පා ස්කු ප්‍රහාරය පිටුපස සිට මෙහෙවූයේ කවුද, ඔවුන්ගේ දේශපාලන අරමුණු මොනවාද යන්න හෙලිදරව් නොවූ, සැබෑ නායකයන් සැඟවූ පාස්කු කොමිසමේ වාර්තාව අද ...
පාස්කු ප්‍රහාරය පිටුපස සිට මෙහෙවූයේ කවුද, ඔවුන්ගේ දේශපාලන අරමුණු මොනවාද යන්න හෙලිදරව් නොවූ, සැබෑ නායකයන් සැඟවූ පාස්කු කොමිසමේ වාර්තාව අද අයිතිකරුවෙකු නොමැති ලියවිල්ලක් බවට පත්ව ඇති බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා පවසනවා.
මෙම කොමිසම පත්කළ පාර්ශ්වයද පැමිණිලිකරුවන්ද වගඋත්තරකරුවන්ද ආණ්ඩුවද අද කොමිසමේ වාර්තාවට බනින තත්වයට පත්ව ඇති බව ඔහු පවසනවා.
මෙම ප්‍රහාරය ඉස්ලාම් අන්තවාදීන්ගේ ම්ලෙච්ඡ ප්‍රහාරයක් වුවද ප්‍රහාරය පිටුපස සිටි පුද්ගලයන්ගේ අරමුණ දේශපාලන අරමුණක් බව පැහැදිලි නමුත් එම අරමුණ එළිදරව් කිරීම මෙම වාර්තාවෙන් ඉටු වී නොමැති බව දිසානායක මහතා පවසනවා.
ඒ අනුව මෙම වාර්තාව අංගවිකළ, අසම්පූර්ණ වාර්තාවක් බවට බොහෝදෙනා එල්ල කරන චෝදනාවේ සත්‍යතාවයක් තිබෙන බවද ජවිපෙ නායකයා පවසනවා.
කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ශ්‍රීලනිපය ප්‍රකාශ කර ඇති නමුත් එය පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ගේ මතයද යන්න විශ්වාස කළ නොහැකි බව ජවිපෙ නායකයා සඳහන් කරනවා. කෙසේ නමුත් ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන මහතාට ගැලවීම තිබෙන්නේ ඔහු යටත් වෙනවාද එසේ නැතහොත් සටන් කරනවාද යන්න මත පමණක් බව ඔහු අවධාරණය කරයි.

COMMENTS