දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා !
Homeප්‍රවෘත්ති

ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා !

PropellerAds

ත මන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව උතුරු නැගෙනහිර දෙපළ...

පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවෙකු මරුට (VIDEO)
ජනපති පෞද්ගලික ලේකම් ජනක රණවකට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු
ජනපති පෞද්ගලික ලේකම් ජනක රණවක ට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු
මන් වහන්සේ කැලෑව එළි පෙහෙළි කරන බව රටේ ප්‍රධාන පුරවැසියකු ලෙස ආරක්ෂක ලේකම්වරයා කරන ලද ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් බව උතුරු නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියෝ පැවසූහ.

ශාසන විරෝධී, ජාති විරෝධී කටයුතු නොකර ශාසනය ආරක්ෂ කිරීම වරදක් නම් සිවුරු හැරදමා එල්ලුම් ගසට වුවත් යෑමට තමා සූදානම් බවද ඒ හිමියෝ කීහ.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ නමක් කැලෑ එළි කරන බවට දිස්ත්‍රික් ලේකම්වරුන් සමග පැවැති සාකච්ඡාවකදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න කරන ලද ප්‍රකාශය පිළිබඳව අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියහ.

තමන් වහන්සේ කැලෑ කපා ඇත්නම් ඒ පිළිබඳව ත්‍රිකුණාමලය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙසද උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටිති.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

ත්‍රිකුණාමලේ ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේලාට කුටියක් ඉදිකළත් එම කටයුතු සිදු කරනු ලබන්නේ පරිසරය ආරක්ෂා වන පරිදියි. උපසම්පදා භික්ෂුවකට ගසකින් කොළයක් වත් කඩන්න අවසරයක් නොමැති ශාසනය තුළ ආරක්ෂක ලේකම්වරයා මෙවැනි චෝදනාවක් කරන්නේ කුමන පදනමක් තුළද, කාගේ අවශ්‍යතාවයකටද යන්න ගැටලුවක්.

මම ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරනවා. අපි අරිසිමලේ ආරණ්‍ය සේනාසනයේ කටයුතු කරනු ලබන්නේ යම් වගකීමක් ඇතිවයි. උතුරු නැගෙනහිර පළාතේම විනාශවී යන පුරාවිද්‍යා නටඹුන් අන්තවාදී කල්ලිවලින් ආරක්ෂා කර ගැනීමට අපි විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබනවා. එය භික්ෂූන් වහන්සේලා ලෙස යුතුකමක්.

ආරක්ෂක ලේකම් කියන්නේ රටේ වගකීමක් දරන ප්‍රධාන පුරවැසියෙක්. එතුමා මාධ්‍යයක් හරහා සොයා බැලීමකින් තොරව මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම කනගාටුවට කාරණයක්. එතුමා මේ සිදුකර තිබෙන්නේ සම්පූර්ණ අසත්‍යයක්. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ බොහෝ කැලෑ ප්‍රදේශ ආරක්ෂා වෙලා තියෙන්නේ අසිරිමලේ ආරණ්‍ය සේනාසනය නිසයි.

– aruna


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා !
ආරක්ෂක ලේකම් කියන්නේ අමූලික බොරු..- උතුරු නැගෙනහිර ප්‍රධාන සංඝනායක හිමිගෙන් චෝදනා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHJ1vs2qmFkddfZNXexr4AC2nHaqHhCL0hSOpUfpRodKENOeL_qUA0OcMX1IcjOxZ8v5-QhiOdLBACLLJ4D1hoek4dEAJdSMymCXqpSSmS_-kF1cFjqqsfZyHSEm8tUQJChbMs-11RdE4/s320/1212.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHJ1vs2qmFkddfZNXexr4AC2nHaqHhCL0hSOpUfpRodKENOeL_qUA0OcMX1IcjOxZ8v5-QhiOdLBACLLJ4D1hoek4dEAJdSMymCXqpSSmS_-kF1cFjqqsfZyHSEm8tUQJChbMs-11RdE4/s72-c/1212.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_375.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/blog-post_375.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy