දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කාලගුණයේ ලොකු වෙනසක් - මුහුද රළු වේ - ගිගුරුම් සහිත වැසි
Homeප්‍රවෘත්ති

කාලගුණයේ ලොකු වෙනසක් - මුහුද රළු වේ - ගිගුරුම් සහිත වැසි

PropellerAds

දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් බවට පත්ව ඇති අතර එය තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා ද...

පිපිරීම් සඳහා ජාත්‍යන්තර සබඳතා ද ඇතැයි හෙළිවෙයි
අධිබලැති පුපුරණ ද්‍රව්‍ය තොගයක් හමු වෙයි…
ප්‍රසිද්ධ හෝටල් දෙකේ පිපිරීම් සිදු කළ ප්‍රබල ව්‍යාපාරිකයාගේ පුත්‍රයින් දෙදෙනා ගැන විශේෂ අනාවරණයක්
කාලගුණයේ ලොකු වෙනසක් - මුහුද රළු වේ - ගිගුරුම් සහිත වැසි

දිවයින ආසන්නයේ පැවති තරංගාකාර කැළඹිලි ස්වභාවය මේ වන විට අඩු පීඩන තත්ත්වයක් බවට පත්ව ඇති අතර එය තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම තත්ත්වය යටතේ දිවයින අවට මුහුදු ප්‍රදේශ කිහිපයක් රළු ස්වභාවයක් ගනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ හේතුවෙන් ධීවර ප්‍රජාවට අනතුරු ඇඟවීම්ද නිකුත් කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම අඩු පීඩන තත්ත්වය මේ වන විට දිවයිනට දකුණු දෙසින් ස්ථානගතව ඇති අතර බස්නාහිර දෙසට ගමන් කරනු ඇති බවයි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින අතර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මේ තත්ත්වය යටතේ යාපනය සිට මන්නාරම ,කොළඹ ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා ගැඹුරු හා නොගැඹුරු  මුහුදු ප්‍රදේශවල තද වැසි සහ තද සුළං ඇති විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් ඉදිරි පැය 48 තුළ එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරත නොවන්නැයි එම දෙපාර්තුමේන්තුව ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතර නාවිකයින්ට ද මේ පිළිබඳව අවධානයෙන් පසුවන්නැයි දැනුම් දෙයි.

මේ අතර මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (11) රාත්‍රියේ සිට කඩින් කඩ තද වැසි ලැබෙමින් පවතියි.

මෙලෙස කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව පතිත වුවද පහළ බැස ඇති එම ජලාශවල ජල මට්ටම ඉහළ යාමට තරම් එය ප්‍රමාණවත් නොවන බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසයි.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කාලගුණයේ ලොකු වෙනසක් - මුහුද රළු වේ - ගිගුරුම් සහිත වැසි
කාලගුණයේ ලොකු වෙනසක් - මුහුද රළු වේ - ගිගුරුම් සහිත වැසි
http://am.lk/media/k2/items/cache/b9d727b3ad1a96aa39c18c7725d3d5a3_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_585.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/03/blog-post_585.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy