දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාස්කු කොමිසමේදී M.H.M. හලීම් ගෙන් කඩු, කැති, පිහි කැපෙන කතා
Homeප්‍රවෘත්ති

පාස්කු කොමිසමේදී M.H.M. හලීම් ගෙන් කඩු, කැති, පිහි කැපෙන කතා

PropellerAds

පා ස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලින් සොයාගත් කඩු තණ කොළ කැපීම සඳහා භාවිත කර ඇති බවට පැවසූ හි...

ගෝටාගේ 'එළිය' සහ ගෝටා 'එළියේ' ඉන්නේ කෙසේද ?
ගින්නක් නිසා පාසල් ගොඩනැගිල්ලක් දැවී අළු වී යයි !
ශ්වේත වරමින් වැසුණු ඇමරිකානු වෘකයින්ගේ ත්‍රස්තවාදය
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු දිවයිනේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පල්ලිවලින් සොයාගත් කඩු තණ කොළ කැපීම සඳහා භාවිත කර ඇති බවට පැවසූ හිටපු අමාත්‍ය M.H.M. හලීම් මහතා ඊයේ (14) දින ජනාධිපති කොමිසම හමුවේ කියා සිටියේ එම කඩු ව්‍යාපාරික කටයුතු සඳහා ගෙනෙන්නට ඇති බවය.

මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ විධිවිධාන ප්‍රකාරව රැඳවුම් භාරයේ සිට පසුගියදා මුදාහැර තිබු හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදින් මහතාගේ සහෝදර රියාජ් බදියුදින් ද සාක්ෂි විමසීම සඳහා  ඊයේ ජනාධිපති කොමිසමට කැඳවා තිබුණි.

කොම්පඤ්ඤවීදි‍යේ මුස්ලිම් පල්ලියකින් එවක සොයාගන්නා ලද කඩු කිහිපයක්ද හිටපු අමාත්‍ය M.H.M. හලීම් මහතා අද ජනාධිපති කොමිසමට ගෙනවිත් ඇති අයුරු දක්නට තිබුණි.

මෙහිදී රජයේ අධිනීතිඥවරයා හිටපු අමාත්‍යරයාගෙන් විමසුවේ, “ඔබට හොඳ මිදුලක් එහෙම තියෙන නිවසක් තිබේද?,” යන්නය.

එහිදී “ඔව් ස්වාමිනි,” යැයි ලැබුණු පිළිතුරත් සමඟ රජයේ අධිනීතිඥවරයා පෙරළා ප්‍රශ්න කළේ, “එම ගෙවත්තේ තණකොළ සුද්ද පවිත්‍ර කරන්නේ කෙසේද?,” යන්නය.

ඊට පිළිතුරු දුන් හලීම් මහතා, “මම සේවකයන්ට කියලා යන්ත්‍රානුසාරයෙන් සුද්ද කරනවා,” යැයි ප්‍රකාශ කළේය.

“එතකොට ඔබතුමා කඩු එහෙම දැකලා තියෙනවාදැයි?,” රජයේ අධිනීතිඥවරයා විමසා සිටියේය.

ඊට සිනහමුසු මුහුණින් පිළිතුරු දුන් හිටපු අමාත්‍යවරයා, “ස්වාමිනි, ඔය අහන්නේ කඩු ද?, පිහි ද? ඒ උපකරණ හඳුනාගැනීම සම්බන්ධයෙන් නම් මට ප්‍රශ්නයක් තියෙනවා,” යැයි පැවසීය.

එහිදී රජයේ අධිනීතිඥවරයා, “හරි ඔබතුමා ඉස්සෙල්ලාම කියන්නකෝ කඩු භාවිත කරන්නේ මොකටද කියලා?,” යනුවෙන් විමසා සිටියේය.

“කඩුනම් ස්වාමිනි රජ කාලේ පාවිච්චි කළේ යුද්ධ කරන්න,” යැයි හිටපු අමාත්‍යවරයා පිළිතුරු දීමත් සමග, “එහෙනම් හලීම් මහත්මයා, දැන් කාලෙත් යුද්ධ කරන්න කඩු පාවිච්චි කරන්න පුළුවන් නේද?,” විමසු රජයේ අධිනීතිඥවරයා 2019 අප්‍රේල් මස 30 වන දින අද දෙරණ ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වු ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොමිසම හමුවේ ඇසෙන්නට සලස්වනු ලැබීය.

“ස්වාමිනි මේ මාධ්‍ය සාකච්ඡාවේදී මම කඩු කියන වචනය මගේ කටින් කියන්නේ නැහැ. නමුත් මාධ්‍යවේදින් කඩු හම්බෙන්නේ කොහොමද කියලා අහපුවාම සුසාන භූමි සුද්ද කරන්න භාවිතකරන කැත්ත ගැන හිතලා පිළිතුරු දෙනවා.” යැයි විඩීයෝ දර්ශනය අවසානයේ හලීම් මහතා කරුණු පැහැදිළි කළේය.

එහිදී සභාපති විනිසුරුවරයා විමසා සිටියේ “ඔබ ඔය කියන්න හදන්නේ කඩු තියාගන්න ඇත්තේ වෙන වෙන හේතුවලට කියලාද?,” යනුවෙනි.

“ස්වාමිනි මම කඩුයි කැත්තයි කියන එකේ වෙනස දැනගෙන හිටියේ නෑ,” යැයි හලීම් මහතා යළි සඳහන් කිරීමත් සමඟ ජනාධිපති කොමිසමේ සභාපතිවරයා මෙලෙස විමසීය.

“හලීම් මහත්මයා. සහරාන්ගේ මල්ලි රිල්වානුයි, ඒ කණ්ඩායමේ මිල්හානුයි කඩු විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වාගෙන ඒවා යම් පුද්ගලයෙක් මාර්ගයෙන් බේරුවල ප්‍රදේශයට යැව්වා. එතනදී කොළඹ එක්තරා පල්ලියකට කඩු 50ක් දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මුස්ලිම් පල්ලියේ මව්ලවිවරයා අත්අඩංගුවට ගත්තා කියලා නොදැන ද ඔබ ඔය ප්‍රකාශය කළේ?,”

“ස්වාමිනි, මම මේ පල්ලිවල කඩු තබාගෙන ඉඳලා හම්බවෙනවා කියන එක ගැන සොයා බැලුවා. ව්‍යාපාර කරන්න ගෙනාපු පිහි වගයක් හම්බෙනවා කියලා තමයි දැනගන්න ලැබුනේ. මම දන්නේ නැහැ. පිටරටවලින් කඩු ගෙනාවද නැද්ද කියලා. නමුත් මම කියපු එකේ වරදක් නැහැ. කැති වගේ දෙවල් පල්ලිවල තියාගෙන ඉන්නවා සුද්ද පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා,” යැයි හලීම් මහතා යළි සඳහන් කළේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාස්කු කොමිසමේදී M.H.M. හලීම් ගෙන් කඩු, කැති, පිහි කැපෙන කතා
පාස්කු කොමිසමේදී M.H.M. හලීම් ගෙන් කඩු, කැති, පිහි කැපෙන කතා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYUEJ2OTdzdfyIQktZ-Y56rYmYSbD5IRv9LU7WqyQHREMVWryhMBd2-YljJ96Iz_wISz3zxb1JCcct1Vjzo5on6daDZ5sVdYIlpDKT-DdV9A7OVIGnPONyyGUObXl9a1SEzlGCk3l9SEQ/s320/Untitled-1-68.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhYUEJ2OTdzdfyIQktZ-Y56rYmYSbD5IRv9LU7WqyQHREMVWryhMBd2-YljJ96Iz_wISz3zxb1JCcct1Vjzo5on6daDZ5sVdYIlpDKT-DdV9A7OVIGnPONyyGUObXl9a1SEzlGCk3l9SEQ/s72-c/Untitled-1-68.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/mhm.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/mhm.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy