දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අපේ පාර්ලිමේන්තුව සත්තු වත්තක් වගේ... නැත්තේ සිංහයෝ විතරයි - ඩලස්
Homeප්‍රවෘත්ති

අපේ පාර්ලිමේන්තුව සත්තු වත්තක් වගේ... නැත්තේ සිංහයෝ විතරයි - ඩලස්

PropellerAds

පා ර්ලිමේන්තුව විවේචන ඉදිරියේ සත්තු වත්තක් මෙන් වන අතර එහි නැත්තේ සිංහයන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.  මෙය අපගේ දේශප...

බඩුමිල ගැන ජනතාවට කෙටිකාලීන සහන දෙන්න බෑ... මාත් මේ ලෝකෙ තවත් එක සත්වයෙක් - බන්ධුල
ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි - බානගල උපතිස්ස හිමි
20න් චීන්නුත් අපෙ පාර්ලිමේන්තුවට එයි, කොහොමත් මේක චීන කොළනියක් වෙමින් තියෙන්නේ - ඥානසාර හිමි
පාර්ලිමේන්තුව විවේචන ඉදිරියේ සත්තු වත්තක් මෙන් වන අතර එහි නැත්තේ සිංහයන් බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. 

මෙය අපගේ දේශපාලනයේ භයානක රෝගයක් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. 

 මේක අපේ දේශපාලනයේ භයානක රෝගයක්.

"අපේ පාර්ලිමේන්තුවේ විවේචන ඉවසන්න බැරි කී දෙනෙක් ඉන්නවද. විවේචනයක් කරද්දි බූරුවා, බල්ලා, කබරයා, වඳුරා  කියලා සෑම සතෙකුගේම නම් කියලා බනිනවා. කියන්නේ නැත්තේ සිංහයාගේ නම විතරයි. ඒ කියන අයගේ ළමා කාලය බැලුවම අපිට පැහැදිළියි, ඔවුන් කිසිම දවසක ක්‍රීඩාවකට සහභාගි වෙලා, ක්‍රීඩා කණ්ඩායමක සාමුහිකත්වයෙන් වැඩ කරලා නැහැ කියන එක. ඒ නිසා ඔවුන් ඉවසීම දන්නේ නැහැ, ත‍රඟකාරීත්වය, විනය තේරෙන්නේ නැහැ. ජය පරාජය බෙදා ගන්න දන්නේ නැහැ. මේක අපේ රටේ දේශපාලනයේ දකින්න තිබෙන භයානක රෝගයක්. ක්‍රීඩාව ඇතුලෙ තමයි සාමූහිකත්වය, ඉවසීම, විනය හැදෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා වසර කිහිපයක් යන විට ක්‍රීඩාව තුලින් ඉවසන්න හැකියාවක් තිබෙන, තරඟකාරීත්වය, විනය, සාමූහික හැගීම ඇති පරපුරක් බිහි කරන්න හැකි වේවි කියලා" 

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, පසුගියදා මාලිම්බඩ, හොරගොඩ, භාග්‍යගම දිවා රාත්‍රී ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ලෝකයේ දියුණුයි යැයි කියන සෑම රටකම, දියුණුව ආර්ථික වශයෙන් පමණක් නොව, ක්‍රීඩාවෙනුත් දියුණූ වී ඇති අතර රටේ හැම පාරක්ම කාපට් කළත්, අධිවේගී මාර්ග රට වටේටම හැදුවත් රටේ පුරවැසියෝ සමගි නැත්නම්, නිරෝගී නැත්නම්, ඔවුන්ට විනයක් නැත්නම් මේ කියන දියුණු තත්ත්වයට අපට ලඟාවිය නොහැකි බවයි අලහප්පෙරුම මහතා සඳහන් කරන්නේ. 

"ජයග්‍රාහකයා හෝ පරාජිතයා ලෙස නම් කිරීම ක්‍රීඩාව පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. ගණිතය පිළිබද ප්‍රශ්නයක්. අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සංකල්පයේදී  ක්‍රීඩා ආර්ථිකයක්, නීරෝගීමත් ජාතියක් පිළිබදව සදහන් කළා. ශ්‍රී ලංකීය ජාතියේ ශ්‍රේෂ්ඨත්වය නැවත මතුකරන්න ඕන කිව්වා. රටක, ජාතියක ශ්‍රේෂ්ඨත්වය මතු කිරීමේ පළමු කොන්දේසිය තමයි, ඒ ජාතිය නිරෝගීමත්, සාමකාමී මෙන්ම විනයක් සහිත ජාතියක් වීම. ලෝකයේ දියුණූ කියන සෑම රටකම, දියුණුව ආර්ථික වශයෙන් පමණක් නොවෙයි, ක්‍රීඩාවෙනුත් දියුණූ බවට පත්වෙලා තිබෙනවා. රටේ හැම පාරක්ම කාපට් කළත්, අධිවේගී මාර්ග රට වටේටම හැදුවත් රටේ පුරවැසියෝ සමගි නැත්නම්, නිරෝගී නැත්නම්, ඔවුන්ට විනයක් නැත්නම් මේ කියන දියුණු තත්ත්වයට අපට ලඟාවෙන්න බැහැ. ඒ නිසයි මේ ආකාරයෙන් ක්‍රීඩාංගන ඉදිකරන්නේ "

කෙසේවෙතත් වර්තමානයේ රටේ පාසල් පද්ධතියෙන් ක්‍රීඩාව ක්‍රමක්‍රමයෙන් ඈත්වෙමින් පවතින බවත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාසල් දරුවන්ගේ විවේක කාලය විනාඩි 15 කින් වැඩි කිරීමට කළ යෝජනාව ඒ වෙනුවෙන් වූ ධනාත්මක යෝජනාවක් බවත් ඔහු කියාසිටියි. 

තමා  අධ්‍යාපන ඇමතිවරයාව සිටි අවධියේදී  වසරකට දරුවන්ට වාර විභාග දෙකක් පමණක් ප්‍රමාණවත් බව පැවසුවේ, පළමු වාරය තුළ පාසල්වල නිවාසාන්තර තරඟ, අධ්‍යාපන චාරිකා, බිග් මැචි ආදිය පැවැත්වෙන බැවින් දරුවන් ඒ වෙනුවෙන් නිදහසේ සහභාගී කරවිය යුතු බැවින් යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි. 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අපේ පාර්ලිමේන්තුව සත්තු වත්තක් වගේ... නැත්තේ සිංහයෝ විතරයි - ඩලස්
අපේ පාර්ලිමේන්තුව සත්තු වත්තක් වගේ... නැත්තේ සිංහයෝ විතරයි - ඩලස්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDVbsbKVjV-0BmFaBhJH6xSIp47axSx04dS8IlhyUp95CaVQBh63GP_0Coxs-NhbipndtfirUBiSJEUBLrN9r65LzKNVwrINs8ci7IWH2R2Y_wTuZ8YHiXHnQ_ZCdUUKExAHRgPBc_Iug/s320/image_d64eb0b4e8.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDVbsbKVjV-0BmFaBhJH6xSIp47axSx04dS8IlhyUp95CaVQBh63GP_0Coxs-NhbipndtfirUBiSJEUBLrN9r65LzKNVwrINs8ci7IWH2R2Y_wTuZ8YHiXHnQ_ZCdUUKExAHRgPBc_Iug/s72-c/image_d64eb0b4e8.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_107.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/01/blog-post_107.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy