දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගෝටාගේ 'එළිය' සහ ගෝටා 'එළියේ' ඉන්නේ කෙසේද ?
Homeප්‍රවෘත්ති

ගෝටාගේ 'එළිය' සහ ගෝටා 'එළියේ' ඉන්නේ කෙසේද ?

PropellerAds

  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සහෝදරයකු වන ගෝටාබය රාජපක්ෂ ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේම සිය සහෝදරයාගේ පාලනයට හවුල් වන්නටය. හවුලේ ...

ප‍්‍රදේශ 13ක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න..
චීන ආරක්ෂක ඇමැතිට එරෙහිව හෝන් ගහපු එඩිතර කොල්ලා රවීන්!!!
මාස 06කට ලීසිං සහනය දීර්ඝ කර තිබියදී සීසර්ලා වාහනයක් පැහැරගන්න යයි…
ගෝටාගේ 'එළිය' සහ ගෝටා 'එළියේ' ඉන්නේ කෙසේද ?

 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල සහෝදරයකු වන ගෝටාබය රාජපක්ෂ ඇමරිකාවේ සිට ලංකාවට පැමිණියේම සිය සහෝදරයාගේ පාලනයට හවුල් වන්නටය. හවුලේ තරම කොතරම් ද යත් අවසානයක් වන විට ඔහු සිටියේ රටේ විධායක ජනාධිපතිවරයාට පමණක් දෙවැනි වන මට්ටමේ නිල නොවන බලයක් ගොඩ නඟාගෙන ය. ඔහු තනතුරින් අමාත්‍යාංශ ලේකම්වරයෙක් වුව ද ප්‍රායෝගිකව ගත් කළ කැබිනට් මණ්ඩලයම එකල සිටියේ ඔහුට පහළින් බව කාටත් මතකය. හවුල අතරේ ඔහු කළ අවුල් ද නිමක් නොවුණු අතර ඇතැම් ඒවා මහින්දට බලය අහිමි වීමට ද හේතුකාරක වූ බව නොකියා බැරිය. කෙසේ නමුත් ගෝටාබයට දැන් නිල වශයෙන් ම දේශපාලන කරළියට පිවිසීමේ වුවමනාව තදින් ම මතු වී ඇති බව ඔහුගේ ක්‍රියාමාර්ග හරහා පෙන්නුම් කෙරෙමින් තිබේ. 

ඔහු මුලින් ම තමන්ගේ දේශපාලන ආගමනයට මග කපා ගන්නට භාවිතා කළේ "වියත් මග" නම් සංවිධානයයි. රටේ නමක් ඇති උගතුන් පිරිසක් ලවා තමන්ගේ ගුණ කියවෙන සම්මන්ත්‍රණ රට පුරා පැවැත්වීමෙන් ජනතා ආකර්ශනයක් ඇති කරගැනීම ගෝටාබයගේ ටිකිරි මොළයේ බලාපොරොත්තුව වන්නට ඇත. ගෝටා තෝරාගත් වියතුන්ගේ සුරංගනා කතා අහන්නට සෙනඟ නොපැමිණීම හේතුවෙන් ගෝටාගේ වියත් මගට යන්නට හැකි වුණේ ද වියතක් තරම් දුර පමණක් මය. අනෙත් අතට අමුතුවෙන් වියතුන් ගෙන්වා කියා දෙන්නට තරම් දෙයක් ඇත්තේ ද නැත. ගෝටාගේ කැරැට්ටුව රට ම දනී. 

කටුනායක නිදහස් වෙළඳ කලාප සේවකයින්ට පොලීසිය ලවා පහර දී වෙඩි තබ්බවා රොශේන් චානකව ඝාතනය කරවීම, හලාවත ධීවර උද්ඝෝෂනයට වෙඩි තබා ඇන්ටනී ඝාතනය කරවීම, රතුපස්වල පානීය ජලය ඉල්ලා අසරණ ජනතාව කළ උද්ඝෝෂනයට වෙඩි තබා පාසැල් සිසුන් ඇතුළු තිදෙනෙක් ඝාතනය, වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කරවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම, ලලිත් - කුගන් අතුරුදන් කරවීම, වසීම් තාජුඩීන් ඝාතනය සහ නම් ගම් නොදත් උතුරේ සුවහසක් ඝාතන වල පුළුටු ගඳවත් තවම සමාජයෙන් වියැකී ගොස් නැත. මේ සියල්ල පසුපස සිටි යමපල්ලා ගෝටාබය බව දන්නා රටකට තවත් අමුතුවෙන් වියතුන් ලවා කියවන්නට දෙයක් තිබේද ? 

වියත් මග වියතක් තරම් දුරගොස් මග නතර වූ හෙයින් ගෝටා දැන් පටන්ගෙන ඇත්තේ "එළිය" කියා එකකි. ඔවුන් කියන්නේ නම් 'තිස් වසරක යුද්ධයෙන් බෙදුම්වාදීන්ට දිනාගත නොහැකි වූ දේ නව ව්‍යවස්ථාව මඟින් ලබා දෙන්නට කටයුතු කරන නිසා ඊට එරෙහිව' තමන් එළිය පිහිටුවා ගත් බවකි. යුද්ධ ජයග්‍රහණය තමුන්ගේ ගිණුමට දාගෙන ඒ හරහා දේශපාලනයට පය තැබීම ගෝටාගේ උපක්‍රමය ය. ඔය තරම් රට ගැන කැක්කුමක් තිබුණා නම් දිගට ම යුධ නොකර හමුදාවෙන් ඉවත් වී ඇමරිකාවට ගියේ ඇයිදැයි ඔහු කිසි තැනක කියන්නේ නැත. ඔය තරම් ම ලංකාවට ආදරේ නම් අදටත් ඇමරිකානු පුරවැසියෙකු වී සිටින්නේ ඇයිදැයි කියා ද ගෝටා කීයටවත් කියන්නේ නැත. 

"අනුන්ගේ පහනෙන් එළිය බලනවා" කියා කතාවක් ද ජනවහරේ තිබේ. ගෝටා මෙවර සූදානම් වන්නේ මැදගොඩ අභයතිස්ස, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඉත්තෑකන්දේ සද්දාතිස්ස, බෙංගමුවේ නාලක, නියංගොඩ විජිතසිරි වැනි භික්ෂුන් සහ නාලක ගොඩහේවා, දයාන් ජයතිලක, අජිත් නිවාඩ් කබ්‍රාල්, චරිත හේරත්, ගෙවිඳු කුමාරතුංග වැනි ගිහි නඩයකගේ පහනෙන් එළිය බලන්නටය. මේ නඩය ද කාලයක් පුරා ගෝටාගේ පහනෙන් එළිය බැලූ උන්දැලා ය. 

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් අධිපති මැදගොඩ අභයතිස්ස භික්ෂුව බොරලැස්ගමුවේ කඩ කාමර 30කින් යුත් සිව්මහල් ගොඩනැගිල්ලක් හමුදාවේ සම්පත් යොදවා ගනිමින් ගෝටාගේ පිහිටෙන් ඉදිකරගෙන තිබේ. මීට අමතරව තවත් පැපිලියානේ ගොඩනැඟිලි රැසක් ද රජයේ වියදමින් ඉදිකරගෙන ඇති බව වාර්තා වී තිබේ. මුරුත්තෙට්ටුවේ ආනන්ද භික්ෂුව කවදත් රාජපක්ෂ ගෝලයෙකි. නාරාහේන්පිට - තිඹිරිගස්යාය පාර පළල් කිරීමේදී අභයාරාමයෙන් අත්පත් කරගත් ඉඩම් වෙනුවෙන් විශාල වන්දි මුදලක් අයථා ලෙස ඔහු විසින් ලබාගෙන තිබේ. ඉත්තෑකන්දේ සද්ධාතිස්ස යනු විමල් වීරවංශ ඇමතිවරයකුව සිටියදී රජයේ වියදමෙන් වාහන 4ක් ලබාගෙන අයථා පරිහරණය කළ අයෙකි. ගෝටලාගේ පාලන යුගයේ ගෝටලාගේ පහන් වලින් බැලූ එළි වල ණය ගෙවන්නට ඔවුන් පෙරට පැමිණ සිටී. 

නාලක ගොඩහේවා යනු රජයේ මුදල් ලක්ෂ 50ක් නාමල් රාජපක්ෂගේ නිල් බලකායට ලබා දීම සම්බන්ධයෙන් චෝදනා ලැබ අත් අඩංගුවේ ද සිට ඇප මත නිදහස්ව සිටින්නෙකි. එමෙන්ම ඉන්දියානු ක්‍රිශ් සමාගමෙන් ලබාගත් මිලියන 70ක කොමිස් මුදලක් නාමල්ගේ රගර් සමාජයකට දීම සම්බන්ධව ද ඔහුට චෝදනා එල්ල වී තිබේ. අජිත් නිවාඩ් කබ්‍රාල් යනු ගෝටලාගේ යුගයේ හිටපු මහබැංකු අධිපතිවරයා ය. පිරමීඩ ජාවාරමේ සිට බැඳුම්කර මගඩි දක්වා චෝදනා ගණනාවක් ඔහුට එරෙහිව තිබේ. අපට එළිය පෙන්වන්නට එන්නේ තමන්ගේ චරිත එසේ කලු කරගත් පුද්ගලයින්ය. 

අනෙත් අතට ගෝටා ගැන දැනට එළි වී තිබෙන දේවල් ද හොඳටෝම ඇතිය. පෙරකී මිනීමැරුම් වලට අමතරව උපාලි තෙන්නකෝන්ට පහරදීම, කීත් නොයාර්ට පහරදීම, සනත් බාලසූරියට පහරදීම, පෝද්දල ජයන්තට පහරදී කකුල කඩා රැවුල කපා කටේ එබීම, මිග් ගනුදෙනුවෙන් කෝටි ගණනක් ගසා කෑම, ඇවන්ට්ගාඩ් වංචාව, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ යන්ත්‍ර පරණ යකඩ වලට විකිණීම, දෙමව්පියන්ගේ සොහොන් ඉදිකිරීම සඳහා මහජන මුදල් කෝටි ගණනක් අවභාවිතා කිරීම ඇතුළු ඔහු ගැන එළි වී ඇති කරුණු හොඳටෝම ප්‍රමාණවත්ය. 

හීන දකින්නට කාටත් අයිතියක් තිබේ. ඊට එරෙහි වන්නට අපට නොහැක. ගෝටාබයට ද 2020 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ හීනය දකින්නට ඇති අයිතිය අපි පිළිගනිමු. එළිය කියාගෙන ඔහු නටනා නාඩගම ගැන කියන්නට ඇත්තේ සරල කරුණකි. ගෝටාබයලා තම හිතූ මතේ රට පාලනය කළ අඳුරු දශකයකට පසුව ජනතාව බොහෝ අමාරුවෙන් එළිය දුටුවේ 2015 ජනවාරි 08 වනදාය. ගෝටාබය දැන් එළිය කියා අපට පෙන්නන්නට හදන්නේ නැවතත් අඳුරට යන මඟය. ජනතාවට එවැනි වුවමනාවක් කොහෙත්ම නැත. පෙරකී දහසකුත් එකක් චෝදනා ගැන සලකා බලන විට ජනතාවට ගෝටාබය සහ එළිය සම්බන්ධයෙන් ඇත්තේ එකම ප්‍රශ්නයක් පමණය. ඒ, "මෙච්චර වැරදි කරලත් මේ යකා තාමත් එළියේ ඉන්නෙ කොහොමද ?" යන්න ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගෝටාගේ 'එළිය' සහ ගෝටා 'එළියේ' ඉන්නේ කෙසේද ?
ගෝටාගේ 'එළිය' සහ ගෝටා 'එළියේ' ඉන්නේ කෙසේද ?
http://ift.tt/2z8gEEv
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_581.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/blog-post_581.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy