දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ගිය සැරෙත් රැවට්ටුවා" - ව්‍යවස්ථාවට යෝජනා බාරදුන් ශ්‍රීලනිපයෙන් රතු එළියක්
Homeප්‍රවෘත්ති

"ගිය සැරෙත් රැවට්ටුවා" - ව්‍යවස්ථාවට යෝජනා බාරදුන් ශ්‍රීලනිපයෙන් රතු එළියක්

PropellerAds

න ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ ශ්‍රීලනිප යෝජනාව ඊයේ (26) ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ව්‍යවස්ථා...

ඇමති තෙවරුප්පෙරුම මහතා නිදහස් කරන්නැයි විරෝධතා..
ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන්න ඉඩ දී ජනාධිපතිවරණය කල් දමන උපක‍්‍රමයක්..?
ජනාධිපතිවරණයට සහාය ඉල්ලා සජිත් පිල ජවිපෙ සමග සාකච්චා..
ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වූ ශ්‍රීලනිප යෝජනාව ඊයේ (26) ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ කමිටුව වෙත බාරදී තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බවයි.

බුද්ධාගම සුරක්ෂිත කිරීම සහ එයට ප්‍රමුඛත්වය ලබාදීම කියන වගන්ති ඇතුළත්ව තිබීම එහි තිබෙන ප්‍රධානම කාරණය බවත් මෙම ව්‍යවස්ථාවේ මූලික මිනිස් අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය වෙනස් විය යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

"පරිසරය සුරක්ෂිත කිරීම, මිනිසුන්ට වගේම සතුන්ට සිදුකරන වද හිංසා පිළිබඳව ද මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්න ඕනේ. ඇතැම් කරුණු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමේ අධිකරණ බලය පළාත්බද මහාධිකරණවලට ලබාදිය යුුතුයි කියලත් අපි යෝජනා කරනවා. පළාත් සභා පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යෝජනා කරලා තියෙන්නේ තවදුරටත් බලය විමධ්‍යගත කිරීමේ සංකල්පයට අපි එකඟයි, ඒ අනුව දිස්ත්‍රික් සභා ක්‍රමයක්, පැරණි තිබුණු සෙනෙට් සභාවට සමාන දෙවෙනි මන්ත්‍රණ සභාවක්. නියෝජිතයිත් සහ විද්වතුන් එකතු කරලා ඒ සභාව සෑදිය යුතුයි. අපි විශේෂයෙන්ම කියා සිටිනවා නව ව්‍යවස්ථාවෙන් මනාප ඡන්ද ක්‍රමය නැති කරන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිය සැරෙත් රැවට්ටුවා. අපි 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඡන්දය දුන්නේ 20වන ව්‍යවස්ථා සංශෝධනය නමින් මනාප ක්‍රමය නැති කරලා ආසනයකට වගකියන මන්ත්‍රීවරයෙකු පත්කරන ක්‍රමයක් ලබාදෙන පොරොන්දුව මත." යැයි අමාත්‍යවරයා පැවසී ය.

මේ අතර ශ්‍රීලනිපයේ උපදේශක මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූවේ ද්විත්ව පුරවැසියන්ට රජයේ කිසිදු තනතුරක් ලබා නොදීම පිළිබඳව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලියේ වැඩි අවධානයක් යොමු කොට ඇති බවයි.

ද්විත්ව පුරවැසියන්ට ජනපති, අගමැති, පාර්ලිමේන්තු මන්ත්‍රී හෝ රාජ්‍ය ආයතන සහ ජනපති කොමිසම්වල සාමාජිකත්වය ඇතුළු කිසිදු තනතුරක් ලබා නොදෙන ලෙස ශ්‍රීලනීපය සිය යෝජනා වලට ඇතුළත් කොට තිබෙන බවද මහාචාර්යවරයා අවධාරණය කරයි.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා වූ ශ්‍රීලනිප යෝජනා සකස් කිරීමේ කමිටුව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව 2020 අගෝස්තු මාසයේදී පත්කර තිබේ.

-ඒෂියන් මිරර් 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ගිය සැරෙත් රැවට්ටුවා" - ව්‍යවස්ථාවට යෝජනා බාරදුන් ශ්‍රීලනිපයෙන් රතු එළියක්
"ගිය සැරෙත් රැවට්ටුවා" - ව්‍යවස්ථාවට යෝජනා බාරදුන් ශ්‍රීලනිපයෙන් රතු එළියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipTmD7f1cg00gfh8BKuboRtPfKu-k6zuzBcfDcnQISHvwCSNTq6BRBEVopV6WqutyC8EybIn3v-4mAwXDhYFvJmaW9CNxmEffR21Tvn57L0oEKvyAzpWjktZDK9EQv3nrttHkq8ZORDtU/s320/271445d7ea432ad30b56625e5c824be2_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEipTmD7f1cg00gfh8BKuboRtPfKu-k6zuzBcfDcnQISHvwCSNTq6BRBEVopV6WqutyC8EybIn3v-4mAwXDhYFvJmaW9CNxmEffR21Tvn57L0oEKvyAzpWjktZDK9EQv3nrttHkq8ZORDtU/s72-c/271445d7ea432ad30b56625e5c824be2_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_480.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_480.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy