දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්වේත වරමින් වැසුණු ඇමරිකානු වෘකයින්ගේ ත්‍රස්තවාදය
Homeප්‍රවෘත්ති

ශ්වේත වරමින් වැසුණු ඇමරිකානු වෘකයින්ගේ ත්‍රස්තවාදය

PropellerAds

මෙය ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරයක් යැයි සිතනවාට වඩා ට්‍රම්ප්ට ඉගැන්වූ පාඩමක් යැයි සිතීම අසාධාරණ නොවේ. මෙක්සිකානු දේශසීමා වටකොට ශක්තිමක් කොන්...

රවීටත් කුප්‍රකට අසනීපය වැළඳේ - 'මට මතක නෑ' කරළියට.
විල්පත්තුව සංචාරකයන්ට සීමා කරයි
දේශීය වෘත්තිකයන්ට අවස්ථාව ලබාදෙනවා - චීන තානාපති
ශ්වේත වරමින් වැසුණු ඇමරිකානු වෘකයින්ගේ ත්‍රස්තවාදය

මෙය ඇමරිකාවට එල්ලවූ ප්‍රහාරයක් යැයි සිතනවාට වඩා ට්‍රම්ප්ට ඉගැන්වූ පාඩමක් යැයි සිතීම අසාධාරණ නොවේ.

මෙක්සිකානු දේශසීමා වටකොට ශක්තිමක් කොන්ක්‍රිට් බාධක ඉදිකිරීම හෝ සරණාගතයින්ට හෝ මුස්ලීම්වරුන්ට දොර වැසීම මගින් ඇමරිකාවට ආරක්ෂාව සපයා ගත හැකි යැයි සිතන ට්‍රම්ප්ට හොඳ පාඩමකි. එවැනි දෑ තව දුරටත් පලක් නොවන බව ට්‍රම්ප්ට මෙහිදී පසක් වන්නට ඇති බව ඒකාන්තය.

පැඩෝක් වැනි වූ සමූහ ඝාතකයින් බොහෝමයක් සුදු ජාතික ඇමරිකානුවන් ය.

ඇමරිකානු ජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වූ සුදු ජාතික ඇමරිකානුවන්ය.

සරලයි කියා දැනුණද සැබවින්ම ලෝකයේ ත්‍රස්තවාදය ගැන තිබූ පොදු මතය වෙනස් වීමට මෙම තත්ත්වය බෙහෙවින්ම බලපානු ඇත.

 කෙසේ වෙතත් සුදු ජාතික ඇමරිකානුවන් කිසිසේත්ම ත්‍රස්තවාදීන් නොවනු ඇති බවට ඉතිහාසය විසින් නිර්මාණය කර තිබූ පුරෝකථනය වෙනස්වෙමින් පවතින බව වර්තමානය විසින් ඔප්පු කරමින් සිටි. නමුත් බොහෝ ජනමාධ්‍ය හා මතධාරීන් එය එසේ නොවනු ඇතැයිද ඇමරිකානුවන් තවදුරටත් අවිගත්තෝ නොවන බවටද සපථ කරමින් සිටිති.

ඉස්ලාම් ජාතිකයකුගේ වෙඩි තැබීමක් නිසා සමස්ත මුස්ලිම් ලෝකයම ත්‍රස්තවාදීන් බවට පත්කරන, අප්‍රිකානු ඇමරිකානුවකු විසින් මෙවැන්නක් සිදු කළහොත් එය වර්ගවාදී ගැටළුවක් බවට පත්කර ඔවුන්ගේ සමූහ වර්ගයාම ත්‍රස්තවාදීන් බවට පත් කරන සමහර ඇමරිකානු මාධ්‍ය හා මතවාද සුදු ජාතික ඇමරිකානුවන්ගේ කෙතරම් විශාල අපරාධයක් වුවද දකින්නේ ප්‍රචණ්ඩකාරී මානව ක්‍රියාවක් පමණක් ලෙසින් විනා ත්‍රස්තවාදී ක්‍රියාවක් විලසින් නොවේ. අන් සියලුම අවස්ථාවල තනි පුද්ගල ප්‍රචණ්ඩත්වයන් තුළ සමස්ත වර්ගයාම ත්‍රස්තවාදීන් බවට පත් කරන ඔවුන් ඇමරිකානුවන්ගේ ප්‍රචණ්ඩ ක්‍රියා දකින්නේ හුදෙකලා වූ තනි වෘකයෙකුගේ ප්‍රචණ්ඩත්වය ලෙස පමණි.

හුදෙකලා වෘකයින්ගේ ප්‍රචණ්ඩත්වය බොහෝ වාරයක් අද වන විට ඇමරිකාව රිදවා ඇති අතර ඒ සියලු අවස්ථාවල ඒවා හුදෙකලා සටන් පමණක් ලෙසින් අර්ථ ගැන්වී ඇත. ඔවුන්ට අනුව එහි කිසිසේත්ම ත්‍රස්තවාදයක් තිබී නැත. මින් පෙර ද කොලරාඩෝ හි අරෝරා හි සිනමා ශාලාවක 12 දෙනෙක් වෙඩි තබා ඝාතනය කරන විට ජේම්ස් හෝම්ස් "තනි වෘකයා" ලෙස නම් කරන ලදී. දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන්හි පිහිටි පල්ලියකට කඩා වැද ඩිලන් රෝෆ් කතෝලිකයන් අටදෙනෙකු වෙඩි තබා මරාදැමූ අතර ඔහුද "ඉක්මන් වෘකයකු‘‘ (Sudden Wolf) ලෙස නම් විය.

නමුත් වර්ණය මත, ආගම් මත අන් සියලු අපරාධයන්ට බර තබන ඇමරිකානු සුදු ජාතිකයින් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම තමන් සදාකාලිකවම සුදු මිනිසුන් යැයි සපථ කරන්නට ගන්නා ඒ සියළු වෑයම් අසාර්ථක වන මොහොත දැන් පැමිණ තිබේ.

මෙවර ප්‍රහාරය පිළිබඳව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති ට්‍රම්ප් මෙසේ පැවසීය.

"බිහිසුණු ලස් වේගාස් වෙඩි තැබීමට ගොදුරු වූවන් හා පවුල්වලට මගේ ශෝකය හා අනුකම්පාව. දෙවියන් වහන්සේ ඔබට ආශීර්වාද කරාවි!" මෙමගින් ඔහුගේ තරහක් හෝ ප්‍රහාරකයා ගැන කෝපයක් පෙනෙන්නට නැත. ලන්ඩන් උමං ප්‍රහාරයට පසු ට්‍රම්ප්ගේ ට්වීටර් පණිවිඩය ඊට හාත්පසින්ම වෙනස් විය. ලන්ඩනය ප්‍රහාරකයා කවුරුන්දැයි එළිදැන්වීමටත් පෙර ට්‍රම්ප් මුස්ලිම්වරුන්ට එහි බර තබා ඔවුන් පරාජිත ත්‍රස්තවාදීන් ලෙස නම් කළහ. එම ප්‍රහාරය නැවතත් මුස්ලිම්වරුන්ට එරෙහිව යොදාගත් ට්‍රම්ප් විසින් හැගීම්බර ඇමරිකානුවන් සහ ට්‍රම්ප් පාක්ෂික ලෝක ප්‍රජාව තුළ තව දුරටත් මුස්ලිම්වරුන්ට එරෙහිතම සීතල සටන ගෙන යන්නට උත්සාහ ගත්තේය.

ට්‍රම්ප්ගේ මෙම හැසිරීම් තුළ ඉස්මතු වන්නේ ඔහු කෙතරම් ජාතිවාදියෙකුද යන්නයි. ඔහු සෑම විටම තමන්ගේ ඇසෙහි ඇති පොල් පරාලය ගැන කථා කිරීමෙන් වැළකී සිටීමට ප්‍රවේසම් විය. නූතන ඇමරිකානු ඉතිහාසයේ ප්‍රචණ්ඩකාරීම ප්‍රහාරයෙන් පසුත් තවමත් ට්‍රම්ප් ඇතුලු ඔහුට හිතවාදී මතධාරීන් ඇමරිකානුවන්ට එරෙහි ඇමරිකානුවන්ගේ ප්‍රහාර ගැන සිය කෝපයටද... ප්‍රතිපත්තීන්ටද... යෝජනාවලටද දොරගුළු දමා අනුන්ගේ ඇස්වල පොල් කෙඳි සොයමින් සිටියි.

ඇමරිකාවේ මෙම හැසිරීම තුළ භයානකම ප්‍රතිඵලය වන්නේ පැඩෝක් වැනි ත්‍රස්තවාදීන් තව තවත් ඇමරිකාව තුළ ඉස්මතු වීමය. මන්ද ඔවුන්ගේ හම විසින් ඔවුන්ව තවදුරටත් ආරක්ෂා කරන බව ඔවුන් දන්නා බැවිනි. සුදු ජාතික ඇමරිකානුව‍ෙක් අපරාධයක් කළද එය හුදු ප්‍රචණ්ඩකාරී හැසිරීමක් විනා ඉන් එහා ගිය සමාජ ප්‍රතිවීරෝධයන් මගින් නවතා දැමිය යුත්තක් නොවන බව ඔවුන් විශ්වාස කරන නිසා ය. මේ අනුව, ඔවුන්ට විරුද්ධව සමාජ මතයක් ඇතිවීම උපන් ගෙයිම මිය ගිය ළදරුවකු බවට පත්ව ඇත්තේ, රටේ ජනාධිපතිවරයාද ඇතුලුව සියලු අන්තගාමීන් විසින් තවදුරටත්, ඇමරිකානුවන් ශුද්ධවූ ජාතියක් බවට පත්කොට ඔවුන්ව සුදු හමින් වසා ආරක්ෂා කිරීම නිසා ය.

හංසිනී සම්පත්

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්වේත වරමින් වැසුණු ඇමරිකානු වෘකයින්ගේ ත්‍රස්තවාදය
ශ්වේත වරමින් වැසුණු ඇමරිකානු වෘකයින්ගේ ත්‍රස්තවාදය
http://ift.tt/2xtasKc
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_218.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_218.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy