යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙල විභාගයේ ප්...
යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ සිදුවූ රිය අනතුරකින් මිය ගිය සිසුවෙකු 2017 සාමාන්‍ය පෙල විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව ඒ- සාමාර්ථ 9 ක් ලබාගෙන ඇත.
පසුගිය වසරේ දෙසැම්බර් 28 වනදා සිදුවූ යතුරුපැදි අනතුරකින් කොනේස්වරන් ගාරුසන් නැමති සිසුවා මියගොස් ඇති බවට කොඩිකාමම් පොලීසිය කියා සිටියේය.
කෙසේ වෙතත් මෙවර නිකුත් වූ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵලයන්ට අනුව සිසුවා මුහුණ දුන් විෂයන් 9ටම ඒ සාමාර්ථ ලබා ඇති බවට ප්‍රතිඵලවලට අනුව පෙනී යයි.
යාපනය මද්දුවිල් කමලාසිනි විදුහලේ ඉගෙනුම ලැබූ මෙම 17 හැවිරිදි මෙම සිසුවාගේ විභාග ප්‍රතිඵල විශිෂ්ඨ අයුරින් පැවතීම හේතුවෙන් දෙමාපියන් ඇතුල ඥාතීන් මෙන්ම ගම්මානයම ඉතා ශෝකාකූලව සිටින බවට කොඩිකාමම් පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS