දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දින කිහිපයකට අවශ්‍ය දෑ එක්රැස් කර ගන්න.. ඕනෑම මොහොතක ලොක්ඩවුන් - හමුදාපති දැනුම් දේ !
Homeප්‍රවෘත්ති

දින කිහිපයකට අවශ්‍ය දෑ එක්රැස් කර ගන්න.. ඕනෑම මොහොතක ලොක්ඩවුන් - හමුදාපති දැනුම් දේ !

PropellerAds

රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර ...

බදියුදීන්ට විරුද්දව පොලිස් මූලස්ථානයට සාක්‍ෂි සහිතව පැමිණිලි කල බරපතල චෝදනා 16 මෙන්න
Decision
ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කල සතොස වාහනවල GPS වාර්තා විමල් හෙළි කරයි !
රටේ පවතින වාතාවරණය අනුව කුමන ප්‍ර දෙශය ඉදිරියේදී හුදෙකලා කිරීමට සිදුවේදැයි නොදන්නා බවත් හැකි සෑම අවස්ථාවකදීම දින කිහිපයකට සරිලන දේ රැස්කර තබා ගැනීම වැදගත් බවත් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.

“රටේ තිබෙන තත්ත්වය හැටියට කොයි ප්‍රදේශය හුදෙකලා කරන්න වෙයිද කියන දේ අපි කවුරුත්ම දන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ හඳුනා ගන්නා රෝගීන් සහ ආශ්‍රිතයින් ප්‍රමාණය අනුවයි.

ඒ නිසා අපි ඕනම දේකට සූදානමින් සිටීම ඉතා වැදගත්. ඒ නිසා මම කියනවා ඔබට හැකි විදිහට හැම වෙලාවකදිම දිනකීපයකට සරිලන දෑ රැස්කරගෙන සූදානමින් සිටීම හොඳයි කියන දේ. අපිට රටේ ජනතාව බොරුවට බියට පත් කරන්නවත් තිබෙන තත්ත්වය සඟවන්නවත් අවශ්‍යය නැහැ.” යැයි යුද හමුදාපතිවරයා කීවේය.

“ඒ වගේම මේ වෙද්දි රාජ්‍ය ආයතනවල ප්‍රධානියාට වගකීම භාර දීලා තියෙනවා සැම ආයතනයකම සේවකයින් උපරිම ධාරිතාවෙන් සේවයට කැඳවන්නේ නැතිව කාර්යාලය තුළ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූළව පත්වාගත හැකි පරිදි සේවකයින් කැඳවන්න කියලා. හමුදාවේ අපි කරන්නේ තුනෙන් එකක් සේවයට කැඳවලා ඉතිරි තුනෙන් දෙක නිවාඩු සහ නිරෝධායනයට යොමු කිරීම”යැයි යුද්ධ හමුදාධිපතිවරයා කීවේය.

රටේ පවතින වාතාවරණය අනුව ඉදිරියේදී රෝගීන් සංඛ්‍යාව ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස තවත් ස්ථාන සූදානම් කිරීමට යුද්ධ හමුදාව සූදානම් බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

“අද (28) වෙනකොට ගත වූ පැය 24 තුළ ආසාදිතයින් 1111 ක් වාර්තාවුණා. ඊට අමතරව තවත් කොවිඩ් මරණ 08 ක් සමඟින් සමස්ත කෙවිඩ් මරණ සංඛ්‍යාව 655 දක්වා ඉහළ ගියා. එක්ලක්ෂ තුන්දහස් හාරසිය අසූ හයක් වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාවෙන් මේවන විට කොඩිඩ් ආසාදිතයින් හත්දහස් නවසිය හැත්තෑ පස් දෙනෙකු තවමත් ප්‍රතිකාර ලබමින් ඉන්නවා.

අපි ඊයේ දිනයේත් සාකච්ඡා කළා ආසාදිතයින්ට ප්‍රතිකාර ලබා දෙන ස්ථාන සම්බන්ධයෙන්. ඉදිරියේ දී රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් අවශ්‍ය පරිදි කොවිඩ් වෛරසයට ප්‍රතිකාර මධ්‍යස්ථාන තවත් ස්ථාන සූදානම් කරන්න යුද්ධ හමුදාව සූදානම්. හමුවන සියලුම ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීමට අවශ්‍ය පියවර ගැනීමට ජනාධිපතිතුමන් උපදෙස් ලබා දී තිබෙනවා.

දැඩිසත්කාර ඇඳන් සහ අනෙකුත් ඇඳන් සංඛ්‍යාව ධාරිතාව ඉහළ නැංවීම ගැනත් ඒ සඳහා යොදාගන්නා රෝහල් මොනවාද කියන කාරණයත් අපි කතිකා කළා. රෝගීන් දවසට දහසක් නෙවේ දෙසහසක් වාර්තා වුණත් ඔවුන් රැකබලා ගන්නා ආකාරය පිළිබඳව අපි සෞඛ්‍ය ප්‍රවීණයින් සමඟ සාකච්ඡා කළා. පහුගිය දවසක වැල්ලවායේ රෝගීන් හමුවුණු අවස්ථාවේ අපි හමුදාවේ ස්ථානයක් දියතලාවේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළා. අපිට මොන අභියෝග ආවත් මොන රැලි ආවත් අපි පරදින ජාතියක් නෙවේ. අපි අනිවාර්යෙන්ම ජාතියක් විදිහට නැඟිටිනවා. මම සෞඛ්‍ය අංශවලට දැනුම් දුන්නා රෝහල්වලට අවශ්‍ය නම් තවත් ඇඳන් දසදහසක් හරි ලබා දෙන්න යුද්ධ හමුදාව සූදානම් කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ලංකාවේ සුවිශේෂීම වෛද්‍ය අංශයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ත්‍රිවිධ හමුදාව සතුයි. අපි සූදානම් ඕනෑම හදිසි අවස්ථාවකදී පුහුණුව ලැබූ විනයගරුක මානව සම්පත මේ කටයුතු වෙනුවෙන් යොදවන්න‍. මේ වාතාවරණයේ දී රටේ ජනතාව ආරක්ෂා කිරීම උදෙසා කළ යුතු සෑම දෙයක්ම කරන්න යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සූදානම්.

රටේ ජනතාවගෙන් අපි ඉතාම කාරුණිකව ඉල්ලනවා මේ රටේ නිල ආයතනවලින් නිකුත් කරනු ලබන තොරුතුරුවලට පමණක් අවධානය යොමු කරන්න කියලා. මොකද මේ වෙනකොට විවිධ පිරිස් ආයෙත් තමන්ගේ පුද්ගලික න්‍යාය පත්‍ර ජයග්‍රහණය කරන්න විවිධ අසත්‍යය තොරතුරු පතුරවා හරිනවා.

අපේ රටේ රෝගීන් සඳහා වන ඔක්සිජන් අවශ්‍යතාවය පිළිබඳ මම පුද්ගලිකව පැය 12කට සැරයක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගෙන් අහනවා තොරතුරු ලබා ගන්නවා. ලංකාවට රෝගීන් සඳහා ලබා දෙන ඔක්සිජන් සපයන ආයතන අපිට කියනවා දැනට අවශ්‍ය පරිදි ඔක්සිජන් සංචිත තියෙනවා කියලා.”

– ADA
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දින කිහිපයකට අවශ්‍ය දෑ එක්රැස් කර ගන්න.. ඕනෑම මොහොතක ලොක්ඩවුන් - හමුදාපති දැනුම් දේ !
දින කිහිපයකට අවශ්‍ය දෑ එක්රැස් කර ගන්න.. ඕනෑම මොහොතක ලොක්ඩවුන් - හමුදාපති දැනුම් දේ !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLrb2a3OeYL4_CxWv4imUstnpIjx3eUGvyLnmjWUSYkiuCF1mgojmhyrgttBiqQkLgcXn9XBJW2hRFVII_DeDVnDCEi4fBizg_V3D7KuHWVN73iazCexnQn2So0K60XC3FtWy8nBZPBTI/s320/shavendra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgLrb2a3OeYL4_CxWv4imUstnpIjx3eUGvyLnmjWUSYkiuCF1mgojmhyrgttBiqQkLgcXn9XBJW2hRFVII_DeDVnDCEi4fBizg_V3D7KuHWVN73iazCexnQn2So0K60XC3FtWy8nBZPBTI/s72-c/shavendra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_184.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_184.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy