දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාතාල නායකයන්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් 50ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අතුරුදහන් වෙයි !
Homeප්‍රවෘත්ති

පාතාල නායකයන්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් 50ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අතුරුදහන් වෙයි !

PropellerAds

ප්‍ර බල පාතාල නායකයෙක් වන ආමි සම්පත් හෙවත් සම්සුන්ගේ සම්පත් චාමරගේ ඇතුළු වසර විස්සකට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ සුවිශේෂ...

උසස් පෙළ විභාගය අගෝස්තු 6 වනදා
මන්ත්‍රීවරුන් ජනපතිගේ නියෝග තුට්ටුවකට නොතකයි! රනිල්ට නොදන්වා ඇමැති කිරිඇල්ල රට සවාරියේ
ප්‍රවීණ සිනමා නළු අමරසිරි කලංසූරිය සුව අතට
ප්‍රබල පාතාල නායකයෙක් වන ආමි සම්පත් හෙවත් සම්සුන්ගේ සම්පත් චාමරගේ ඇතුළු වසර විස්සකට අධික කාලයක් තිස්සේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළ සටහන් ඇතුළත් පනහකට අධික පොත් ප්‍රමාණයක් අස්ථානගත වීමේ සිද්ධියක් පිළිබඳ පොලිස් මූලස්ථානය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මීට අමතරව ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ තිබූ තොරතුරු පොත් විස්සක පමණ පිටු ගලවා ඉවත් කර ඇතැයිද තහවුරු වී ඇත.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියට අලුතින් පත්ව පැමිණි පොලිස් ස්ථානාධිපතිවරයා, එම රාජකාරි ආරම්භ කිරීමට යෑමේදී මෙම පොත් සම්බන්ධයෙන් කර තිබූ සටහන් පරීක්ෂා කිරීමෙන් පසු පොත් පනහක් අතුරුදන් වී තවත් පොත් විස්සක පිටු ගලවා ඉවත් කර තිබෙන බව අනාවරණය වී තිබේ.

ඒ අනුව මේ පිළිබඳව බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මේ පිළිබඳ සෙවීම සඳහා ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි පී.එච්. මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

2001 වර්ෂයේ සිට පසුගිය කාලසීමාව තුළ ග්‍රෑන්ඩ්පාස් පොලිසිය භාරයේ තිබූ සුවිශේෂී අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව සිදුකළ විමර්ශන හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට අදාළ සටහන් හා තොරතුරු ඇතුළත් පොත් ගණනාවක් මෙලෙස අතුරුදන් වී ඇතැයිද හෙළි වී තිබේ.

ආමි සම්පත් නමැති පාතාල නායකයාට එරෙහිව ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ පවත්වාගෙන යමින් තිබූ අංක බී 6229/04/2001, 39526/04/2001, බී 6726/04/21, බී 41779/04/2001, 45837/4/2004, බී 6502/4/2001 දරන නඩුවලට අදාළ බී වාර්තා ලේඛන ආදී පොත්පත්ද අස්ථානගත වී ඇත.

මෙම පාතාල නායකයා සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩුවලට අදාළ ලිපිගොනුද අස්ථානගත වී ඇති අතර එම නඩු දීර්ඝ කාලයක් අධිකරණයේ කැඳවා නොමැති බවද හෙළි වී තිබේ.

මෙම අපරාධ අතර 2001-10-24 ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ රාජ් සුන්දරම් සුරේස් යන අය පිහිවලින් කපා තුවාල සිදු කිරීමේ සිද්ධියද ඇත. 2001 වසරේ 11.09 දින ශිවලිංගම් ප්‍රේම් ආනන්දන් යන අයට වෙඩි තබා ඝාතනය කිරීම, කංකානම්ලාගේ චාමර සම්පත් යන අය ස්ටේට් පාරේදී 2001-11-19 දින ඝාතනය කිරීම, 2001 වසරේ 12.24 දින බර්නාඩ් ද රොසයිරෝ ඝාතනය කිරීමේ සිද්ධියද ඇතැයි ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාතාල නායකයන්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් 50ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අතුරුදහන් වෙයි !
පාතාල නායකයන්ගේ තොරතුරු ඇතුළත් නඩු පොත් 50ක් ග්‍රෑන්ඩ්පාස් පොලිසියෙන් අතුරුදහන් වෙයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7trzZsyxvDHcmlCcAYY2zQH9FM79ngVgT0fTdG2rStarcJbZiST5J-KMzLCAaTGn1q5Xh0kv_Qw9WPxC9ZWsc2k3fZxCa9o5Vr442W56QBQVqAXG6t56oLSm-XAuAvAM4LXmdX1quFvw/s320/5f1ba218a0d09_GFDHGD.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7trzZsyxvDHcmlCcAYY2zQH9FM79ngVgT0fTdG2rStarcJbZiST5J-KMzLCAaTGn1q5Xh0kv_Qw9WPxC9ZWsc2k3fZxCa9o5Vr442W56QBQVqAXG6t56oLSm-XAuAvAM4LXmdX1quFvw/s72-c/5f1ba218a0d09_GFDHGD.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/07/50.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/07/50.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy