හි ටපු සහ වත්මන් ජනපතිවරු ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළි කළ නාමල් කුමාර නැමැත්තා තොරතුරු කරුවෙකු ලෙස පාවිච්චි කිරීම හැරෙන්නට ඔහු සමඟ කිසිදු ක...
හිටපු සහ වත්මන් ජනපතිවරු ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළි කළ නාමල් කුමාර නැමැත්තා තොරතුරු කරුවෙකු ලෙස පාවිච්චි කිරීම හැරෙන්නට ඔහු සමඟ කිසිදු කුමන්ත්‍රණයක නොයෙදුණු බව ත්‍රස්ත මර්දන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් පැවසුවේ නාමල් කුමාර නැමැත්තා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇත්තේ තමා හා ඔහු අතර සිදු වූ දුරකථන සංවාදවල සංස්කරණය කරන ලද හඬපට බවයි.
එමෙන්ම සහරාන් හෂීම්ගේ පරීක්ෂණ ගොනු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරියෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් මේ වන විට අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන තත්ත්වයකට පත්ව ඇතැයි ඔහු කියා සිටියා.
ඔහු පැවසුවේ එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර එලෙස විමර්ශන කොට්ඨාසයේ කටයුතුවලට යම් යම් බලපෑම් එල්ල කළ බවයි.
විවිධ රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයින් නිරන්තරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳී සිටි බවද නාලක සිල්වා මහතා සාක්ෂි දෙමින් වැඩිදුරටත් සදහන් කළා.

COMMENTS