‘අක්කර දහස් ගණන් කැළෑ කපනකල් නිලධාරීන් මොනවද කරන්නේ? පළමුවෙනි ගහ කපනකොට අපි මේවා අල්ලන ඕන.’ යනුවෙන් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසයි. ...
‘අක්කර දහස් ගණන් කැළෑ කපනකල් නිලධාරීන් මොනවද කරන්නේ? පළමුවෙනි ගහ කපනකොට අපි මේවා අල්ලන ඕන.’ යනුවෙන් ගෝටාබය රාජපක්ෂ ජනාධිපතිවරයා පවසයි.
ගාල්ල ගල්ගොඩ ප්‍රදේශයේ දී පැවති ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදී ජනාධිපතිවරයා මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ‘මේ ගමෙත් මේ ප්‍රදේශයත් රක්ෂිත ප්‍රදේශයක් මේ බලන්න පාසල් තියෙනවා. ගෙවල් හදලා තියෙනවා. මේකත් වන රක්ෂිත ප්‍රදේශයක්. මේවා තමයි අපි ඉක්මනින් විසඳන්න ඕන. පහුගිය දවසක පරණ ගස් කොටයක පෝස්ටරයක් දාලා ඔබට පිිං කියලා මට එවලා තියෙනවා. අපි පරිසරය විනාශ කරනවාලු. අඩු තරමේ අලුතින් කපපු ගස් කොටයක් එවන්න එපාය.’යනුවෙන් පැවසීය.
COMMENTS