දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ranil wikramasingha
Homeප්‍රවෘත්ති

ranil wikramasingha

PropellerAds

ජ නාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇතිවී ඇති අර්බුදය දැන් පිපිරීමට ආසන්න බව එම පක්ෂයේම මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ වල...

ගෝඨාගේ පුරවැසි නඩුව විභාගයේ.. අධිකරණය ඉදිරියේ සෙනග පිරේ.. කැරලි මර්ධන ඒකක.. ජල ප‍්‍රහාර රථ කැදවයි
gotabaya rajapaksa case
මටත් ශ්‍රාවකයො ඉන්නවා “අපි ඡන්දෙ දෙන්නේ නෑ“ - ඉදිරි ජනාධිපතිවරණයට සහය දෙන්න ඇල්ලේ ගුණවංශ හිමිගෙන් ඉල්ලීම් 5ක් !
නාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂය තුළ මතුව ඇතිවී ඇති අර්බුදය දැන් පිපිරීමට ආසන්න බව එම පක්ෂයේම මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ වලින් මනාව පැහැදිලිවන බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පැවසීය.

ඒ මහතා මෙම අදහස්  පළකලේ රත්නපුර පැල්මඩුල්ල නිවසේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස අපි නම් කලේ පොදුජන පෙරමුණට සම්බන්ධ ඒකාබද්ධ විපක්ෂයේ සියළුම මන්ත්‍රීවරුන් වගේම අපේ පෙරමුණට සම්බන්ධ සියළුම දේශපාලන පක්ෂවල පොදු එකඟතාවයකින්.එම නම් කිරීමේ අවසන් තීන්දුව ගැනීමේ අවස්ථාව අපි මහින්ද රාජපක්ෂ මහත්තයට දීලා තිබුණේ.එහෙම තමයි පක්ෂයක විනයක් වගේම නායකත්වයක් තිබිය යුත්තේ.

දැන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට එළිපිටම අභියෝග කරන තැනට එහි පසුපෙළ මන්ත්‍රීවරු ඇවිල්ලා.පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම, පක්ෂ නායකත්වය තමයි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තීන්දු කරන්නේ.

නමුත් යූඑන්පී ජනාධිපති අපේක්ෂකයා තමන්  බව සජිත් ප්‍රේමදාස මහත්තයා තමන් විසින්ම නම් කරගෙන  දැන් රට වටේම යනවා.රට පුරා පෝස්ටර් ගහනවා. මේක හරිම විහිළුවක්. පසුපෙළ මන්ත්‍රීවරු කිහිප දෙනෙකුත් ඔහු සමග රට වටේ යනවා.

රවි කරුණානායක,වජිර අබේවර්ධන,අකිල විරාජ් කාරියවසම්, ලක්ෂමන් කිරිඇල්ල වගේ ප්‍රබල අමාත්‍යවරු  රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු බවට ප්‍රකාශ කරනවා.සරත් ෆොන්සේකා මහත්තයා සජිත්ව ත්, රණසිංහ ප්‍රේමදාස පාලනය තුළ කොටි ත්‍රස්තවාදීන් පෝෂණය කිරීමත් දැඩිව විවේචනය කලා.මේ අනුව දැන් එක්සත් ජාතික පක්ෂය තුළ විශාල අර්බුදයක් බෙදීමක් ඇතිවෙලා. රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට අවනත නොවන කණ්ඩායමක් පක්ෂය තුළ දැන් බිහිවෙලා තිබෙන බවයි අපට පෙනී යන්නේ. මන්ත්‍රීවරයා පැවසීය.

තවදුරටත් අදහස් දක්විමින්,

සජිත් ප්‍රේමදාස මහත්තයා කොච්චර දැඟලුවත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය කවදාවත් රනිල් වික්‍රමසිංහ මහත්තයගෙන්නම් ගන්න හම්බ වෙන්නෙ නැහැ.රනිල්ට පක්ෂය ඇතුලෙන් ජනාධිපතිවරණයට සජිත්ව දාන්න විශාල බලපෑමක් ආවොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා කැමති වෙයි.මොකද වික්‍රමසිංහ මහත්තයා දන්නවා මේ පාර ජනාධිපතිවරණයට කවුරු දැම්මත් පරදායි කියලා.සජිත් ජනාධිපතිවරණෙට ඉදිරිපත්වෙලා පරදා උනාම නිකම්ම නැවතත් විපක්ෂ නායක ධූරය තමන්ට ලැබෙනවා කියලත් රනිල් දන්නවා.සජිත්ට පක්ෂෙ නියෝජ්‍ය නායකකමත් අවසානෙදි නැතිවෙනවා.ඒකයි වෙන්නේ.සෙනෙවිරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

– ධම්මික තිලකරත්න


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ranil wikramasingha
ranil wikramasingha
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigts2coZ-O7c2jpx5yqlIYmR8MwyXbS7HZNFGTzKI1-ANunmTSBi195NoI_f27htXuOagNO1TpO12fjCddrGX4Wex1wYz44FQj6BdlzJvqYA2bz2nfSO0lJlam9EkVsQvhhIm3zBjYHE2w/s320/ranil-sajith.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEigts2coZ-O7c2jpx5yqlIYmR8MwyXbS7HZNFGTzKI1-ANunmTSBi195NoI_f27htXuOagNO1TpO12fjCddrGX4Wex1wYz44FQj6BdlzJvqYA2bz2nfSO0lJlam9EkVsQvhhIm3zBjYHE2w/s72-c/ranil-sajith.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/08/ranil-wikramasingha.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/08/ranil-wikramasingha.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy