දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලන්න කතෝලික මටත් අයිතියක් තිබෙනවා..- ජොන්ස්ටන්
Homeප්‍රවෘත්ති

කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලන්න කතෝලික මටත් අයිතියක් තිබෙනවා..- ජොන්ස්ටන්

PropellerAds

ඔරුගොඩවත්ත – අඹතලේ (B435) මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු මන්දගාමීව සිදු වෙමින් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව එම මාර්ගයේ ඉදිකිරීම...

යාපනය නල්ලූර් කොවිලේ වාර්ෂික මංගල්‍යය ඇරඹෙයි (PHOTOS)
නාමල්ට එරෙහි පරීක්ෂණ වාර්තාව නීතිපතිට 
වැට් පනතට අත ඔසවන මන්ත්‍රීවරුන්ට කළ යුතු දේ ගැන විමල් කියයි
ඔරුගොඩවත්ත – අඹතලේ (B435) මාර්ගය පුළුල් කර සංවර්ධනය කිරීමේ කටයුතු මන්දගාමීව සිදු වෙමින් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව එම මාර්ගයේ ඉදිකිරීම් වල වත්මන් තත්ත්වය සොයා බැලීම සඳහා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එහි මාර්ගය නිරීක්ෂණ චාරිකාවකට එක් විය.

ඔරුගොඩවත්ත – අඹතලේ (B435) මාර්ගයේ දුර කි.මි 7.7 කි. කොළඹ ජාතික මාර්ග පුළුල් කර වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ 2013 වසරේ අග භාගයේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගය මංතීරු 04 ක් වන සේ පුළුල් කරනු ලබයි. ඒ අනුව අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත් සමාගම් 02ක් අදියර 04ක් යටතේ මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකරනු ලබයි. ඒ අනුව එක කොන්ත්‍රාත් සමාගමක් ඔරුගොඩවත්ත සිට කලු පාලම (වෙන්නවත්ත) දක්වා මාර්ග කොටසත් කොටිකාවත්ත සිට අංගොඩ හංදිය දක්වා මාර්ග කොටසත් සංවර්ධනය කරනු ලබයි. ඒ සඳහා රුපියල් මිලියන 1,943.5 ක් වැයවේ.

අනෙක් සමාගම මගින් කලු පාලම (වෙන්නවත්ත) සිට කොටිකාවත්ත දක්වා මාර්ග කොටසත් අංගොඩ හංදියේ සිට අඹතලේ හංදිය දක්වා මාර්ග කොටසත් සංවර්ධනය කරනු ලබයි. මෙම මාර්ග කොටසේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 1,528.4 වැයවේ.

මාර්ග නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…

මෙම මාර්ගයේ පවතින ජල නල එලීමේ කටයුතුවල ප්‍රමාදවීම හේතුවෙන් ඉදිකිරීම් සඳහා යම් බලපෑමක් ඇති වෙලා තිබෙනවා. ඒ වගේම ලංකා විදුලිබල පුද්ගලික සමාගම විදුලි කණු විතැන් කිරීමට ප්‍රමාද වී තිබෙනවා. මේ හේතුවෙන් මෙම මාර්ගය භාවිතා කරන ජනතාවට පීඩා රැසකට මුහුණ පෑමට සිදු වී තිබෙනවා. මෙම මාර්ගය පුළුල් කිරීම මගින් ලෝ ලෙවල් මාර්ගයේ පවතින වාහන තදබදයට විසඳුමක් ලැබෙනවා. මෙම මාර්ග ව්‍යාපෘතිය වගේම පමා වී තිබෙන සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනමින් අවසන් කිරීම තමයි අපගේ ප්‍රධානතම අරමුණ. රටේ සෑම මාර්ගයකම සියලුම දේශපාලන පක්ෂවලට අයත් අය ගමන් කරනවා. අපි මාර්ග සංවර්ධනය කිරීමේදී පක්ෂ, පාට බලන්නේ නැහැ. පලාත් පාලන ආයතනයේ බලය තිබෙන්නේ කාට දැයි කියා අපි බලන්නේ නැහැ. සෑම දෙනාටම දැනෙන සංවර්ධනයක් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. සෑම ව්‍යාපෘතියක් තුළම සුළු සුළු ගැටළු තිබෙනවා. එම නිසා විෂය භාර ඇමැතිවරයා වශයෙන් වැඩ බිමටම ගොස් ඒවා ගැන සොයා බලා විසඳුම් ලබාදී සංවර්ධන වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. ඉදිරි මාස 4 ඇතුළත මෙම ඔරුගොඩවත්ත – අඹතලේ මාර්ගයේ සංවර්ධන කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. රට සංවර්ධනය කිරීමට ප්‍රමාණවත් මුදල් අප සතුව තිබෙනවා. අපිට තිබෙන මූලික ගැටලුව ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම් නියමිත දිනට මේවා අවසන් නොකිරීමයි. මින් ඉදිරියට නියමිත දිනට වැඩ අවසන් නොකරන කොන්ත්‍රාත් සමාගම් වලට ඉදිරියේ දී ආරම්භ කරන සංවර්ධන ව්‍යාපෘති භාර නොදීමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ මහාමාර්ග සංවර්ධනය කිරීම සඳහා අලුත් ඉදිකිරීම් සමාගම් වලට අපි සමග එක්වෙන ලෙසට ආරාධනා කර සිටිනවා. මේ වසර අවසාන වන විට මාර්ග කිලෝමීටර 25,000ක් නිම කිරීමයි අපේ බලාපොරොත්තුව.

කොරෝනා මෘත ශරීර සම්බන්ධව ඇසූ පැනයට පිළිතුරු ලබා දුන් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු…

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෘත ශරීර සම්බන්ධයෙන් ලබාදුන් උපදෙස් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. සෞඛ්‍ය නිලධාරින් ලබා දෙන උපදෙස් වලට දේශපාලඥයන් වශයෙන් අපි අත ගහන්නේ නැහැ. ඔවුන් ලබාදෙන උපදෙස් අපි ක්‍රියාත්මක කිරීමට බැඳී සිටිනවා. මෙතන ජාතිවාදයක් ආගම්වාදයක් නැහැ. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාත්මක කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සංගමය ලබාදෙන උපදෙස්. මම කතෝලික භක්තිකයෙක්. එම නිසා මටත් අයිතියක් තිබෙනවා කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී සිට මෙම මෘත ශරීර භූමදානය කරන්න දෙන්න කියලා ඉල්ලන්න. නමුත් දේශපාලනඥයන් වශයෙන් අපි සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් වලට පිටින් කටයුතු කරන්නේ නැහැ.

මෙම අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩී.එම්. දයාරත්න, විවිධ විදේශාධාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ බද්දේගම, ඉදිකිරීම් භාර කොන්ත්‍රාත් සමාගම්වල නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ .

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29304,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලන්න කතෝලික මටත් අයිතියක් තිබෙනවා..- ජොන්ස්ටන්
කොරෝනා මෘතදේහ භූමදානය ඉල්ලන්න කතෝලික මටත් අයිතියක් තිබෙනවා..- ජොන්ස්ටන්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMgnqeBluFdcJsyrCCInL_P4LN-UP0GajLsMw6_BKFv-H-Pf_Q-Az_1AhXk9jcxy_5nEBYwEY25KlUg21aTh0bhJFKnLKPRrk-ozwYVDbKez49t1wmN6jzx04pilDfGBFBmPjYbSTl_nM/s320/joni.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMgnqeBluFdcJsyrCCInL_P4LN-UP0GajLsMw6_BKFv-H-Pf_Q-Az_1AhXk9jcxy_5nEBYwEY25KlUg21aTh0bhJFKnLKPRrk-ozwYVDbKez49t1wmN6jzx04pilDfGBFBmPjYbSTl_nM/s72-c/joni.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_61.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_61.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy