දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කල සතොස වාහනවල GPS වාර්තා විමල් හෙළි කරයි !
Homeප්‍රවෘත්ති

ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කල සතොස වාහනවල GPS වාර්තා විමල් හෙළි කරයි !

PropellerAds

ස තොස ආයතනයේ කීර්තිනාමයට හානි කළේ තමා ද එසේ නැතහොත් සතොස සිය පාලනය යටතේ තිබියදී එහි ගබඩා තුළින් කුඩු තොග හමුවන තත්වයකට පත් කළ රිෂාඞ් බදියුද...

කොරෝනා පසු කම්පන එයි.. රට පුරා ඖෂධ දැඩි හිගයක් !
නාවික හමුදාව ඇල්ලූ ඉතිහාසයේ විශාලම මත්ද්‍රව්‍ය තොගය ‘දුමින්දගේ සගයාගේ’ සොහොයුරාත් හවුල්
එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව සම්මතයි
තොස ආයතනයේ කීර්තිනාමයට හානි කළේ තමා ද එසේ නැතහොත් සතොස සිය පාලනය යටතේ තිබියදී එහි ගබඩා තුළින් කුඩු තොග හමුවන තත්වයකට පත් කළ රිෂාඞ් බදියුදීන් හිටපු ඇමතිවරයාදැයි ප්‍රශ්න කරන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, තමාට පැවරූ නඩුවේදී රිෂාඞ්ගේ සියලු සතොස දූෂණ අක්‍රමිකතා පෙන්වා දෙන තෙක් එහි වාහන වහාබ්වාදී අන්තවාදීන් භාවිත කළ බව සනාථ කරන GPS වාර්තා දෙකක් මාධ්‍ය හමුවේ තැබුවේය.
වහාබ්වාදී අන්තවාදීන් භාවිතා කර ඇති බවට අපරාධ පරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ආරක්‍ෂක අමාත්‍යාංශයේ අදාළ අංශය සොයා ගෙන ඇති සතොස වාහන අතර PI-2961, PI-2962, PI-2963 හා PI-2882 යන වාහන ද වන බව විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ කරුණු ඉදිරිපත් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා මෙසේද පැවසුවේය.

“අපි කරුණු කිහිපයක් ඔබ හමුවේ අවධාරණය කරන්නයි මෙම මාධ්‍ය හමුව කැඳවූයේ. වහාබ්වාදී ත්‍රස්තවාදීන්ට සතොස වාහන ලබාදී ඇති බවට අප කළ අනාවරණය හේතු කොටගෙන එම ආයතනයේ කීර්තිනාමයට සිදු වූ හානියට රුපියල් බිලියනයක පමණ වන්දියක් ඉල්ලා නඩු පවරන බවට ප්‍රවෘත්ති පළ වී තිබෙනවා. ඇත්තෙන්ම සතොස කීර්තිනාමයට හානි වූයේ කවදා ද? ඔබට මතක ඇති සතොස කන්ටේනර් තුළ තිබී කුඩු තොග ගණනින් හමු වූ අවස්ථාව. මේවා සිදු වූයේ සතොස ආයතනය රිෂාඞ් බදියුදීන් ඇමතිවරයා යටතට පත්වූ පසුවයි. සතොස කීර්තිනාමයට හානි වූයේ එම අවස්ථාවේදීයි. එවිට නඩු පැවරීමක් නොවූයේ ‘නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ’ නිසා ද? ලොව මත්ද්‍රව්‍ය ජාවාරම සහ වහබ්වාදී ත්‍රස්තවාදය එකට බැඳී යන ඒවායි. ‘ගර්භාෂ යුද්ධය’, මත්ද්‍රව්‍ය ජාවාරම සහ වහාබ්වාදී ත්‍රස්තවාදය අතර තිබෙන සබඳතාව මේ පිළිබඳව අධ්‍යයනය කළ පිරිස් හොඳින් දන්නවා.

‘එක සාක්‍ෂියක්’

අපි රිෂාඞ් බදියුදීන් ඇමතිවරයාට කියනවා, ‘අධිකරණයේදී හමුවෙමු. එහිදී අපි සතොස වාහන වහාබ්වාදීන් විසින් භාවිතා කිරීම පමණක් නොවෙයි, තවත් බොහෝ කරුණු ඔප්පු කර පෙන්වන්නම්. එදාට සතොස කීර්තිනාමයට හානි කළේ කවුද, කියා මේ රටේ ජනතාව තවදුරටත් තේරුම් ගනිවි’ කියා. අද දින මීට අදාළව එක සාක්‍ෂියක් පමණක් ඉදිරිපත් කරන්නම්. සතොස ආයතනය සතු PI-2961, PI-2962, PI-2963, PI-2882 වාහන පිළිබඳ බොහෝ තොරතුරු අප සතුව තිබෙනවා.

PI -2963 වාහනයේ GPS වාර්තාවක් මා ඔබට ඉදිරිපත් කරන්නම්. ‘කොළඹින් ගමන් ආරම්භ කරනවා. වැඩි වෙලාවක් නතරව ඉන්නේ සයින්දමරුදු, මඩකලපුව ආදී ප්‍රදේශවල. ඉන් පසුව මන්නාරමට ගිහින් බොහෝ කාලයකට පසුව තමයි මේ වාහනය කොළඹට එන්නේ.’ (වාර්තාව මාධ්‍ය වෙත ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි) මේ වාර්තාව අප ඔබ වෙත විද්‍යුත් තැපැල් මාර්ගයෙන් හෝ CD තැටි මාර්ගයෙන් ලබා දෙන්නම්. ඉහත සියලු වාහනවල GPS වාර්තා අපරාධ විමර්ශන අංශය විසින් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යාංශයේ විෂය භාර කොට්ඨාසය තුළ ද මේ සියලු තොරතුරු තිබෙනවා. පොලිස් අපරාධ විමර්ශන අංශය (CID) මේවා පිළිබඳ දන්නවා. සතොස හා GPS සේවා සපයන ආයතන වෙතින් මේ සියලු කරුණු ගැන ප්‍රශ්න කරපු CIDය දැන් කිසිත් නොදන්නා බබ්බු වගේ ඉන්නවා. රිෂාඞ් බදියුදීන්ව ආරක්‍ෂා කරනවා. ඒ නිසා CID පරික්‍ෂණ ගැන අපට කිසිසේත්ම සෑහීමකට පත් වීමට බැහැ.

‘අසරණ චේතන’

සතොස ආයතනයේ වාහන නිකුත් කිරීම භාර නිලධාරියා චේතන නැමැත්තෙක්. ඔහු තමයි ඉහත වාහන අන්තවාදීන්ට නිකුත් කර තිබෙන්නේ. ඔහු අසරණ තත්වයකට පත් කරලා රිෂාඞ් බදියුදීන්ලා වැඩ කරවාගෙන තිබෙනවා. වාහන ලබා ගන්නා විට ‘කොහේද යන්නේ? කවද්ද ආපසු එන්නේ?’ යන ප්‍රශ්නවලට ඉහත වාහන පාවිච්චි කළ පිරිස් කිසි විටක පිළිතුරු ලබා දී නැහැ. මේ වන විට ඉහත කී එක් වාහනයක ඨඡී උපකරණ ගලවා දමා තිබෙනවා. ඒ වාහනය දැන් තිබෙන්නේ කොහේද, කියා සතොස ආයතනය දන්නේ නැහැ. නඩු දැමිය යුත්තේ අපට ද? සතොස වාහන අවභාවිතා කළ රිෂාඞ් ඇතුළු ගෝලයන්ට ද? අපේ ආණ්ඩුවක් යටතේ තම රාජකාරිමය වගකීම නිසි පරිදි ඉටු නොකළ චේතන නැමැත්තා නීතිය ඉදිරියට ගෙන එන බව මේ අවස්ථාවේදී සිහිපත් කරනවා.

‘වනාතවිල්ලුවේ හිටපු ගෝලයෝ’

මාවනැල්ලේ බුදු පිළිම කැඩූ අන්තවාදීන් සැඟව සිටි වනාතවිල්ලුව කඳවුර තුළ පුහුණු වූයේ කාගේ ගෝලයන් ද? එය පවත්වා ගෙන ගිය පුත්තලම පළාත් පාලන ආයතනයක විපක්‍ෂ නායකවරයා කාගේ ගෝලයෙක් ද? අරාබි රටවල සල්ලිවලට කෑදරකමින් වහාබ්වාදය පතුරුවා හැරීමේ දේශපාලන කොන්ත්‍රාත්තුව භාරගෙන ඒ සල්ලි පොදි ගහපු පාපතරයා කවුද? ශ්‍රී ලංකාවේ වහාබ්වාදී අන්තවාදය පතුරුවා හැරිය දේශපාලන ගුරුවරයා රිෂාඞ් බදියුදීන් නොවෙයි නම් වෙන කවුද?

‘රිෂාඞ් ශුද්ධවන්තයකු කරන්න මාසයක්’

තමන් ලබා ගත්තු ඇමතිකම යොදා ගෙන ත්‍රස්තවාදීන් බිහි කරපු දේශපාලකයන් රොත්තක් කරපු දේවල් පිළිබඳව මාසයකින් සොයා බලා අවසන් කිරීමට අපේ ආරක්‍ෂක අංශවලට බැහැ. මාසෙකින් සියලු පව් සෝදා ගෙන ආයෙත් ඇමතිකම් අරගෙන වහාබ්වාදී ත්‍රස්තවාදය පෝෂණය කරන්නයි මේ නොමිනිසුන් උත්සාහ කරන්නේ. මේ රට ලේ විලක් වෙනවාට විරුද්ධ පිරිස් ඊට කිසිසේත්ම ඉඩ නොදිය යුතුයි. ‘ක්‍ෂණික නූඞ්ල්ස්’ හදනවා වගේ මාසෙකින් වැඩ අවසන් කරන්න අපේ රහස් පොලිසිය ඩිජිටල් යුනිට් එකක් ද? මෙයාලාට විරුද්ධව පැමිණිලි කිරීමට කාලයක් දුන්නා. දැන් ඉදිරියේදී කියාවි ‘ඒවා සියල්ල බොරු’ කියලා. මේ ඇමති ටික ඊළඟට ශුද්ධාවන්තයන් ලෙස ඇමති පුටුවල වාඩි වේවි. රිෂාඞ් බදියුදීන් දැන් තොත්ත බබෙකු වෙන්න හැදුවාට ඔහු වගකිව යුතුයි පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ගේ ජීවිතවලට.

‘සාෆි – රිෂාඞ් සම්බන්ධය’

දැන් බලන්න අර කුරුණෑගල රෝහලේ ගර්භාෂ යුද්ධය කරපු වෛද්‍යවරයා කාගේ ගෝලයෙක් ද? ඔහු එජාපයෙන් මහ මැතිවරණයට තරග වැඳුණේ රිෂාඞ් බදියුදීන්ගේ හයිය ඇතිව. එයා රිෂාඞ්ගේ හොඳම ගෝලයෙක්. ඡන්දයෙන් පැරදුනු පසුව යළි කුරුණෑගල රෝහලට ආවේ රිෂාඞ්ගේ දේශපාලන බලයෙන්. මේ සියලු කරුණු අනාවරණය වී තිබියදී ආණ්ඩුව රිෂාඞ් බදියුදීන් ඇමැති ‘පාපතරයා’ රකිනවා. රිෂාඞ් බදියුදීන් රකින මේ ආණ්ඩුව පාස්කු දින ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි.

‘රෙදි විතරක් නොවෙයි අමුඩ කෙටිත්…’

මේ ආණ්ඩුව මේ විදියට රිෂාඞ් රකින ගමන් තේරීම් කාරක සභා ‘නාඩගමකුත්’ නටනවා. මේක කරගෙන යන්නේ කිහිපදෙනෙකුගේ රෙදි ගලවන්න. නමුත් මෙතැනදී ආණ්ඩුවේ සියලුදෙනාගේ රෙදි විතරක් නොවෙයි, අමුඩ කෙටිත් ගැලවෙනවා. ඊයේ අසාද් සාලි තේරීම් කාරක සභාවට ඇවිත් සාක්ෂි දුන්නා. එහිදී ඔහු කියපු කතාවක් තමයි ‘මට පසුගිය ආණ්ඩු කාලයේ යුද හමුදා බුද්ධි අංශ ප්‍රධානියකු කීවා රුපියල් මිලියන 500ක් දෙන්නම්, දේශපාලන කටයුතුවලින් ඉවත් වී ඉන්න’ කියන එක. මෙහි ඇත්ත කතාව මම කියන්නම්.

‘අසාද් සාලිගේ දිවුරුම් පෙත්සම’

මම ඔබට පෙන්වන්නම් 2013 මැයි 08 වැනිදා ඬේලිමිරර් පුවත්පතේ පළ වී ඇති වාර්තාවක් (මාධ්‍යයට පෙන්වයි). මෙහි පළ වෙන්නේ අසාද් සාලි ඉන්දියාවේ ගොස් කළ ප්‍රකාශය පිළිබඳවයි. අපි කවුරුත් දන්නවා අසාද් සාලි ඉන්දියාවට ගොස් කීවා ‘අනාගතයේ දී මුස්ලිම් ජනතාවට සන්නද්ධ වෙන්න වෙනවා’ කියා. දෙමළ බෙදුම්වාදයට උදව් දෙන සංවිධානයක සමුළුවකට දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරයකු සමග ගිහින් තමයි මෙයා කීවේ ‘ලංකාවේ දෙමළ කතා කරන සියලු ජනකොටස් සමගි විය යුතුයි’ කියලා. ඒ සමුළුවෙන් පසුව ඉන්දීය සඟරාවට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ඉහත ප්‍රකාශය කළා. එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් නිසයි මේ දේශපාලුවා අත්අඩංගුවට ගැනුණේ. අත්අඩංගුවට ගත්තට පසුව ඔහු දිවුරුම් පෙත්සමක් දුන්නා. (සාලිගේ දිවුරුම් ප්‍රකාශය මාධ්‍යයට පෙන්වයි) මේ දිවුරුම් පෙත්සමින් අසාද් සාලි කියනවා ‘මම කියපු දෙය වැරදියටයි මේ සඟරාව වාර්තා කර ඇත්තේ. එය ඉදිරියේදී නිවැරදි කරනවා. මම ජාතික ආරක්ෂාවට හානිකර කිසිවක් කර නැහැ’ කියා. මේ දිවුරුම් පෙත්සම දුන්නාට පසුවයි මෙයාව නිදහස් කළේ. ඒකයි ඇත්ත කතාව. මිලියන 500ක් තියා සත 05ක්වත් වටින මිනිහෙක් ද අසාද් සාලි?

ඒ විදියට මුස්ලිම් ජනතාවට සන්නද්ධ වෙන්න ගුරුහරුකම් දුන්නු අසාද් සාලිලා අද තේරීම් කාරක සභාව ඉදිරියේ තොත්ත බබාලා වෙනවා. මේ සාලි නිතරම කියන පට්ටපල් බොරුවක් මගේ සිහියට එනවා. ඊට පිළිතුරු දිය යුතුයි. මා ඉතා වගකීමෙන් කියනවා ‘පසුගිය ආණ්ඩුව සමයේ යුද හමුදා බුද්ධි අංශ සහරාන්ට හෝ තව්හිද් ජමාත් සංවිධානයට ශත 05ක මුදලක් ලබා දී නැහැ’ කියා. එසේ ලබා දී තිබෙනවා නම් ‘ඔප්පු කර පෙන්වන්න’ කියාත් මේ රටේ බුද්ධි අංශවලට ගරහන, හමුදාව පාවා දෙන මේ තක්කඩි ආණ්ඩුවට අභියෝග කරනවා.

‘හිස්බුල්ලා, සහරාන් සමඟ ගිවිසුම් ගහපු හැටි ’

අසාද් සාලිගේ කටින්ම පිටවෙනවා, ‘සහරාන් කාත්තන්කුඩිවල ගෙවල් 120ක් ගිනි තැබුවා. ඔහුට විරුද්ධව කටයුතු කරපු ධෂක්‍ මාරු කළා’ කියා. එහෙමනම් කවුද මේ සහරාන්ට රැකවරණය දුන්නේ ? හිස්බුල්ලා මිස වෙන කවුද? නැගෙනහිර පළාත් සභා මැතිවරණයේදී සහරාන් සමග ගිවිසුම් ගහන්නෙ නැතිව තරඟ කරන්න මෙයාට බැරි වුණාලු. කවුද සහරාන් සමග ගිවිසුම් ගැහුවේ? හිස්බුල්ලා. මේවත් අසාද් සාලිගේ වාචාල කටින් එළියට ආපු ඒවා. සහරාන් නමැති මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා සමග ගිවිසුම් ගහපු හිස්බුල්ලා නිදැල්ලේ. හිස්බුල්ලා නිදැල්ලේ ඉන්න ගමන් කයිවාරුත් ගහනවා ‘මුස්ලිම් ජනතාව ලංකාවේ සුළුතරය වුණාට ලෝකයේ බහුතරය’ කියා. මේ දේශපාලන අපතයින් පාස්කු දින ප්‍රහාරයෙන් මියගිය මිනිසුන්ට ගරහමින් කිසිම ප්‍රශ්නයක් නොමැතිව ඉන්නවා.

අද මේ රටේ ආණ්ඩුවක් නැහැ. ජනාධිපති කැබිනට්ටුව කැඳවන්නේ නැහැ. ඇමතිවරුන්ට යනඑන මං නැහැ. මෙහෙම ආණ්ඩුවක් හදපු ලක්‍ෂ 62ට ‘දෙයියන්ගෙම පිහිටයි’ කියලා තමයි කියන්න වෙන්නේ. 2014 – 2015 දී ජනාධිපතිවරණ වේදිකාවල, මහ මැතිවරණ වේදිකාවල අප කියූ දේවල් අද සැබෑ වී තිබෙනවා. ‘වෙනසක් කියලා මේ හදන්න යන්නේ ආඬි 07 දෙනාගේ කැඳ හැලියක්’ කියා එදා අපි පෙන්වා දුන්නා. මෙහෙම ආණ්ඩුවක් මේ රටට උවමනා නැහැ. එය ගෙදර යැවීම රටට ආදරය කරන සියලු බලවේගවල යුතුකමක්.

‘ඇමෙරිකන් රාජ්‍ය ලේකම් එන්නේ ඇයි? ’

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය රටවල් 04කට සීමා වෙලා තිබියදී ලංකාව ඉන් එකක් වෙලා. මෙහෙම වෙන්නේ ඇයි ? ඔවුන්ට අවශ්‍ය මේ රට ඔවුන්ගේ නවතම මිලිටරි තිප්පොළ බවට පත් කර ගන්නයි. බොහෝ විට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ීධත්‍්ල ්ක්‍ී් ගිවිසුම් අත්සන් තැබීම මෙහිදී සිදු වෙන්න පුළුවන්. එහි ප්‍රතිඵල ලෙස තානාපති මුක්තිය සහිතව අමෙරිකානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, සැපයුම්කරුවන්, කොන්ත්‍රාත්කරුවන් මෙහි ඒවි. ඔවුන් හෝ ඔවුන්ගේ වාහන, භාණ්ඩ පරීක්‍ෂා නොකෙරේවි. ඔවුන්ට ඇමෙරිකානු නීතිය පමණක් බල පැවැත්වේවි.

මේ ඇමෙරිකන් හමුදාවන්හි පිරිස් ශ්‍රී ලංකාවේ තරුණියක් දූෂණය කළොත් ඔවුන්ට ලංකාවේ නීතිය අදාළ නැහැ කියා බේරාගන්න උවමනා පසුබිම පවා දැන් හොර රහසේම හැදෙනවා. බලන්න, පළමුවරට වෙනත් රටක නීතිඥ සංගමයක ශාඛාවක් ශ්‍රී ලංකාවේ විවෘත වෙන්න යනවා. ඇමෙරිකානු නීතිඥ සංගමයේ ශාඛා කාර්යාලයක් තමයි එසේ විවෘත කිරීමට උත්සාහ ගන්නේ. මේ කාර්යාලයේ සිටින නීතිඥ මහත්වරු තමයි අනාගතයේදී මේ ඇමෙරිකන් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ පිරිස් ශ්‍රී ලංකාව තුළ කරන වැරදි වෙනුවෙන් පෙනී සිටින්නේ. මේ කටයුත්ත දැනට අතරමග නතර වී ඇත්තේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විරෝධය නිසයි.

‘දේශපාලන කටුස්සෙක්’

මේ සියල්ල මෙසේ සිදු වෙද්දී එදා රනිල් වික්‍රමසිංහට ‘දොන් ජුවන් ධර්මපාල පෙරියබණ්ඩාර’ කියපු දේශපාලන කටුස්සා අද කියනවා, ‘සමහරු ඇමෙරිකන් හමුදා ශ්‍රී ලංකාවට එනවා, කියන එක බොරුවක්’ කියා. සිංහල ජාතිකත්වය විකුණන් කාපු, අද රනිල් වික්‍රමසිංහ ‘දුටුගැමුණු’ වගේ පෙනෙන, ඇමෙරිකාවේ ගිහින් මාසයක් තිස්සේ සිංහල බෞද්ධ ජනතාව රැවටීමට ඉගෙන ගෙන ආපු දේශපාලන කටුස්සා ඉතා තදින් මේ රටට ආදරය කරන පිරිස් ප්‍රතික්‍ෂේප කළ යුතුයි.

රිෂාඞ්ලාගේ අවස්ථාවාදී දේශපාලනය, වහාබ්වාදී ත්‍රස්තවාදය, ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආගමනය, ඇමෙරිකානු නීතිඥ සංගමයේ ශාඛා කාර්යාලය යන මේ සියල්ල අතර අන්තර්සබඳතා තිබෙනවා. ඒවා පිළිබඳ සම්පූර්ණ චිත්‍රය අපි දැකිය යුතුයි. මේ තත්වය කඩිනමින් වෙනස් කිරීමට රටට ආදරය කරන සියලු බලවේග පෙළ ගැසිය යුතුයි.”

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ නියෝජ්‍ය ලේකම්, හිටපු මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය නිමල් පියතිස්ස, වෘත්තීය කටයුතු පිළිබඳ ලේකම්, හිටපු පළාත් සභා මන්ත්‍රී ජයන්ත වන්නිආරච්චි යන මහත්වරු ද එක්ව සිටියහ.

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කල සතොස වාහනවල GPS වාර්තා විමල් හෙළි කරයි !
ත‍්‍රස්තවාදීන් ප‍්‍රවාහනය කල සතොස වාහනවල GPS වාර්තා විමල් හෙළි කරයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwHcP-mG9EcRM8l1x9TuQDh05o7GuCprsWlb0BpyObaic1tAIUFdaEzGYXEc3Hc_pJXARbj8I9Hzf6GO29DOKkz6dxET-M9GBLCIrTqX4YZiaK2ZUE26_2NQa_C4cc4CD2M6ts02kNCcDF/s320/457888.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhwHcP-mG9EcRM8l1x9TuQDh05o7GuCprsWlb0BpyObaic1tAIUFdaEzGYXEc3Hc_pJXARbj8I9Hzf6GO29DOKkz6dxET-M9GBLCIrTqX4YZiaK2ZUE26_2NQa_C4cc4CD2M6ts02kNCcDF/s72-c/457888.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/gps.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/gps.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy