දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවෙකු මරුට (VIDEO)
Homeප්‍රවෘත්ති

පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවෙකු මරුට (VIDEO)

PropellerAds

පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩාවැටී සිසුවෙකු මියගිය පලාගල බුදුගේහීන්න මහ විදුහලේ දෙමාපියන් පිරිසක්, විදුහල්පති කාර්යාලය වටකර විරෝධතාවක නිරත...

පොහොට්ටුවේ සියළු ජාතික ලයිස්තු මන්ත‍්‍රීවරුන් ඉල්ලා අස්වෙන්න සූදානම්…
දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?
මාධ්‍ය අධ්‍යක්‍ෂ ජනාධිපතිගේ ගෞරවය රැකිය යුතුයි - ස්වර්ණවාහිනියෙන් සුදේවට පාඩමක් !
පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවෙකු මරුට (VIDEO)

පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩාවැටී සිසුවෙකු මියගිය පලාගල බුදුගේහීන්න මහ විදුහලේ දෙමාපියන් පිරිසක්, විදුහල්පති කාර්යාලය වටකර විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් පලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුදුගෙහින්න මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ අලුතෙන් ඉදි කෙරෙමින් තිබූ ‍ක්‍රිඩා මන්ඩපයේ   කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ ගල්කිරියාගම බුදුගේහින්න ප්‍රදේශයේ පදිංචි එල් .කේ .පසිඳු ක්‍රිෂාන්  කරුණාතිලක නැමැති මෙවර අ පො ස සා පෙළ විභාගය සඳහා ඉගෙනීම් කටයුතු කරන විද්‍යාලයේ ක්‍රීඩා දක්ෂ දරුවකු බව එහි දෙමව්පියෝ කියති.

පාසල් කාලයෙන් පසු   අත්පන්දු ක්‍රීඩාව සහ පාපන්දු ක්‍රීඩාව පාසලේ දරු දැරියන් පාසල් ක්‍රීඩාංගනයේදී පුහුණු වෙමින් සිටියදී   ක්‍රීඩාංගණය ආසන්නයේ විදුහල්පතිවරයා විසින් ඉදිකරමින් තිබූ ක්‍රීඩා මණ්ඩපය ආසන්නයේ ගිමන් හරිමින් සිට ඇත . එම අවස්ථාවේ  සිසුන් පිරිසක් එක්ව එම ක්‍රීඩාංගනය ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවකට හේතු වීමත් සමග එය මෙම සිසුවා ගේ හිස මතට කඩා වැටී ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.

බරපතළ තත්ත්වයේ තුවාල ලැබූ පාසල් සිසුවා ගලේවෙල ප්‍රාදේශීය රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය. පාසලේ සිසු දරු දැරියන් සහ ප්‍රදේශවාසීහු ගලේවෙල ප්රාදේශීය රෝහලේ දී නොසන්සුන්කාරී ආකාරයෙන් හැසිරෙන්නටද විය.

මෙවර 1වසර පන්ති සඳහා ළමුන් ඇතුලත් කිරීමේදී එම දරුවන්ගෙන් මුදල් අය කරමින් විදුහල්පතිවරයා විසින් මෙම විවේකාගාරයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර තිබුණු බවත් පුද්ගලික ආයතන වලින් ගෙන්වා  තිබූ කොන්ක්‍රීට් කණු කිසිදු සවි කිරීමකින් තොරව ඉතා අනාරක්ෂිත ආකාරයෙන් ඉදි කිරීම නිසා මේ තත්ත්වය උදාවී ඇතැයි ක්‍රීඩාංගණයට එක්වූ දෙමව්පියෝ චෝදනා කරන්නට වූහ.

පාසැලේ දරුවෙක් මේ ආකාරයෙන් මිය ගොස් තිබුනද පස්වරුව වෙන තෙක්ම විදුහල්පතිවරයා පාසැලට හෝ රෝහලට නොපැමිණි බවද දෙමාපියෝ චෝදනා කරන්නට වූහ.

 එමෙන්ම එම ස්ථානයට රැස් වූ දෙමව්පියෝ ක්‍රීඩා මන්ඩප සවිකර තිබූ අනිත් කණු කීපයක් පෙරළා එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන්නේ මෙම කොන්ක්‍රීට් කණු මහපොළොවට හෝ එහි අඩිතාලමට කිසිදු සම්බන්ධතාවයක් නොමැතිව ඉතා අනාරක්ෂිත ලෙස ඉදිකර තිබුණු ආකාරයයි . 

ගල්කිරියාගම පොලිසියේ නිලධාරීහු පාසලට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබු අතර දෙමාපියෝද පාසලේ නොසන්සුන් කාරී ලෙස හැසිරෙන්නට වුහ.

  කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන  අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මාධ්‍ය ලේකම් වරයා  කියා සිටියේ මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමත් සමඟම සොයා බැලූ බවත් මෙම පාසැලේ ඉදිකිරීම් කටයුතු මධ්‍යම පළාත් සභාවට හෝ රේඛීය අමාත්‍යාංශයෙන් සිදුවූවක් නොවන බවය .විදුහල්පතිවරයා සහ පාසල් සංවර්ධන සමිතිය මගින් සිදු කරමින් තිබූ ඉදිකිරීමත් මේ ආකාරයෙන් අනාරක්ෂිත ලෙස පාසල් දරුවකුට ජීවිතක්ෂයට පත්වීමේ පුවත  පිළිබඳව අමාත්‍යවරයා ද දැඩි කම්පාවට පත්වූ බව හෙතෙම සඳහන් කළේ ය.

උතුරු මැද පලාත් නව ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා කියා සිටියේ වහා ක්‍රියාත්මක වන පරිදි මෙම මරණය සම්බන්ධයෙන් රීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ය.

මෙම මරණය සහ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පාසල් සිසුන් සිද්ධිය ඇසින් දුටු සිසුසිසුවියන්   ලබා දුන්නද වීද්‍යාලයේ කිසිදු වගකිවයුතු පුද්ගලයෙකු මේ සඳහා ප්‍රකාශයක් ලබාදීමට ඉදිරිපත් නොවීම ද විශේෂත්වයකි.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවෙකු මරුට (VIDEO)
පාසලේ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී සිසුවෙකු මරුට (VIDEO)
http://am.lk/media/k2/items/cache/dde162ac44d04d71f56e398d6519b706_S.jpg
https://i.ytimg.com/vi/jTQwuioOE9E/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/video_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/video_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy