කො රෝනා එන්නත ලබා නොගන්නා මැති ඇමතිවරුන් ගැන පිවිතුරු හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා උත්සව සභාවක් අමතමින් මෙම අදහස් පල කරන කලේය. ...
කොරෝනා එන්නත ලබා නොගන්නා මැති ඇමතිවරුන් ගැන පිවිතුරු හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා උත්සව සභාවක් අමතමින් මෙම අදහස් පල කරන කලේය.
අටලුගම පැත්තෙත් ඔය වගේ ම කට්ටියක් හිටියා. නිරෝධායනය නීති යටතේ පරීක්ෂාවට ලක් වෙන්න කිව්වහම මට බෑ කියපු කට්ටිය, නිධාරීන්ට කෙල ගහපු කට්ටිය අටලුගම හිටියා.
මේ මන්ත්‍රිවරුත් ඒ විදිහටයි හැසිරෙන්නට හදන්නේ. ඒ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරපු විදිහටම මේ චන්ඩි කතා කියලා මාධ්‍ය ඉදිරියේ ලකුණු දාගන්න උත්සාහ කරන ඒ මන්ත්‍රීවරුන්ටත් නිරෝධායන නීතිය යටතේ දඬුවම් කළ යුතු යැයි මා නම් විශ්වාස කරනවා.
කවුරු හරි ගිහිල්ලා බලහත්කාරයෙන් එන්නත් ලබාගෙන තියෙනවා නම්. තමන්ගේ පවුලේ අයට හිතමිත්‍ර අයට එන්නත් ලබා දීලා තියෙනවා නම් එයට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. නිලධාරීන්ගේ කටයුතුවලට මැදිහත් වෙනවා නම් ඒ අයට වහාම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
ඒ වගේම සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනවා නම් රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් ඔබ එන්නත විද ගත යුතුයි කියලා මට විදින්නට එපා කියලා චන්ඩි කතා කියමින් එන්නතට බයේ පසුබසින කවුරුහරි ඉන්නවනම් ඒ අයට ද රටේ නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

COMMENTS