දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි - බානගල උපතිස්ස හිමි
Homeප්‍රවෘත්ති

ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි - බානගල උපතිස්ස හිමි

PropellerAds

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ. සැමරුම් උත්සවය ඊයේ (17) ම...

ඡන්දය කල්දාන්න නිලධාරීන් උත්සාහ කළොත් පෞද්ගලිකවම වගකියන්න වේවි! වැරදිකරු වුණොත් අවුරුදු 3ක් හිරේ! - ව්‍යවස්ථා විශාරද මහාචාර්ය ජී.එල්.ඊළග අඩිය තියයි (VIDEO)
ෆීල්ඩ් මාෂල් කැලණියේ මිනිස්සු එක්ක පාරට බැස්සේ ඇයි? VIDEO
නව සන්ධානයේ අවුලක්? ශ්‍රීලනිපය වෙනම ගමනකට තීන්දුවක් ගනී!
ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම සංවත්සරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරේ.

සැමරුම් උත්සවය ඊයේ (17) මාළිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ දී පැවැත්විණ.

විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය බානගල උපතිස්ස හිමියන් විසින් පිළිගනු ලැබීය.

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා “දම්පල් චින්තාවලියට” ගෞරව පිණිස දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශය අද ආරම්භ කළ “සුව ධරණි” හෙළ ඔසු සංරක්ෂණ ව්‍යාපෘතිය සනිටුහන් කරමින් රත් සඳුන් පැළයක් රෝපණය කළේය.

අග්‍රශ්‍රාවක මහා විහාරයේ ධාතු මන්දිරය වැඳ ආශිර්වාද ලබා ගත් ජනාධිපතිතුමා ප්‍රධාන ශාලාවේ තැන්පත් කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ පිළිරුවට ද පුෂ්පෝපහාර දැක්වීය.

දේශීය චින්තනය මත පදනම්ව රට මෙහෙයවන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනගාරික ධර්මපාලතුමා ගත් ගමන් මග යන තමා දුටු එකම නායකයා යයි උත්සව සභාව ඇමතූ පූජ්‍ය බානගල උපතිස්ස හිමියෝ පැවසූහ.

මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩි. ලක්ෂ්මන් මහතා රුපියල් 500ක අගයකින් යුත් ධර්මපාල අනුස්මරණ කාසිය ජනාධිපතිතුමාට පිළිගැන්වීය.

ධර්මපාලතුමාගේ ඥාතියෙකු වන සුධම්මික හේවාවිතාරණ මහතා ධර්මපාලතුමාගේ රුව සහිත සිහිවටනයක් ජනාධිපතිතුමා වෙත තිළිණ කළේය.

සංවත්සර උත්සවයට සහභාගී වනු පිණිස මෙරටට වැඩම කර සිටින වියට්නාම දූත පිරිසේ ප්‍රධානී බෝධි චිත්තා මෙහෙණින් වහන්සේට සහ මහාබෝධි පදනමේ ලේකම් ඩිල්ෂාන් ජයසූරිය මහතාට ජනාධිපතිතුමා අතින් තිළිණ ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ පාලක සභික සහ අග්‍රශ්‍රාවක විහාරයේ විහාරාධිකාරී පූජ්‍ය මොණරාගල පඤ්ඤාලංකාර හිමියන්ගේ අනුශාකත්වයෙන් Peo TV 113 නාලිකාව ඔස්සේ විකාශය කෙරෙන Relax TV සේවාව ජනාධිපතිතුමා අතින් ආරම්භ කෙරිණ.

රැලේ බයිසිකල් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ජේ. පෙරුමාල් මහතා මහා බෝධි සමාගමට පරිත්‍යාග කළ, දේශීයව නිෂ්පාදිත පාපැදි 10ක් පූජ්‍ය බානගල හිමියෝ ජනාධිපතිතුමා වෙත භාර දුන්හ.

අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නා හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය, දිනේෂ් ගුණවර්ධන, ජී.එල්. පීරිස් යන අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන් වන නාලක ගොඩහේවා, සිසිර ජයකොඩි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය 


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි - බානගල උපතිස්ස හිමි
ජනපති ගෝටාභය අනගාරික ධර්මපාලතුමන්ගේ පුනරුප්පත්තියයි - බානගල උපතිස්ස හිමි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyEAfwS4nzgxfpibkOSwhAxXgdCMXZg4uQMjS7YOwLJbOEq1rcVyodA9AsJvdxgu2XTTXcjdPMzxhwx5Yi0zpVfVJGKH1TanIOrO9iEl9GUvr7n_mojCmPnB6dZH_b1INl48KEYg-zu2g/s320/banagala.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhyEAfwS4nzgxfpibkOSwhAxXgdCMXZg4uQMjS7YOwLJbOEq1rcVyodA9AsJvdxgu2XTTXcjdPMzxhwx5Yi0zpVfVJGKH1TanIOrO9iEl9GUvr7n_mojCmPnB6dZH_b1INl48KEYg-zu2g/s72-c/banagala.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_770.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/09/blog-post_770.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy