්ගේ නව සන්ධානයට එක්වෙයි
අපි පක්ෂ නායක රැස්වීම් කමිටුවේ දී හදිසි ප්‍රශ්න දෙකකට තීන්දුවක් ගත්තා. ඒකෙන් තමයි අපේ කුමාරසිරි මැතිතුමාටත් මනුෂ නානායක්කාර මැතිතුමාටත් මේ අවස්ථාව ලැබුණේ. මම කනගාටු වෙනවා මෙතුමා ඒ වෙලාවේ ඒක පාවිච්චි කරන්නේ නැතිව පාස්කු ප්‍රහාරය ගැන කරපු ප්‍රකාශය ගැන. ඒක හොඳයි. එතුමාට මම මතක් කරනවා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඇමතිතුමා අද ඇවිත් නැහැ. එතුමා ඇවිත් මේකට උත්තර දෙයි. පාස්කු ප්‍රහාරයේ පලමුවන බෝම්බය පත්තු වෙද්දී ඔබතුමා ෆේස්බූක් සටහනක් දැම්මා කියලා මම මතක් කරනවා. ඔබතුමා කිව්වා සාප වෙන්න කියලා. අපේ ආගමේ කවදාවත් සාප වෙන්න කියලා දෙවියන් වහන්සේ උගන්වලා නැහැ. මම හිතන්නේ බුදුරජානන් වහන්සේත් එහෙම උගන්නලා නැහැ කියලා. ඔබතුමා සාප වෙනවා කියලා කිව්වොත් සාප වෙන්නේ ඔබතුමන්ලාටම තමයි. හේතුව ඔබතුමන්ලාගේ ආණ්ඩුව කාලේ තමයි මේ බෝම්බය පිපුරුණේ. මාස හයක් ඔබතුමන්ලාගේ ආණ්ඩු බලයක් තිබුණා. ඒ බෝම්බයේ පිපුරුන වෙලාවෙදි රාජිත සේනාරත්න, ජෝන් අමරතුංග වැනි මැති ඇමතිවරු මිනිස්සු මැරුනහම මාධ්‍ය සාකච්ඡා තියලා හිනා උනා. එහෙම හිනා වුන  ආණ්ඩුවක් තමයි එදා තිබුණේ. ඔබතුමාට එදා ආත්ම ශක්තියක් තිබුණෙ නැහැ ආණ්ඩු පක්ෂය ඉඳගෙන ඒකට විරුද්ධව කතා කරන්න. හැබැයි පෙස්ටස් පෙරේරා ඇමතිතුමාගේ පුතා එදා ඒ ගැන කිව්වා ඒ පැත්තේ ඉදන්. ඒ නිසා පොඩි ගෞරවයක් එතුමා ගැන තියෙනවා. එතුමා එදා දැරුවේ අද දරන මතයට නෙවෙයි. නමුත් මාස හතක් තිබිලා තමුන්නාන්සේලා මොනවද කිව්වෙ. මාස හතක ආණ්ඩුවක් තිබිලා තමුන්නාන්සේලා පොල් ගෑවද. සාප කෙරුවෙ තමුන්නාන්සේලාටමයි. තමුන්නාන්සේලාගේ පක්ෂය විනාශ වුණා. තමුන්නාන්සේලා කියනවා පාස්කු ප්‍රහාරය නිසා වාසියක් වුණා කියලා. පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලා ගෙදර යවන්න ප්‍රාදේශීය සභා ඡන්දෙදි ඡන්දෙ දුන්නෙ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුනෙ නැත්නම් එදා තමයි තමුන්නාන්සේලා ගෙදර යන්නේ. පාස්කු ප්‍රහාරය අපි කිසිසේත් පාවිච්චි කෙරුවෙ නැහැ. අපි කවදාවත් ආගම ඉස්සරහට දාගෙන දේශපාලනය කරන්න ගියේ නැහැ. පෙස්ටස් පෙරේරා ඇමතිතුමාගේ පුතා මා එක්ක ඒකට සාක්ෂි දරයි. අපි කවදාවත් පල්ලියක් ඇතුලෙ දේශපාලනය කරන්නෙත් නැහැ. අපි පල්ලියක් ඇතුලේ මනාපයක්වත් ඉල්ලලා නැහැ කවදාවත්. ඒකට කාවින්ද මන්ත්‍රීතුමත් මාත් සමග මේකට එකග වෙයි.

 මම මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමාට කියනවා මේක දේශපාලනයකට හරව ගන්න එපා කියලා. මේකෙන් කාලකන්නි සතුටක් ලබන්න  එපා. මේ රටේ අහිංසක මිනිස්සු මැරුණා. මුළු රටේම ආරක්ෂාව විනාශ වුණා. තමුන්නාන්සේලා එදා කිව්වේ ජාතික සංහිඳියාව හදනවා කියලා. ඔබතුමාලා සංහිඳියාවක් හැදුවේ නැහැ. මේ මුස්ලිම්, දෙමළ, බෞද්ධ, කතෝලික ජනතාව බලය තියාගන්න ඕන නිසා බෙදා වෙන්කලේ තමුන්නාන්සේලයි. තමුන්නාන්සේලා සමුළු තිබ්බේ අම්පාරේ.  මම මේවා කතාකරන්න බලාපොරොත්තු වුණේ නෑ. ඔබතුමා කියපු නිසයි මම මේවා අද කියන්නේ. අද තමුන්නාන්සේලා බැනර් තිහක් හතළිහක් අල්ලගෙන මොනවද කලේ. අපි ඒ බැනර් ගිහින් බැලුවා ඔබතුමන්ලා මොනවද ඒවායේ ලියලා තියෙන්නේ කියලා. අපි ලෑස්ති උනේ තමුන්නාන්සේලා ලෑස්ති වුණ නිසායි. අපි ආණ්ඩුවක් හැටියට අපේ ජනාධිපතිතුමා ඉතා ප්‍රජාතන්ත්‍රවාදී. ඔබ තමුන්නාන්සේලා මේක හරවන්න හදන්නේ ජනාධිපති දිනුවේ මේ පාස්කු ප්‍රහාරය නිසා කියලා. හරීන් ගේන්න හදපු මතය තමයි ජනාධිපතිතුමා විසින් මේක කරපු දෙයක් කියලා. ඔබතුමා කිව්වා ජනාධිපතිතුමා විජේදාස රාජපක්ෂ මහත්තයට දුරකථන  ඇමතුමක් දුන්නා වගේ කාදිනල් හිමිපාණන්ටත් දුරකථන  ඇමතුමක් දීලද දන්නේ නැහැ කියලා. ඒ මතය ගේන්න තමයි ඔබතුමා හැදුවේ. මතක තියාගන්න එහෙම වැඩ කරන ජනාධිපති කෙනෙක් නොවෙයි අද අපිට ඉන්නේ කියලා. අපියි අපේ පසුපෙළයි කියන්නේ ජනාධිපතිතුමා ප්‍රජාතන්ත්‍රවාදී වැඩියි කියලා. නැත්නම් තමුන්නාන්සේලා ගෙන් භාගයක් ඉන්නේ හිරගෙදර. ඒ කරපු හොරකම්, මේ රටට කරපු විනාශය නිසා තමයි ගෙදර යන්න සිද්ධ වුණා. 

ඒ නිසා ඔබතුමාගේ කටින්ම සාප වෙන්න කියලා කියපු එක හොඳයි. ඒ සාපේ තමුන්නාන්සේලාට ම වැදිලා ඉවරයි. තවදුරටත් මේ රටේ මිනිස්සු මැරුණ ඒවා විකුණගෙන කන්න හදන්න එපා. මේ පරීක්ෂණ සේරම විනාශ කරන්නේ තමුන්නාන්සේලා. පරීක්ෂණ සියල්ල හරියට වෙන්න ඕන නම් CID යට ගිහිල්ලා කට උත්තර දෙන්න. පැමිණිලි කරන්න. හොයන්න. කියන්න දන්න ඒවා සියල්ල කියලා උදව් කරන්න. ඒකයි මනුස්සකම. මේකේ දේශපාලනය කරන්න එපා කියලා මම ආදරෙන් ඉල්ලනවා. ඒ මැරිච්ච මිනිස්සුන්ගේ දරුවෝ අනාථ වෙලා. ගෙවල් හදලා දීල තිබුණේ නැහැ. කාදිනල් හිමිපාණන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා සමග ගෙවල් ප්‍රශ්න ටික සේරම විසඳුවා. ඒ ප්‍රශ්න වත් එදා විසඳලා තිබුණේ නැහැ. ඔබතුමාට ඇඟිල්ල දික් කරන්නැහැ. ඒවා කරන්න පුළුවන් නායකයෝ එදා හිටියෙ නැහැ. ඒ වගේ අපරාධයක් කිසිම මනුස්සයෙකුට වෙන්න එපා කියලා අපි කියනවා.

තමුන්නාන්සේලා හිනා උනා. මේ රට ජාතිය වෙනුවෙන් තමුන්නාන්සේලා සමාව ගත යුතුයි. තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා. අපි ඔක්කොම අද ශෝකය ප්‍රකාශ කරන්නේ වැදගත් විදිහටයි. පෝස්ටර් ගෙනත් කළු ඇදගෙන හරීන් ප්‍රනාන්දුලාගේ ලණු කාලා තමයි අද ඉන්නේ. කළු ඇදගෙන එනකොට අපි දැක්කේ සහරාන්ලා එනවා වගේ. මේ ආකාරයෙන් මඩ ගහන්න එපා කියලා ඔබ තමුන්නාන්සේලා ගෙන් මා ඉල්ලා සිටිනවා.

දැන් අර බොස් මේ බොස් කිය කිය මොනවද මේ කියන කතන්දර. සීඅයිඩීයට මේ පරීක්ෂණ ඔක්කොම ස්වාධීනව කරන්න අවස්ථාව ලැබුණේ ගෝඨාභය මැතිතුමා ජනාධිපති උන නිසයි. අද බුද්ධි අංශ ජනාධිපති කොමිසමට ඇවිත් බය නැතිව උත්තර දෙනවා. තමුන්නාන්සේලාගේ කාලයේදී බුද්ධි අංශ එහෙම උත්තර දුන්නේ නැහැ. බුද්ධි අංශය අය  හිරයට දාපු ඒකයි තමුන්නාන්සේලා කෙරුවෙ.

අද ප්‍රේමදාස මහත්තයාගේ කණ්ඩායම තුට්ටු දෙකේ දේශපාලනයට වැටිල තියෙන්නේ. හරීන් ගිහින් මන්ත්‍රීවරුන්ට ගහන්න හදනවා. ඡන්දෙ ඉල්ලා ගන්න බැරුව බදුල්ලෙන් පැනලා ආවා. ඇවිත් කාවින්ද මන්ත්‍රීතුමාගේ වීඩියෝ එකක් දාලා එරාජ්ගේ නංගිට යවලා මඩ ගැහුවා. ජයලත් ජයවර්ධන කියන්නේ ගම්පහ හිටපු පතාක යෝධයෙක්. අපි මේවට ඔලුව නවන්න සූදානම් නැහැ. අපි මේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරනවා.

මේක පමා වුණේ නීතිපතිතුමා ඉල්ලීමක් කෙරුවා ජනාධිපති කොමිසම ක්‍රියාත්මක වන නිසා නඩු දාන්න ඉක්මන් වෙන්න එපා. එහෙම උනොත් සමහර අයට මේකෙන් ගලවෙන්න පුළුවන් වෙයි. ඒ නිසා සියළුම දේවල් ඉවර උනාට පස්සේ නඩු දාන්න කියලා. ආව ගමන් සී.අයි.ඩි.යට, ටී.අයි.ඩී.යට, නීතිපතිතුමාට දවස් 22ක් යන්න ඉස්සල්ලා සිංහල පරිවර්ථනය ලබා දුන්නා.

එදා තමුන්නාන්සේලා කරන්න හැදුවේ පාර්ලිමේන්තුවේ කාරක සභාවක් පත් කරලා මේ වෙච්ච දේ වහන්න හදපු එකයි. අද තමුන්නාන්සේලා කරන්න හදන්නේ පරීක්ෂණ වලින් වැරදිකරුවන් බවට ඔප්පු උන අයට නඩු දාන්න හදනකොට තමුන්ගේ ගෝලබාලයෝ ටික බේරගන්න හදපු එක. වැරදි තැනකට මේක ගෙනියන්න හදනවා. ඉදිරියේදී මේවා එළිවෙයි. අපි බොහොම ප්‍රජාතන්ත්‍රවාදී  විදිහට කටයුතු කරනවා. කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැති රාජ්‍ය නායකයෙක් අද අපිට ලැබිලා තියෙන්නේ. දැන් විපක්ෂය ඒත්තු ගන්වන්න හදන්නේ කැලෑ නීතිය ක්‍රියාත්මක කරන රාජ්‍ය නායකයෙක් ඇවිල්ලා කියන එක. බොරු කියන්න උපන් හපන්කම් ඇති නියම බඩු ටිකක් තමයි විපක්ෂයේ ඉන්නේ. පක්ෂය විනාශ වෙලා ගිය විපක්ෂයක් තමයි අද තියෙන්නේ. දැන්වත් ඔලුව පාවිච්චි කරන්න කියලා මම ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා.  

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රට ජාතිය වෙනුවෙන් තමුන්නාන්සේලා සමාව ගත යුතුයි... තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා... පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලාව ගෙදර යැව්වේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
රට ජාතිය වෙනුවෙන් තමුන්නාන්සේලා සමාව ගත යුතුයි... තුට්ටු දෙකේ දේශපාලනයට වැටෙන්න එපා... පාස්කු ප්‍රහාරයට කලින් තමයි අපේ රටේ ජනතාව තමුන්නාන්සේලාව ගෙදර යැව්වේ - අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTU45mhZXaWH0Ctdi6vya9yNZ98w3PkOAL6wI-sHVs8qdb15G_J40aKoHXSj-4Grh-mIU3JWVAwB8gf7JJpONSRgPczyFDupe4rh8-PvC7x3yA63yLc5ffd_mQpAsSpxfSDkOgzJHkuoM/s320/JohnstonFernando.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTU45mhZXaWH0Ctdi6vya9yNZ98w3PkOAL6wI-sHVs8qdb15G_J40aKoHXSj-4Grh-mIU3JWVAwB8gf7JJpONSRgPczyFDupe4rh8-PvC7x3yA63yLc5ffd_mQpAsSpxfSDkOgzJHkuoM/s72-c/JohnstonFernando.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_371.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_371.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy