ආයතනයේ කිසිවෙකුට හෝ නොදන්වා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරයා එහිදී සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටළුද විමසා බැලීය. ...
ආයතනයේ කිසිවෙකුට හෝ නොදන්වා මෙම නිරීක්ෂණ චාරිකාව සංවිධානය කර තිබූ අතර අමාත්‍යවරයා එහිදී සේවක සේවිකාවන් මුහුණ දෙන ගැටළුද විමසා බැලීය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ ඛනිජ තෙල් සංස්ථාවේ අනවශ්‍ය වියදම් කපා හැරීමට දැනටමත් කටයුතු කර ඇති බවයි.
“ටැංකිවලට වඩා දුම්රියෙන් නුවරට තෙල් ගෙන ආවොත් ඛනිජ තෙල් සංස්ථාවට විශාල ලාභයක් ලබා ගැනීමට හැකි වෙනවා. මට මේ ආයතනය භාර දුන්නෙත්, මම භාර ගත්තෙත් සංවර්ධන කටයුතු කරන අතරතුර ඛනිජ තෙල් සංස්ථාව ලාභ ලබන තත්ත්වයකට ගෙන ඒම සඳහා. එක්පැත්තකින් බැලූ විට ඛනිජ තෙල් සංස්ථාවෙන් ලාභ ලැබීම අපහසු කටයුතුත්තක්. මොකද අපි හුඟාක් සහන ලබා දෙනවා මහජනතාවට. ඒ නිසා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබන පාඩුව අවම කර ගැනීමට පළමුව අපි උත්සාහ කරනවා. දැනටමත් අපි ඛනිජ තෙල් සංස්ථාවේ වියදම සෑහෙන දුරට අඩු කිරීමට සමත්ව සිටිනවා. නමුත් කිසිම දිනක සේවකයින්ට හිමි සේවකයින් ලබන වරප්‍රසාද අපි කිසිම විටක අඩු කරන්නේ නැහැ. වරාය අමාත්‍යවරයා ලෙස සිටින විටත් මම ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළා. වරායේ සිටින විට අවුරුදු 2ක් ඇතුළත බිලියන 11ක ලාභයක් ලැබීමට අපිට හැකි වුණා. ඒකට ප්‍රධානතම හේතුව වුණේ අනවශ්‍ය වියදම් කපා හැරීම."
කෙසේවෙතත් එම අනවශ්‍ය වියදම් සිදුකරන්නේ සේවකයන් නොව ඉහළ තැන්වලින් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ආශිකා බ්‍රාහ්මණ
COMMENTS