දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ආණ්ඩු මාරුවක් නම් ඕනේ නැහැ මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නෙම කොරෝනා හැදුනා වගේ - රනිල් (VIDEO)

රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ...

රටට අවශ්‍ය එන්නත ලබා ගැනීම සඳහා ඩොලර් මිලියන 10ක් ප්‍රදාන ලෙස ලබා දෙන්නැයි අපනයන ව්‍යාපාරිකයින්ගෙන් ආණ්ඩුව ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය. වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (16) කොරෝනා තත්ත්වය ඇතුලු රටේ වත්මන් තත්ත්වය පිළිබද එක්සත් ජාතික පාක්ෂිකයින් ඇතුළු තරුණ  පිරිසක් දැනුවත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

නිදහස් සෞඛ්‍යයක් පවතින ආණ්ඩුවක් මෙවැනි දේවල් සඳහා වියදම් කිරීම යුතුකමක් වන අතර අයවැයෙන් ඊට ප්‍රතිපාදන ලබා ගත හැකිව තිබුණු බවයි මෙහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ. 

එසේ නොකර ආණ්ඩුව අපිට සල්ලි දෙන ලෙස පෞද්ගලික අංශයෙන් හිඟාකමින් සිටින බව ඔහු කියාසිටියේය. 

ප්‍රදාන ලබා දෙන අයගෙන් ලබා ගත යුතු වන්නේ රෝගී සත්කාර සේවා වැඩිදියුණු කිරීම, උපකරණ ලබා ගැනීම ආදිය සඳහා වන අතර පසුගිය මාර්තුවේ සිට මේ වන විට රෝහල්වලට අලුතින් වෙන්ටිලේටර්ස් එකතු වූයේ චීනයෙන් ලබා දුන් ඒවා සහ ගිලන්රථ වල තිබුණු ඒවා බව ද රනිල් වික්‍රමසිංහ මහතා පවසන ලදී.

වෙන්ටිලේටර්ස් 3000ක් හෝ නොමැති අතර PCR යන්ත්‍රද රට තුළ ප්‍රමාණවත් පරිදි නැති බවයි හෙතෙම සඳහන් කළේ. 

''රටේ යුතුකමක් තියෙනවා රටේ ජනතාව වෙනුවෙන් බෙහෙත් වර්ගද එන්නත් ද ලබා දෙන්න. දැන් මේ ගැන වැඩිය කතා කරන්න දෙයක් නැහැ. මේක අසාර්ථක වෙලා තියෙන්නේ. අපි ආණ්ඩුවට සහ පාර්ලිමේන්තුවට කියන්නේ ඇස් ඇරලා ක්‍රියාකරන්න. අපි සූදානම් උදව් කරන්න. ආණ්ඩු මාරුකරන එකක් අපිට වැඩක් නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය ජීවත් වීමේ අරගලය. සෞඛ්‍ය සුරක්ෂිතභාවය. ආණ්ඩුව වෙනස් කිරීම ඇතුලේ තියෙන කඹ ඇදිලි මෙතන වැඩක් නැහැ. දැන් මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නේ කොවිඩ් හදුනා වගේ. කිසි වෙනසක් නැහැ. නමුත් අපි ලෑස්තියි උදව් කරන්න.''

ඊට පෙර පාර්ලිමේන්තුව තුළ ඇත්ත හෙළිදරව් කළ යුතුව ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. 

මේ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර අවශ්‍ය කටයුතු සලසන ලෙසයි වික්‍රමසිංහ මහතා ආණ්ඩුවට අවධාරණය කළේ. 

කෙසේවෙතත් මේ වන විටත් කොරෝනා එන්නත මෙරටට ලබා ගැනීමට කිසිදු සූදානමක් නැති අතර පවතින තත්ත්වය අනුව නම් 20%ක එන්නත් කෝටාව  ලබා ගැනීම මෙම වසර අවසානය දක්වා වුවද කල් ගත වනු ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ. 

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29075,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩු මාරුවක් නම් ඕනේ නැහැ මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නෙම කොරෝනා හැදුනා වගේ - රනිල් (VIDEO)
ආණ්ඩු මාරුවක් නම් ඕනේ නැහැ මේ පාණ්ඩුව භාරගන්නවා කියන්නෙම කොරෝනා හැදුනා වගේ - රනිල් (VIDEO)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidwbRUp-VdUXK45DNwE546Ti1-Ja8B_bnvOgtU_Jx5fThLNQwpdj7DqPPqZSZhAS-wBxnvu7YnISCdMQi2L5VwwnJeCXsukpTZArtu7kTKwIJtV_aWDHZB-NR61AGEZM98V2F3GAvQnZk/s320/ranils.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEidwbRUp-VdUXK45DNwE546Ti1-Ja8B_bnvOgtU_Jx5fThLNQwpdj7DqPPqZSZhAS-wBxnvu7YnISCdMQi2L5VwwnJeCXsukpTZArtu7kTKwIJtV_aWDHZB-NR61AGEZM98V2F3GAvQnZk/s72-c/ranils.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/video_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/video_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy