පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ඉකුත්දා ඉල්ලා අස්වූ ඒ මහතා ඉකුත්දා ( අගෝස්තු 13) මහනුවරට පැමිණ ...
පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් විදේශ කටයුතු අමාත්‍යධූරයෙන් ඉකුත්දා ඉල්ලා අස්වූ ඒ මහතා ඉකුත්දා ( අගෝස්තු 13) මහනුවරට පැමිණ අස්ගිරි මහා විහාරයේදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.
මෙරට ඉතිහාසයේ පමණක් නොව වෙනත් ආසියාතික රටක නොවූ දේශපාලන අත්දැකීමක් තමන්ගේ ඉල්ලා අස්වීමෙන් සිදුවූ බව කී හිටපු අමාත්‍යවරයා මහා නායක හිමියන් හමුවේ කීවේය.
සිය ඉල්ලා අස්වීමට එක් හේතුවක් මාධ්‍ය මගින් ඇති කරන ලද සංදර්ශනයක් වූ බව කී මහතා මාධ්‍ය කටයුතු කරන්නේ ඔවුනට උචිතවූ න්‍යාය පත්‍රයකට යැයි කීවේය. මේ හේතුවෙන් අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය වූ නමුත් තමන් සිය දේශපාලන සුපිරිසිදු භාවය ඔප්පු කරමින් අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ බව ප්‍රකාශ කළේය.
තමන් සිදු කළ ක්‍රියාව ආදර්ශයට ගනිමින් සෙසු නියෝජිතයන් ද පැය 48ක් තුළදී තමන්ගේ ස්ථාවරය පෙන්වා දිය යුතු යැයි කී හිටපු අමාත්‍යවරයා තමන් බිහි කළ නව තත්ත්වය තුළින් සෙසු පිරිස් සිය දක්ෂතාවය පෙන්විය යුතු බව කීහ.
පාර්ලිමේන්තුව තුළ කිසිදු අර්බුදයක් මතු නොවන පරිදි ජනාධිපති අගමැති හා ආණ්ඩුව ආරක්ෂාකර ගනිමින් තමන් ඉල්ලා අස්වු බවත් තමන් කරන සියලු කාර්යයන් විනිවිද භාවයෙන් යුතුව ඉටු කරන බව රවී කරුණානායක මහතා කීවේය.
COMMENTS