දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විමල් හරි.. ජනපතිට පක්‍ෂයේ තනතුරක් ලැබිය යුතුයි - පුංචි මන්ත‍්‍රීන් පිරිසක් කොලඹ මාධ්‍ය හමුවක
Homeප්‍රවෘත්ති

විමල් හරි.. ජනපතිට පක්‍ෂයේ තනතුරක් ලැබිය යුතුයි - පුංචි මන්ත‍්‍රීන් පිරිසක් කොලඹ මාධ්‍ය හමුවක

PropellerAds

ර ට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කිරීමට කැප වෙමින් කටයුතු කරන ලෙසත් අභ්‍යන්තර වියවුල් හදමින් ආණ්ඩුවට එරෙහි සතුරු බලවේගවලට අවශ්‍ය භූමිය...

ශ්‍රී ලංකාව සහ මාලදිවයින් අතර වැදගත් ආරක්ෂක කරුණු ගැන සාකච්ඡාවක්
යුද්ධයෙන් වසර 8 කට පසු ආබාධිත රණවිරුවන්ට ජනපති නියමයෙන් සහන
'ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මාධ්‍යට' - අගමැතිගෙන් මාධ්‍යට දොස්මුරයක්
ට හදන ‘සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කිරීමට කැප වෙමින් කටයුතු කරන ලෙසත් අභ්‍යන්තර වියවුල් හදමින් ආණ්ඩුවට එරෙහි සතුරු බලවේගවලට අවශ්‍ය භූමිය නිර්මාණය කිරීමට දායක නොවන ලෙසත් ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් වියවුල් නිර්මාණය කරන පිරිස් වෙතින් ඉල්ලා සිටියි.

ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් මොරටුව නාගරික මන්ත්‍රී සුරේෂ් ඉන්දික මහතා මෙසේ ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුරේෂ් ඉන්දික මහතා මෙසේද සඳහන් කළේය.

” අප මෙම මාධ්‍ය හමුව පවත්වන්නේ 131ක් වන ජාතික නිදහස් පෙරමුණේ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන කොළඹ දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරු ලෙසයි. 69 ලක්ෂයක ජනවරමේ අපේක්ෂාවන් ඉටු කරමින් සහ 2/3 ක පාර්ලිමේන්තු ජනවරමේ බලය ද සමගින් ආණ්ඩුවට ඉදිරියට යාම සඳහා බිම් මට්ටමින් විශාල සහයෝගයක් ලබා දෙන්නේ පළාත් පාලන මන්ත්‍රීවරුනුයි. අපිට තමයි බිමේ ජීවත් වන අඩු ආදායම්ලාභීන්ගේ සිට ඉහළ මධ්‍යම පාන්තිකයා දක්වා සියලු ජනකොටස් සමග සක්‍රීයව ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේ. 69 ලක්ෂයක ජනවරමක් ලැබුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන් ඉදිරිපත් කළ ‘රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යථාර්ථයක් කරන්න කියලයි. ඒ කටයුත්ත නිසි ලෙස සිදු වෙනවාද, කියා ජනතාව සමීපව විමසන පිරිස අපයි.

‘ ප්‍රකාශය වැරැදි විදිහට අර්ථ දැක්වූවා’

නමුත් ලැබුණු ජනවරමේ අපේක්ෂාවන් ඉටු කරන්න බාධා ඇති කරන, යම් සිදුවීම් වෙමින් තිබෙනවා. අපේ දේශපාලන සන්ධානය තුළ අසමගිය ඇති කරන්න, ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමට බාධා කරන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් සූදානම් බව පෙනෙනවා. ඊට හොඳම නිදසුන තමයි, අප පක්ෂයේ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමා පෙබරවාරි 07 වැනිදා ලංකාදීප පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක දී සිදුකළ ප්‍රකාශයක් වැරදි විදිහට අර්ථ ගන්වමින් අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට කටයුතු කිරීම. ඇත්තෙන්ම විමල් වීරවංශ මැතිතුමා පැවසුවේ රාජ්‍ය නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, එතුමා මැතිවරණයට ඉදිරිපත් වූ දේශපාලන පක්ෂයේ, එනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ තනතුරක් ලබා දුන්නොත් ඔහු අංගසම්පූර්ණ රාජ්‍ය නායකයකු වන බවයි. මීට ඉහතදී මේ රටේ රාජ්‍ය නායකත්වයට පත්වූ සෑම අයකුම ප්‍රධාන දේශපාලන ප්‍රවාහයක, ප්‍රධාන භූමිකාවක් ඉටු කළා. එම ඉඩකඩ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ට ලබාදිය යුතු බවත් එය 69 ලක්ෂයේ ජනවරමේ අපේක්ෂාවන් ඉටු කරලීමට එතුමන්ට වඩාත් ශක්තියක් වනු ඇති බවත් පෙන්වා දෙමින් තමයි වීරවංශ මැතිතුමා එම අදහස් දක්වා තිබුණේ. නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් නායකයන් මෙය අර්ථ දැක්වූයේ, මහින්ද රාජපක්ෂ මැතිදුන් සිය පක්ෂ නායකත්වයෙන් ඉවත් කර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් පක්ෂ නායකත්වයට පත් කළ යුතු බව විමල් වීරවංශ මහතා පැවසූ බවටයි. ජානිපෙ පළාත් පාලන මන්ත්‍රී කණ්ඩායම විදිහට අපත් එකහෙළාම පක්ෂ නායකත්වයේ අදහස පිළිගන්නවා. මෙතැනදී වෙනත් පක්ෂයක කටයුත්තකට අත දැමීමක් සිදුව නැහැ. ආණ්ඩුවේ ඉදිරි ගමන වෙනුවෙන්, ජනතා අපේක්ෂාවන් කඩිනමින් ඉටු කරලීම වෙනුවෙන් එතුමන්ට අදහස් දැක්වීමේ තිබෙන අයිතියට කිසිවෙකුට අභියෝග කිරීමට බැහැ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට තමන් මැතිවරණයට ඉදිරිපත් වූ පක්ෂයේ ඉහළ තනතුරක් ලැබිය යුතු බව, විමල් වීරවංශ මැතිතුමා පමණක් නොවෙයි, 69 ලක්ෂයේ ජනවරම නිර්මාණය කිරීමට දායක වූ මහා සංඝරත්නය, ජාතික බලවේග ඇතුළු බොහෝ අය ඉදිරිපත් කළ අදහසක්. එවැනි අදහසක් ඉදිරිපත් කිරීමේ වරද කුමක්ද ? එයට ‘භූමිතෙල් ගෑවුණු ගැරඬි’ වගේ දගලන්න ඕනෙ ද ?

‘ජනතාවාදී තීන්දු රැසක් ගත් ආණ්ඩුව ක්!’

මේ ආණ්ඩුවට එරෙහිව බොහෝ දෙස් විදෙස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. එසේ තිබියදී ආණ්ඩුව බොහෝ සාධනීය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. යහපාලන ආණ්ඩුව ගහන්න හදපු එම්සීසී ගිවිසුම හකුළන්න අපේ ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම යහපාලන ආණ්ඩුවේ මංගල සමරවීර ඇමතිවරයා සම අනුග්‍රහය දැක් වූ රණවිරුවන් දංගෙඩියට යවන ජිනීවා යෝජනාවලින් ඉවත් වීමට අපේ ආණ්ඩුව කටයුතු කළා. ආණ්ඩුව හදන්න මුල් වූ ජාතික බලවේග ඇතුළු සමාජ බලවේගවල මතය පිළිගනිමින් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය 100%ක්ම වරාය අධිකාරිය සතුව තබාගෙන සංවර්ධනය කිරීමට තීන්දු ගත්තා. මේවා සියල්ල කොරෝනා වසංගතයට සාර්ථකව මුහුණ දෙමින්, අභියෝග මැද ගත්තු, 69 ලක්ෂයේ ජනවරමට අනුකූල තීන්දුයි. එසේ තිබියදී තමයි මේ පිරිස් මේ අනවශ්‍ය සංවාදයක් කරළියට ගෙනාවේ.

මේ ඇතමුන්ගේ ක්‍රියා කලාපය දැකපු, මේ ජනවරම නිර්මාණය කරන්න දායක වූ ජනතාව අපෙන් අහනවා ‘මේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන අදිසි බලවේගයක් ආණ්ඩුව ඇතුළෙම ඉන්නවාද?’ කියා. ආණ්ඩුව ඇතුළේ වියවුල් හදපුවාම කාටද වාසි? 69 ලක්ෂයේ ජනවරමට එරෙහි බලවේග වලටයි. ඒ නිසා අපි පොදුජන පෙරමුණෙ මේ පිරිසගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිනවා, ’69 ලක්ෂයේ ජනවරමේ අභිලාෂය වූ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරන්න උපරිමයෙන් කැප වෙන්න’ කියා. සතුරාට අවශ්‍ය භූමිය හදන එක නතර කරන්න කියන ඉල්ලීමත් අපි ඉදිරිපත් කරනවා.

‘ පාවා දෙන්නන්ගේ ලයිස්තුවට ඇතුළත් වෙන්න එපා’

ඉතිහාසයේ පාවාදීමේ ලයිස්තුවට කිසිවකුත් ඇතුළත් විය යුතු නැහැ. ‘ විභීෂණ, ඇහැලේපොළ, පිළිමතලාව, දොන් ජුවන් ධර්මපාල යන අයගේ නාමාවලියට තමුන්නාන්සේලාගේ නම් ඇතුළත් කරගන්න එපා ! ඉතිහාසයේ කුණුබක්කියට වැටෙන්න එපා!’ කියා ඉතා ආදරයෙන්, ගෞරවයෙන් ඒ ජනවරමට පිටුපා කටයුතු කරන පිරිසගෙන් ඉල්ලා සිටිනවා”

කඩුවෙල මහ නගර සභාවේ මන්ත්‍රීවරු වන ශෂී පෙරේරා, යූ ධනවංශ, අජිත් කුමාර, චන්න පැතුම්, කැස්බෑව නගර සභාවේ මන්ත්‍රීවරු වන අතුල සේනානායක හා රංජිත් පත්මසිරි යන මහත්වරු ද මේ මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විමල් හරි.. ජනපතිට පක්‍ෂයේ තනතුරක් ලැබිය යුතුයි - පුංචි මන්ත‍්‍රීන් පිරිසක් කොලඹ මාධ්‍ය හමුවක
විමල් හරි.. ජනපතිට පක්‍ෂයේ තනතුරක් ලැබිය යුතුයි - පුංචි මන්ත‍්‍රීන් පිරිසක් කොලඹ මාධ්‍ය හමුවක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyrtV6AMtk2ItD5CCeIeUnH8_Qeho3biyrZCWtYMM9hMY4uGSv0VupEMYD1Wr-ydHCheGmcHLoBjIghB0rP6SuM4nQNzd6q2eB2hoyHOeWIMjPe2dD0OekQ5VdfEKPpn8_zbZnfCS0U1c/s320/444555.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyrtV6AMtk2ItD5CCeIeUnH8_Qeho3biyrZCWtYMM9hMY4uGSv0VupEMYD1Wr-ydHCheGmcHLoBjIghB0rP6SuM4nQNzd6q2eB2hoyHOeWIMjPe2dD0OekQ5VdfEKPpn8_zbZnfCS0U1c/s72-c/444555.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_740.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_740.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy