තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවන බව සඳහන් කරමින් අද (06) යාපනේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි. එ...
තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් පක්ෂයක් පිහිටුවන බව සඳහන් කරමින් අද (06) යාපනේදී මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබිණි.
එහි නායකයා ලෙස පෙනී සිටිමින් වී. මුත්තුසාමි නැමැත්තා එහිදී අදහස් ප්‍රකාශකරමින් කියා සිටියේ ඉන්දීය භාරතීය පක්ෂයත් මේ පක්ෂයත් අතර කිසිම සම්බන්ධයක් නැති බවයි.
දෙමළ ජනතාවගේ අධ්‍යාපනය හා ක්‍රීඩා අංශ ශක්තිමත් කිරීම එම පක්ෂයේ අරමුණ බවද ඔහු එහිදී කීය.
ඔහු කියා සිටින්නේ ඉන්දියාවේ ගිරිපූර් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ඉන්දීය භාරතීය පක්ෂය ලංකාවේ පිහිටුවන බවට ප්‍රකාශකරනු ලැබුවේ ශ්‍රී ලංකා භාරතීය ජනතා පක්ෂය නමින් සිය පක්ෂය ආරම්භ කරන බවට මාධ්‍ය වාර්තා පලවීමෙන් පසුව ඔහු අදාළ ප්‍රකාශ්‍ය කර ඇති බවයි.
සිය පක්ෂය පිහිටුවීමට සැලැසුම් කරනු ලැබුවේ වසර 6කට පෙර බවද මුත්තුසාමි මහතා එහිදී කීය.
රජය සමඟ එකතුවී කටයුතු කළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියේය. එයට පක්ෂයක් අවශ්‍ය බවද සඳහන් කළ ඔහු කෙසේවුවද, සිය පක්ෂය කිසිදු උද්ඝෝෂණයකට සම්බන්ධ නොවෙන බවද පැවසීය.
උතුරු නැගෙනහිර, කඳුකරයේ මෙන්ම කොළඹද සිය පක්ෂයේ කටයුතු ආරම්භ කරන පැවසූ ඔහු ඉන්දියාව සහය පලකරන්නේ නම් ඒ පිළිබඳවත් මාධ්‍යට පවසන බව ඔහු කියා සිටියේය.
මේ අතර, එක්සත් පුරවැසි සන්ධානයේ කැඳවුම්කරු
COMMENTS