වව්නියාව ඊරට්ට පෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පතිවරයා විසින් පියවර ගෙ...
වව්නියාව ඊරට්ට පෙරියකුලම් පැරකුම් මහාවිද්‍යාලයේ බඹර කූඩුවක් ඇවිස්සීම හේතුවෙන් අද (29) උදෑසන පාසල වසා දැමීමට විදුහල්පතිවරයා විසින් පියවර ගෙන ඇත.
පාසලේ පිහිටි බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් පාසලේ පංති කාමරවලට බඹරුන් පැමිණිමත් සමග පාසලේ අධ්‍යාපනික කටයුතු එම අවස්ථාවේදීම නවතා පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාසල වසා දැමීමට කටයුතු කොට ඇති අතර පාසල් ළමුන්ගේ දෙමාපියන් විසින් ළමුන් ආරක්ෂා සහිතව නිවෙස් වෙතට රැගෙන යන ලදි.
මේ අතර මේ දිනවල පාසල් වාර විභාගයද පැවත්වෙන අතර අද දිනයේදී පැරකුම් මහා විද්‍යාලයේද වාර විභාගය පැවත්වීමට නියමිතව තිබුණු අතර බඹර කූඩුව ඇවිස්සීම හේතුවෙන් විභාගයද නොපැවත්වීමට පියවර ගැනුණි.
කෙසේ වෙතත් නිවාඩු දිනයක මෙම බඹර කූඩුව කඩා ඉවත් කරන ලෙසට කිහිප අවස්ථාවකදීම දැනුම් දී ඇති නමුත් පාසලේ කිසිවෙක් එයට අවධානය යොමු නොකල අතරම තම දරුවන් කිහිප දෙනෙකුගේම බඹරුන් දෂ්ඨ කළ බවටත් පාසලේ වගකිවත්තන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් අද දින මෙසේ පාසල වසා දැමීමට සිදුවූ බවට පාසල් දරුවන්ගේ දෙමාපියන් කියා සිටියහ.
එමෙන්ම පාසලේ අධයාපනික කටයුතු සිදුවන අවස්ථාවකදී බඹර කූඩුව ඇවිස්සුනේනම් විශාල හානියක් සිදු වීමට ඉඩ තිබූ අතරම ඉතා ඉක්මනින් මෙම බඹර කූඩුව ඉවත් කිරීමට පියවර ගත යුතු බවටද පාසලේ දෙමාපියන් වැඩි දුරටත් කියා සිටියහ.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS