දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රවී කරුණානායක අත්අඩංගුවට ගත්තේ පළාත් සභා මැතිවරණයටද..
Homeප්‍රවෘත්ති

රවී කරුණානායක අත්අඩංගුවට ගත්තේ පළාත් සභා මැතිවරණයටද..

PropellerAds

කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග ...

රිය අනතුරකින් මිය ගිය යාපනයේ සිසුවෙකුට ඒ සාමාර්ථ 9ක්
වව්නියාවේ සිංහල පාසලක් හදිසියේම වසා දමයි (PHOTOS)
උදයංග ලංකාවට රැගෙන ඒමට අද සිට විශේෂ වැඩපිළිවෙළක්
කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී 03-18 වන දින පැවැත්විණි .

කෘෂිකර්ම, ජීවනෝපාය, යටිතල පහසුකම්, සමාජ යටිතල පහසුකම් සංවර්ධන සහ මහජන ආරක්ෂාව හා සමාජ සංවර්ධන අනුකමිටු පිලිබදව සාකච්ඡා කිරීම මෙහිදී සිදු කෙරුණි. එමෙන්ම 2021 වසර තුල ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතීන් සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් කර ඒවා අනුමත කර ගැනීමද මෙහිදී සිදුකරන ලදි. එලබෙන සිංහල අවුරුද්දට පෙර පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විදුලිය නොමැති පවුල් 603 ක් සදහා විදුලිය ලබා දීමට මෙහිදී තීරණය විය.

Home Shop ව්‍යාපෘතිය සදහා පාට පක්ෂ ජාති භේදයකින් තොරව සුදුසුම පුද්ගලයාව මේ සදහා තෝරා ගැනීමට මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදි. වනජීවි කලාප තුල ජීවත් වන ඉඩම ඔප්පු නොමැති ගම්වැසියන් හට වන සංරක්ෂණය දෙපාර්තමේන්තුවේ සහ වන ජීවි අමාත්‍යාංශයේ අධීක්ෂණය මත නිරවුල් ඉඩම් ඔප්පු ලබා දීම කඩිනම් කිරීමට උපදෙස් ලබා දෙන ලදි.

ඉන් පසුව මාධ්‍යවේදීන් විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දුන් අමාත්‍යවරයා…

පසුගිය කාලයේ හදිසියේ දැකපු නැති විරෝධතාවයක් මේ සංවර්ධනය හරහා අපි දකිනවා. පසුගිය අවුරුදු 10දිම අපි දැක්කෙ නැහැ. පාරක් හදන්න ගියාම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. ඒ වාගේම පාරට අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න හැදුවම ඒකට විරෝධය ප්‍රකාශ කරනවා. මම දකින්නේ ආණ්ඩුවේ සංවර්ධනය නතර කරන්න මේ පිටුපස කවුරු හරි ඉන්නවා කියලා. ඒ වගේම අපි දකිනවා තමන්ගෙ පෞද්ගලික ඉඩමකවත් ගොඩනැගිල්ලක් හදන්න බැරි විදියෙ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනව කියලා. ඒක ඒ තරම් හොද දෙයක් නෙවෙයි. ඒ නිසා මේව ගැන හොයන්න ඕන. කවුද මේ පිටුපස්සෙ ඉන්නෙ කියල හොයන්න ඕන. එන්.ජී.ඕ. වලට එන සල්ලි ගැන බලන්න ඕන. කොහෙන්ද ඒ මුදල් එන්නෙ කාටද ඒ මුදල් යන්නෙ කියලා රජයක් හැටියට මේ ගැන සොයා බැලිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මෙය සොයා බැලිය යුතුයි කියන තැන ඉදල රජය කටයුතු කරනවා.

පළාත් සභා ඡන්දය ලග එන නිසා රවී කරුණානයක ඇතුළු පිරිස අත්අඩංගුවට ගනු ලැබුවේ දැයි මාධ්‍යවේදියකු කල ප්‍රශ්න කිරිමකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

ඒක සම්පූර්ණ බොරුවක්. අපේ ආණ්ඩුව කැලෑ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැහැ. විපක්ෂය කිව්වෙ බැදුම්කර හොරු ඉන්නවා දඩුවම් කරන්නේ නැහැ කියලා. නමුත් ඒක නීත්‍යානුකූලව නීතියට ඉඩ දීලා නීති රාමුවේ ඉන්න නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව ඉඩ දීල තියෙන්නෙ. මේ කලබලයට ගිහිල්ල දේශපාලඥයො හවුල් නිසා දේශපාලඥයො පිටුපස්සෙ හබා යන ජනාධිපතිවරයෙක් අගමැතිවරයෙක් ඉන්න ආණ්ඩුවක් නෙවෙයි අපේ ආණ්ඩුව. ඒ නිසා තමා අපි චෝදනාවට ලක් වෙන්නේ. මේක තමයි වෙනස, මේ වෙනස රටේ ජනතාව බලාපොරොත්තු වුණා. රිෂාඩ් බදියුදීන්ව අත්අඩංගුවට ගත්තා. එතකොට ප්‍රේමදාස මහත්තය කිව්වේ දේශපාලන පලිගැනීම් කියලා. පාර්ලිමේන්තුව ඇතුළෙ ප්‍රේමදාස මහත්තය කිව්වෙ ඔය කිව්වට කව්රුත් අත්අඩංගුවට ගන්නෙ නැහැ කියලා. ගත්තට පස්සෙ කියනවා පළාත් සභා මැතිවරණය ළග නිසා දේශපාලන පලිගැනීම් වලට ගන්නවා කියලා. මේ විපක්ෂයේ හිටපු හොරු ටික දෙබඩි පිලිවෙතක් ගෙනියන්නෙ. පරණ හොරු ටිකමයි ඉන්නෙ. විපක්ෂ නායකයටත් කොමිසමෙන් නඩු දාන්න කියල තියෙන්නෙ. දැන් ඒ කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට එවල තියෙන්නෙ. ඉතින් මේක අලුත් දෙයක් නෙවෙයි රටේ ජනතාව ගොනාවට අන්දවන විපක්ෂයක් අද ඉන්නෙ.

දේශපාලන පළිගැනීම් පිළිබද කොමිෂන් සභාවේ ඉදිරි වැඩ කටයුතු පිළිබදව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා..

කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරල තියෙනවා. ඒකට විවාදයක් අපි ඉල්ලලා තියෙනවා. විපක්ෂයෙනුත් විවාදයක් ඉල්ලලා තියෙනවා. හේතුව දේශපාලන පලිගැනීමට ලක්වුණ විශාල පිරිසක් හිටියා. ඒව හඩපටවලින් ඔවුන්ගේ කටහඩින්ම ඔප්පු උනා ඒ දේශපාලන පලිගැනීම් මොනතරම් දුරට ගියාද කියන එක. දේශපාලඥයන්ව ජීවිතාන්තය දක්වා හිරේ දාන්න, මරණීය දණ්ඩනය දෙන්න, බුද්ධි අංශය, මහා සංඝරත්නය, බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද රාජපක්ෂගෙ දරුවො ටික, රාජ්‍ය නිලධාරීන්, පොලිසියේ නිලදාරීන් වගේම මැති ඇමතිවරු වැනි මොනතරම් පිරිසකට මොවුන් කැගැහුවද. රන්ජන් රාමනායකගෙ හෙළි වුණ හඩපටවලින් හෙළි උනා මේ රටේ විනිශ්චයකාරවරුන්ට එතුමා කතා කළා කියලා. ඒ වගේම සී.අයි.ඩී. අධ්‍යක්ෂකට, FCID අධ්‍යක්ෂකට වැනි නොයෙක් තැන්වලට මේ අය කතා කරලා තියෙනවා. ඔහු කතා කරන්නේ හොරකම් කරපුවා ගැන නෙවෙයි. හිරේට යවන්න, කඩවැඩියි, රාජපක්ෂ කෙනෙක් හිරේ දාන්න වැනි කතා කියන්නේ. අපි එයාල ගත්ත තීන්දු දැක්කා. ඒ සමහරක් තීන්දු හඩ පට වලින් එලියට ඇවිල්ලා තියෙනවා අපි දැක්කා. එලියට ආවෙ නැති කොච්චරක් ඇත්ද, මෙමගින් විපක්ෂය කටයුතු කරන ආකාරය අපිට දැකගන්න පුලුවන්. මන්ත්‍රී කෙනෙකුට ටෙලිෆෝන් එකක් අරන්න යන්න විදියක් නැහැ. ටෙලිෆෝන් එකක් අරන් ගිය නිලධාරියෙකුගෙත් වැඩ තහනම් වුණා. පස්සේ තව ටෙලිෆෝන් එකක් අහුවෙලා තියෙනවා ඒ මන්ත්‍රිවරය ඉන්න නිවාසය ගාව. විනයක් නැති මන්ත්‍රීට තමයි ප්‍රේමදාස මහත්තය නාමයෝජනා දුන්නෙ. අද පාර්ලිමේන්තුවේ ප්‍රේමදාස මහත්තයා ඇතුළු කල්ලිය අද පෙනී හිටින්නෙ විනයක් නැති උසාවියට විවිධ බලපෑම් එල්ල කරපු දේශපාලඥයෙක් වෙනුවෙන්. ඒ වගේම ඒ දේශපාලඥයා වැරදි කාරයා උනායින් පස්සෙත් අධිකරණය දිහා බලල අපහාස කරල ගියේ. ඉතින් ඒ අපහාස කරපු අය තමයි ප්‍රේමදාස මහත්තයාට ලොකු වෙලා තියෙන්නේ. ඉතින් රන්ජන් රාමනායක නැමැති මන්ත්‍රීවරයාව ආණ්ඩු බලයේ ඉද්දිත් පාවිච්චි කෙරුවා, විපක්ෂයේ ඉද්දිත් පාවිච්චි කෙරුවා. දැන් හිරේට යවලත් ඔවුන් පාවිච්චි කරනවා. ඒක තමයි මෙයාලගෙ ප්‍රතිපත්තිය.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රවී කරුණානායක අත්අඩංගුවට ගත්තේ පළාත් සභා මැතිවරණයටද..
රවී කරුණානායක අත්අඩංගුවට ගත්තේ පළාත් සභා මැතිවරණයටද..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEMmnmgKanF1JKHwQ43Aa9nL8GQcJgJRheeGjQA6ocFeXgNrzs3LmLyZ0VOAoknCNeSH_qsYj8X8beiK46FRblrMDWRBVF2J4vUM3xv4_HrVhVf9AI44Q5SR-4omMIZPpvEVfimoTUfdc/s320/jonstons.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhEMmnmgKanF1JKHwQ43Aa9nL8GQcJgJRheeGjQA6ocFeXgNrzs3LmLyZ0VOAoknCNeSH_qsYj8X8beiK46FRblrMDWRBVF2J4vUM3xv4_HrVhVf9AI44Q5SR-4omMIZPpvEVfimoTUfdc/s72-c/jonstons.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_444.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/03/blog-post_444.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy