අ ඟුණුකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ සඟවා තිබියදී ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසියකදී සොයාගෙන තිබේ. බන...
අඟුණුකොළපැලැස්ස බන්ධනාගාර භූමියේ සඟවා තිබියදී ජංගම දුරකථනයක් බන්ධනාගාර බුද්ධි ඒකකයේ නිලධාරීන් විසින් සිදුකළ සෝදිසියකදී සොයාගෙන තිබේ.
බන්ධනාගාර බුද්ධි ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එම බන්ධනාගාරයේ "Y විශේෂ අංශය" හා එම අංශය අවට පෙරවරු 11.40 ට පමණ සෝදිසිය ක්‍රියාත්මක කර ඇත.
එහිදී වළ දමා තිබූ එමි අංකය මකා දැමූ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසූවේ මෙම Y අංශය තුළ රංජන් රාමනායක සිරකරු ඇතුලු තවත් සිරකරුවන් පිරිසක් රඳවා සිටින බව ය.
මෙම දුරකථනය ඔහුට ලබාදීමට රැගෙන ආ දුරකථනයක් දැයි සැක සහිත බවත් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදුවෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS