දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා - සුමන්තිරන්
Homeප්‍රවෘත්ති

ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා - සුමන්තිරන්

PropellerAds

මෙ වර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්ත...

පෞද්ගලික රෝහල් නියාමන ගැසට් පත්‍රය ලබන පෙබරවාරි මාසයේ දී ප්‍රකාශයට
පෞද්ගලික සෞඛ්‍ය ආයතන සහ වෛද්‍යවරුන් ලියාපදිංචියට රාජිතගෙන් සහන කාලයක්
මහින්ද කතරගම පූජාවක! “පොහොට්ටුවේ“ ඡන්ද අපේක්ෂකයෝත් එති
මෙවර 73 වන ජාතික නිදහස් දිනය හා ජාතික නිදහස් දින සැමරුම වර්ජනය කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසුවේය.

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ දේශපාලන කමිටු රුස්වීම (31) වව්නියාවේ පක්ෂ කාර් යාලයේදී රැස්වී එම දේශපාලන මණ්ඩල සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය හමුවක් පවත්වමින් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක එම්. ඒ සුමන්තිරන් මහතාමේ බව  පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වරයා පවසා සිටියේ,

‘ දෙමළ ජනතාවට සිදුවන අඛණ්ඩ මර්දනයන්ට හේතුවෙන් මෙවර ජාතික නිදහස් දිනය වර්ජනය කිරීමට තීරණය කළා ඒ වගේම මෙරට සිදුවු බව කියන මානව හිමිකම් කඩවීම් හා ජීනීවා මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා වන  නිර්දේශ ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇති ත්‍රිපුද්ගල විශේෂ කමිටුව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප‍්‍රතික්ෂේප කළ යුතුයි.

‘උතුරු නැගෙනහිර පළාත් වල ජීවත් වන දෙමළ ජනතාවට එරෙහිව ආණ්ඩුව විසින් සිදු කරනු ලබන මර්දනයන් පිළිබඳව අප සාකච්ඡා කරනු ලැබුවා. පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව , මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව වැනි රජයේ ආයතන විසින් අප ජනතාවගේ ඉඩම් අත්පත් කර ගැනීම් ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා දෙපාර්තුමේනතුව හින්දු ආගමික සිද්ධස්ථාන වෙනස් කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කරන ආකාරයක්ද වර්තමානයේ දැක ගන්න පුළුවන්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ මීළඟ සැසිවාරය සඳහා සියලූ දෙමළ දේශපාලන පක්ෂ වල එකඟතාවය එම කවුන්සලයේ සියලූ සාමාජික රටවල තනාපතිවරුන් වෙත යැවීමට හැකිවීම පිළිඳබව සතුටු වෙනවා.

මේ අතර වත්මන් ආණ්ඩුව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් කමිටුවක් පත් කර තිබෙනවා. එයට අපගේ අදහස් යෝජනා දැනටමත් අප යවා අවසන්. නව ආණඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කරන්නේ නම් එහි ජාතික ගැටලූව සඳහා වන විසඳුමක් අඩංගු විය යුතුමයි. ජාතික ගැටලූවට විසඳුමක් නොමැති නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් කිසිඳු ඵලක් අත් නොවන බව අප පෙන්වා දී තිබෙනවා.

එම කමිටුව එළැඹෙන 20 වනදා අප පක්ෂය හමුවීමට සුදානම්ව සිටිනවා. එම අවස්ථාවේදිත් අප අපගේ ස්ථාවරය දැනුම් දීමට කටයුතු කරනු ලබනවා.

ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය සැමරුම් දෙමළ ජනතාව අඛණ්ඩව වර්ජනය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ. නමුත් පසුගිය ආණ්ඩුව කාලයේදි ලබා දුන් පොරොන්දු හේතුවෙන් අප ජාතික නිදහස් දින සැමරුමට මමත් සම්බන්දන් මහතාත්  සහභාගි වුණා. එහෙත් එම ආණ්ඩුවත් අපට ලබාදුන් පොරොන්දු ඉටු කිරීම අමතක කළා. එබැවින්  මෙවරත් අපි ජාතික නිදහස් දිනය වර්ජනය කරනු ලබනවා. යනුවෙනි.

මෙම අවස්ථාවට පාරිලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන්, ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා ඇතුලු පිරිසක්ද සහභාගී විය.

– වන්නි රොමේෂ් මධුෂංඛ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා - සුමන්තිරන්
ශ්‍රී ලංකාවේ නිදහස් දිනය අප සමරන්නේ නැහැ… දෙමල ජනතාව එය වර්ජනය කරනවා - සුමන්තිරන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2JvqD8vBxS78IQtVUE6AMmw0AlWgvR37mUKOIOXVD1yhtCZwMaA-bGt3k9cjRRH49aniYxwWjEy83U4dhwLvq-5knEZO4h20lAtWkXSPrU2nhruoO0W3RDJx8aRcZ16YgJbOglES1LIA/s320/TNA.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh2JvqD8vBxS78IQtVUE6AMmw0AlWgvR37mUKOIOXVD1yhtCZwMaA-bGt3k9cjRRH49aniYxwWjEy83U4dhwLvq-5knEZO4h20lAtWkXSPrU2nhruoO0W3RDJx8aRcZ16YgJbOglES1LIA/s72-c/TNA.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_62.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_62.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy