ජනාධිපති පෞද්ගලික ලේකම් සහ හිටපු කෝට්ටේ නගරාධිපති ජනක රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ අධිචෝදනා එළඹෙන පෙබරවාරි මස ...
ජනාධිපති පෞද්ගලික ලේකම් සහ හිටපු කෝට්ටේ නගරාධිපති ජනක රණවකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ගොනු කළ අධිචෝදනා එළඹෙන පෙබරවාරි මස 28 වන දා සලකා බැලීමට නියමිතය.
නීතිපතිවරයා මෙම අධිචෝදනා ගොනු කර ඇත්තේ 2013 වසරේ දී කෝට්ටේ හිටපු නගරාධිපති මධුර විතානගේ මහතාගේ පෞද්ගලික පරිගණකයට ජනක රණවක අනවසරයෙන් ඇතුල් වීමේ සිද්ධියක් මතය.
ඒ අනුව ජනක රණවකට එරෙහිව පරිගණක අපරාධ පනත යටතේ චෝදනා ගොනු කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු නගරාධිපති ජනක රණවක සිය පෞද්ගලික ලේකම්වරයා ලෙස පත් කළේ මෙම අධිචෝදනා ගොනු කිරීමෙන් පසුවය.
ජනාධිපතිවරයා සිය ධුරයට පත්වී වසර හතරක් ගත වූ පසුගිය 8වනදා ජනක රණවක විසින් පෝස්ටර් ව්‍යාපාරයක් ද කොලඹ නගරයේ දියත් කර තිබිණ
COMMENTS