දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සමහරැ කියනවා මම ෆේල් ලු.. මං පාස් වෙලා හුගක් කල්.. ගෞරව උපාධියක් ගන්න වැඩ කලා.. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස්..- ජනපති
Homeප්‍රවෘත්ති

සමහරැ කියනවා මම ෆේල් ලු.. මං පාස් වෙලා හුගක් කල්.. ගෞරව උපාධියක් ගන්න වැඩ කලා.. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස්..- ජනපති

PropellerAds

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ...

මං පළාත් සභා ඡන්දෙට එනවා.. මට ඔ්න රජෙක් වගේ ඉන්න.. රෝසි මගේ දෙවැනි අම්මා වගේ..- චන්දිමාල් ජයසිංහ
ආණ්ඩුව අරගෙන අපිට වුනේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්න වගේ වැඩක්…- ජොන්ස්ටන්
1000 සහන මල්ලට විරුද්ද අය අත්අඩංගුවට ගන්න..- බන්දුල රහස් පොලිසියට කියයි…
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට දඬුවම් ලබාදීමට අනිවාර්යෙන්ම පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. කුරුණෑගල, ගිරිබාව අද (06) පැවැති “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ත්‍රස්ත ප්‍රහාරය වැළැක්වීමට අසමත් වූ යහපාලන ආණ්ඩුවේ දේශපාලකයන් අද ඒ සම්බන්ධයෙන් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 13 වන අදියර අද පැවැත්වුණේ කුරුණැගල ගිරිබාව වේරගල ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමිනි.

ඊට සමගාමීව විදුලි පහසුකම් නොමැති සියලුම ග්‍රාමීය නිවාසවලට විදුලිය සපයන “දැයට එළිය” වැඩසටහන ගිරිබාව වේරගල ගම්මානයේදී අරම්භ කෙරුණි.

අනතුරුව මාදුරාගම ක්‍රිඩාපිටියට පැමිණි ජනාධිපතිවරයා ගම්වාසින් සමග සුහද පිළිසඳරක නිරත විය.

මෙහිද ගල්ගමුව යූ.බී. වන්නිනායක විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සමාෂි දිව්‍යාංජලී ශිෂ්‍යාව විසින් රචිත කිරිඅත්තගේ සිහිනය නැමැති කෘතිය ද ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය.

පසුව ජනාධිපතිවරයා ජනතාව ඇමතීමට කටයුතු කළේය.

“ජනාධිපති කොමිසමක් පත්කරලා, මේ වාර්තාවක් දුන්න නේ. මම දැක්කා සමහර දේශපාලන අය මේකෙන් ප්‍රයෝජන ගන්න හදනවා, අපේ පිටින් දාලා. ගිය ජනාධිපතිතුමා තමයි පත් කළේ. කොමිසම් සභාව විවිධ අවස්ථාවලදී පැහැදිලිවම කාටද මේකේ වගකීම දිය යුත්තේ කියන එක කියලා තියෙනවා. මේකේ අවසානයේ කියනවා 2015 සිට රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වයක් ලබා නොදෙන ලදි. ඊට පස්සේ කියනවා අකාර්යක්ෂම රජය, අප්‍රේල් 21 සිදුවූ සිදුවීම් සඳහා ප්‍රධාන සාධකයක් විය. මෙම ඛේදවාචකයට ජනාධිපති සිරිසේන සහ අග්‍රාමාත්‍යවරයා පමණක් නොව රජය වගකිව යුතුය. මේ රජයේම හිටිය අය දැන් ඇවිත් කතා කරන්නේ රජයේ හිටියේ නෑ වගේ.”

“මම විශේෂයෙන්ම දන්නවා කාදිනල් හිමිපාණන්ට වේදනාවක් තියෙනවා. කාදිනල් හිමිපාණන් කතා කිරීම සාධාරණයි. හිටපු රජයේ මැති ඇමතිවරු කතා කරනවා, බලයට ආවොත් මරණ දඬුවම දෙනවලු. උසාවියෙන් තමයි තීන්දු දෙන්නේ. රජයට කියන්න බැහැ එල්ලලා මරනවා කියලා. ඊළඟට, නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා වික්‍රමසිංහ මහතා ඇතුළු රජය විසින් වඩාත් ක්‍රියාශීලි කාර්යභාරයක් ඉටු කිරීමට අසමත්වීමට හේතුව තේරුම් ගැනීමට පරීක්ෂණ කොමිෂන් සභාවට අපහසුය. අවාසනාවකට මෙන් වික්‍රමසිංහ ඇතුළු රජය මුස්ලිම් දේශපාලන පක්ෂවල සහයෝගය මත යැපීම නිසා නැගීඑන ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ක්‍රියාකිරීමට මැලිකමක් දක්වන බවට සාක්ෂිකරුවන් කිහිපදෙනෙක් සාක්ෂි දුන්හ. හිටපු ජනාධිපතිට පවරලා බේරෙන්න හදනවා. එදා පාර්ලිමේන්තුවට බලය අවශ්‍යයි කියලා එතුමාගෙන් බලය ගත්තානේ. දැන් ඒ අය නිශ්ශබ්දයි. අපේ රජය වගකියන්න ඕනේ කියන එක පදනම් විරහිතයි. චෝදනාව ප්‍රතික්ෂේප කරනවා. දඬුවම් ලබාදීම. අපේ වගකීම අනිවාර්යයෙන්ම දඬුවම් දෙනවා. මමවත් අපේ රජයවත් පාස්කු ඉරිදා විකුණලා බලයට ආවේ නැහැ. ප්‍රාදේශීය සභා ඡන්දය තිබ්බේ පාස්කු ඉරිදට කලින්. අපි ප්‍රාදේශීය සභා ඡන්දය දින්නා. පැවති රජය ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය දුන්නේ නැහැ. බුද්ධි අංශ නිලධාරීන් හිරේ දැම්මා. යුද්ධය කළ නාවික හමුදාපති තාම දුක් විඳිනවා. ජාතික ආරක්ෂාව ගැන තැකීමක් කළේ නැහැ. සමහර පක්ෂ කළු කොඩි දානවලු. පාස්කු සිද්ධියේදී කළු කොඩි දැම්මේ නැහැ. සමහර කොමිෂන් සභා වාර්තා දකින්නත් නැහැ. මේක මාසයකට අඩු කාලයකින් එළියට ආවා. පාර්ලිමේන්තුවේ විවාද කරනවා. ප්‍රමාද කළා කියලා කියන්න බැහැ. අපිට හංගන්න අවශ්‍යතාවක් නැහැ. කිසිකෙනෙක් සන්තෝෂ කරන්න අවශ්‍ය නැහැ. ජනතාව 2/3ක බලයක් දුන්නා.”

“සමහර අය කියනවා මම ෆේල් ලු. මම ෆේල් නෑ. මම අවුරුදු 20ක් රට වෙනුවෙන් වැඩ කළා. ආරක්ෂක ලේකම් විදිහට යුද්ධය අවසන් කළා. ඒ ඇති මට ගෞරව උපාධියක් ගන්න. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස් මාක්ස්. ඉතින් මම පාස්වෙලා හුඟාක් කල්.”

ඉන් පසුව ජනතාව සිය ගැටලු ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබුණි.

ගම්වැසියෙක් – රාජාංගනය ජලාශයේ වතුර බහිනකොට වැව් තාවුල්ල ඇතුළට බැහැලා ලොකු මුදලාලිලා ගොවිතැන් කරනවා. කිහිප වතාවක් වාරි මාර්ග දෙපාර්තමේන්තුව, පොලීසිය අල්ලලා උසාවියට ඉදිරිපත් කළා. නඩු පවරන්න නීති ප්‍රමාණවත් නැහැ කියලා රුපියල් 250ක විතර දඩයක් ගහලා එළියට දානවා. ආයෙත් හූ කියාගෙන ඇවිල්ලා ආයෙත් වැව හාලා ගොවිතැන් කරනවා.

රාජ්‍ය නිලධාරියෙක් – දිවයින පුරා දකින්න තියෙන ලක්ෂණයක්. අපි මේ සඳහා වාරි මාර්ග ආඥා පනත සංශෝධනය කරලා..

ජනපති – වැව් තාවුල්ලේ වගා කරන්න බැහැ. පොලිසිය ක්‍රියාමාර්ග ගන්නේ නැත්තේ ඇයි ?

රාජ්‍ය නිලධාරියෙක් – අපිට පුළුවන් නම් වටෙන් පාරක් ගහන්න මේක ආරක්ෂා කරගන්න පුළුවන්.

ජනපති – පාර ගහන්න ඕනේ නෑ. එලවලා දාන්න. වැව් තාවුල්ලේ වගා කළහම වැව ගොඩ වෙනවා. පොලීසිය ඉඩ දෙන්න එපා.

ජනතාව – අක්කර 145ක් විතර තියෙනවා. තම්මිටගම, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගිරිබාව. රාජාංගනය වැවේ ජලය පිටතට දෙනවාට වැඩිය ජලාශයෙන් නව පොම්පාගාරයක් දාලා ගොවිතැන් කිරීම සඳහා මේක කරලා දෙනවනම් සාර්ථක වෙනවා.

ජනපති – රාජාංගනයේ ප්‍රශ්න කිහිපයක්ම දැන් දිගටම ආවානේ. මම මේකට ප්‍රතිපාදන දෙන්නම්. ව්‍යාපෘතිය කරන්න.

– adaderana

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සමහරැ කියනවා මම ෆේල් ලු.. මං පාස් වෙලා හුගක් කල්.. ගෞරව උපාධියක් ගන්න වැඩ කලා.. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස්..- ජනපති
සමහරැ කියනවා මම ෆේල් ලු.. මං පාස් වෙලා හුගක් කල්.. ගෞරව උපාධියක් ගන්න වැඩ කලා.. ජනාධිපතිකමෙන් හම්බවෙන්නේ බෝනස්..- ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir0yPr7kn4YdTRueWvqNU8tJ1hd3wSRPWEq6X-NN5WeqAK-gVkT5dWdfkRSnIsKO8creY4xwwZzXNhDSmDiyrNIazkx1CwR1MewNHzsALV9lI7xNVRZWAv1rHOx28N2qflN5VTCETIsGI/s320/prasis.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEir0yPr7kn4YdTRueWvqNU8tJ1hd3wSRPWEq6X-NN5WeqAK-gVkT5dWdfkRSnIsKO8creY4xwwZzXNhDSmDiyrNIazkx1CwR1MewNHzsALV9lI7xNVRZWAv1rHOx28N2qflN5VTCETIsGI/s72-c/prasis.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_531.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_531.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy