ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා මෙම අදහස් පල කලේය. අපි පක්ෂයක් හැටියට සි...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා මෙම අදහස් පල කලේය.
අපි පක්ෂයක් හැටියට සිව්වසරක් සපුරන මේ මොහොතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට දකුණු අසියාවේ තියෙන දැවැන්ත දේශපාලන පක්ෂයක් හැටියට පත්වෙලා හමාරයි. සතර දිග්භාගයට ගිහින් සම්මේලන පවත්වලා ග්‍රාමීය මට්ටමෙන් සාර්ථකව සිදු වෙනවා. හැමවේලේම රාජපක්ෂවරුන් රජයක් භාර ගද්දි විනාශ වුණු රටක් භාර ගන්න වුණේ. සුනාමියෙන් විනාශ වෙච්ච රටක් නැවත සංවර්ධනය කරන්න වුණේ. පාස්කු ප්‍රහාරයට ලක්වෙච්ච, සංචාරක කර්මාන්තය කඩා වැටුණු රටක් භාර ගන්න අති ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර ගන්න වුණේ. ජනතාවගේ සංවර්ධන කටයුතු, ප්‍රතිපාදන ලබා දෙන්න සමතුලිතව ගෙන යන්න.
විපක්ෂයේ අද සර් Fail කියලා කියනවා. ඒත් එතුමා පෙන්නලා තියෙනවා Pass කියලා. පසුගිය සතියේ ජල උමං මාර්ගය ආරම්භ කරා. රජරට ගොවිජනයා හැමදාම ජලය නැතිව කඳුලු කතාව හැමදාම අහලා තිබුණා. අනුරාධපුර පදවිය කොට්ඨාශයේ කෘෂිකාර්මික කටයුතු කරන්න විශාල පහසුවක් උදව් දිලා තියෙනවා. මොරගහකන්ද ජලාශයෙන් තුළින් මුළු රජ රට මෙන් නොව උතුරු වයඔ සංවර්ධනය කරන පරිසරයක් සකස් කර තියෙනවා. වැව් විශාල ප්‍රමාණයක් සංවර්ධනය කර තියෙනවා.
ගොවි ජනතාව ගැන විශ්වාසයක් තියලා වී මිලට සහතික මිලක් දිලා තියෙනවා ගෝඨාභය රාපක්ෂ මැතිතුමා. නිසි කලට වේලාවට ජලය ලබා දෙන්නේ. ඇස් කන් පියාගෙන හිටියා යහපාලන ආණ්ඩුව. සාර්ථක අස්වැන්නක් ගොවිජනයාට මේ කන්නේ ලැබෙනවා. වෙනදා පිටරටින් හාල් ගෙන්නේ. නමුත් එතුමා ජනතාවට ආදරය කරන නායකයෙක් නිසා අවශ්‍ය නිශ්පාදනය කරනවා. බඩඉරුඟු,කවුපි විදේශයෙන් ගෙනවා. දේශීය ගොවියාට නෙවේ මුදල් ගෙනාවේ.ඒත් ජනාධිපතිතුමා දේශීය ගොවියා ශක්තිමත් කරනවා. සෑම වසකම නිවස් ඉදිකිරීමේ කාර්යභාරයක් මේ දින කරනවා. විශාල ව්‍යාපෘති , පාසල්වල, ක්‍රිඩාංගන සංවර්ධන වේගවත්ව සිදු කරනවා. විපක්ෂය ආණ්ඩුවට ඇගිල්ල දික්කරන්නේ. මේ උදවියට වසර 05 ක් කරන්න බැරි වුණා. අද උපාධිධාරින් රැකියා ලබා දුන්නා. පොළොන්නරු දිස්ත්‍රික්කයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගුරු හිඟය සම්පූර්ණයෙන් අවසන් කර තියෙනවා. මේ සංවර්ධන විපක්ෂය දකින්නේ නෑ.
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හයිය අපිට විශාල ශක්තියක්. හිර ගෙදර ඉදලා පක්ෂය නිර්මාණය කර බැසිල් රෝහණ රාජපක්ෂ මැතිතුමා අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘවරයා විදිහට මේ පක්ෂයේ වැඩසටහන් ග්‍රාමීය මට්ටමෙන් ගෙන ගිහින් ඉතා මනා කළමණාකරත්වයෙන් ගෙන යන්න බැසිල් රාජපක්ෂ මැතිතුමාට ස්තූති වෙනවා.
තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

COMMENTS