ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජය...
ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මෙරටට රැගෙන ඒමට කටයුතු කරන බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.
මේ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් අද (29) සිට ක්‍රියාත්මක කළ බවද පොලිස්පතිවරයා සඳහන් කළේය.
සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ ඩුබායි හිදී එරට පොලිසිය විසින් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පසුගිය සඳුදා (26) උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රිකව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද ඊයේ(28) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
පසුගිය ආණ්ඩු සමයේ රුසියාවෙන් යුද ගුවන් යානා මිලදී ගැනීමකදී මූල්‍ය වංචාවක් සිදු කොට ඇති බවට චෝදනා කරමින් උදයංග වීරතුංග මහතාට එරෙහිව නඩු පවරා ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කොට තිබේ.
COMMENTS