“මට ආරංචියි බොදු බල සේනාව තහනම් කරන්න කියලා තියෙනවා කියලා. එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමු...
“මට ආරංචියි බොදු බල සේනාව තහනම් කරන්න කියලා තියෙනවා කියලා. එහෙම තහනම් කරන්න බෑනේ. ඒක අන්තවාදීවැයි. බොදු බල සේනාවට මම විරුද්ධයි තදින්ම. නමුත් ඒක තහනම් කරන්න බෑ.” යනුවෙන් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කලේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.
බොදු බල සේනා සංවිධානය තහනම් කරන ලෙසට පාස්කු කොමිසම සිදුකර ඇති නිර්දේශය පිළිබඳව මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කෙරූ අතර සංවිධාන තහනම් කල යුත්තේ සංවිධාන ත්‍රස්තවාදී ක්‍රියාවල නිරතවනවානම් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.
පාස්කු කොමිසන් සභා වාර්තාව අසම්පුර්ණ වාර්තාවක් බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS