දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..
Homeප්‍රවෘත්ති

කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..

PropellerAds

කොවිඩ් එන්නත් ගෙන්වීමට ඇති හැකියාව සලකා බලා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව පෞද්ගලික අංශයටද අවසර ලබාදීමට පියවර ගන්නා බව කොවිඩ් එන්නත් ගෙන්වීම සම...

ප්‍රහාර වලින් මියගිය ගණන 310 දක්වා ඉහලට !
"අපි කිව්වා සරත් ෆොන්සේකාට නීතිය හා සාමය දෙන්න කියලා - ඒත් ඇහුවේ නැහැ" - අකිල
ජාතික තව්හීත් ජමාත් සමග අපි සම්බන්ධ නෑ - ලංකා තව්හිද් ජමාත්
කොවිඩ් එන්නත් ගෙන්වීමට ඇති හැකියාව සලකා බලා ආරක්ෂක ක්‍රමවේදයන්ට යටත්ව පෞද්ගලික අංශයටද අවසර ලබාදීමට පියවර ගන්නා බව කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධීකරණ කමිටු සභාපති ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග පවසයි.

කොවිඩ් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් පෞද්ගලික අංශයෙන් පසුගිය වසරේ නොවැමබර් කළ විමසීමකදී සමාගම් රජයට දැනුම් දී ඇත්තේ 2021 ජුනි මාසයෙන් පසු එන්නත් ආනයනය කිරීමට හැකියාව ඇති බවයි.

එහෙත් ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ප්‍රතිපත්තියට අනුව රජයට කිසිදු මුදලක් ප්‍රතිලාභියාගෙන් අයකර ගැනීමට නොහැක. එම නිසා රාජ්‍ය අංශයෙන්ම එන්නත් ආනයනය මේ වනවිට සිදු කරයි. රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික්’ එන්නත් මිලියන හතක් ගෙන්වීමටද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සැලසුම් කර ඇත. එම එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි නොවුණත් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වනවිට අවසර ලබාදී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. එම එන්නතක් ඇමරිකානු ඩොලර් 10ක් පමණ වන අතර ශ්‍රී ලංකා මුදලින් රුපියල 2000කට ආසන්න වෙයි. නමුත් ඉන්දියාවේ නිෂ්පාදිත ‘ඇස්කා සෙනිකා’ එන්නත ඩොලර් පහක් පමණ වෙයි.

රුසියාවේ නිෂ්පාදිත ‘ස්පුටිනික්’ එන්නතේ මිල සම්බන්ධයෙන් සමාලෝචනය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි ‘සති අග අරුණ’ කළ විමසීමකදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී දිනුෂ දසනායක ප්‍රකාශ කළේය. ඉන්දියාවේ සීරම් ආයතනය නිපදවන කොවිඩ් එන්නත් ලබාගැනීමේ ගැටලුවද මෙතෙක් අවසන්ව නොමැත. එම සමාගම පොරොන්දු වූ පරිදි එන්නත් ලබාදෙන බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කළද පසුගිය සිකුරාදා (12) පෙරවරුව දක්වා ‘ඇණවුම් ලේඛන’ සංස්ථාවට ලැබී තිබුණේ නැත.

කොවිඩ් එන්නත ශ්‍රී ලාංකිකයන් මිලියන 13කට ලබාදීමට හැකි බව හඳුනාගෙන ඇත. දැනට එන්නත් ලැබී ඇත්තේ දොළොස් ලක්ෂ හැට හතර දහසක් පමණි. අවම වශයෙන් මිලියන 7ක ජනගහනයකටවත් එන්නත ලබාදීමෙන් මරණ හා වයිරස් ව්‍යාප්තිය අවම කරගත හැකි බව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග කියා සිටියේය.

– aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..
කොරෝනා එන්නත ගෙන්වීමට පුද්ගලික අංශයටත් අවසර..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNS5vemr3opH9H_ny12XmhrPT2a5GBu-VKfmbuuDBpMR1pPXE-uOAPmQwhGlzWJeu9VZKOZ1miYrnnMGI-EWaAqFUIajwAdzILAnS_iMa4-RIT00nM8p5datyItlxXngxiP2nHL2ruU24/s320/vacsine.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhNS5vemr3opH9H_ny12XmhrPT2a5GBu-VKfmbuuDBpMR1pPXE-uOAPmQwhGlzWJeu9VZKOZ1miYrnnMGI-EWaAqFUIajwAdzILAnS_iMa4-RIT00nM8p5datyItlxXngxiP2nHL2ruU24/s72-c/vacsine.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_529.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_529.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy