දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වසංගතයක් සමාජගත වුණාම මිනිස්සු පැනික් වෙනවා. මහර, අටළුගම එතැනින් තේරුම් ගන්න ඕනෑ - කුමුදේශ්
Homeප්‍රවෘත්ති

වසංගතයක් සමාජගත වුණාම මිනිස්සු පැනික් වෙනවා. මහර, අටළුගම එතැනින් තේරුම් ගන්න ඕනෑ - කුමුදේශ්

PropellerAds

වසංගතයක් සමාජගත වූ විට ජනතාවගේ හැසිරීම් පවා වෙනස් වන බවත් මහර බන්ධනාගාරයේ සිදුවීම, අටළුගම සිදුවීම, කොළඹ මහල් නිවාස වාසීන්ගේ උද්ඝෝෂණ යනාදිය...

නව ජනපති සමඟ සාකච්ජා කිරීමට විග්නේශ්වරන් සූදානම් !
එජාප 29ක් ගෝඨාභය සමග නව ආණ්ඩුවකට සූදානම්
සජිත් එජාපයෙන් හා දේශපාලනයෙන් සමු ගැනීමට තිරණය කරයි
වසංගතයක් සමාජගත වූ විට ජනතාවගේ හැසිරීම් පවා වෙනස් වන බවත් මහර බන්ධනාගාරයේ සිදුවීම, අටළුගම සිදුවීම, කොළඹ මහල් නිවාස වාසීන්ගේ උද්ඝෝෂණ යනාදිය එම පදනමේ සිට සංවේදීව තේරුම්ගත යුතු බවත් සෞඛ්‍ය සේවකයින් සැමවිටම කවුරුත් මිනිසුන්ය යන්න සිතිය යුතු බවත් වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. 

"අපි පැහැදිලිවම වෙනස්ම මතයක් මෙතනදි දරන්නෙ. මොකද මීට මාස දෙකකට විතර ඉස්සෙල්ලා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කිව්වා මේ වසංගතය සමාජ පැතිරීමක් කියලා සලකලා කටයුතු කරන්න කියලා. අපි සමාජ පැතිරීමක් කියනකොට වසංගත රෝග විද්‍යා ඒකකය අපිත් එක්ක ගොඩාක් තර්ක කරන්න ගත්තා, මට විමර්ශන පවා තියෙනවා අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේක කිව්වයි කියලා. 

හැබැයි අපි කිව්වෙ වසංගතයක් සමාජගත වුණාට පස්සේ රටේ මිනිස්සුන්ගෙ හැසිරීමේ ඉඳන් වෙනස් වෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කටයුතු කරන්න ඕනෙ පුහුණුවේ ඉඳන් වෙනස් වෙනවා. මොකද මේ ඒවායෙ ප්‍රතිඵල. මිනිස්සු පැනික් වෙනවා. මිනිස්සු කලබලයට පත්වෙනවා. මිනිස්සුන්ට හව්හරණයක් නැතුව එක එක පැණි බොන්න ගන්නවා, එක එක වෙළෙන්දො එනවා. එක එක දේශපාලන කතන්දර ඇතිවෙනවා. මිනිස්සුන්ව අතෑරලා දාන්න වෙනවා. මිනිස්සු බයට විවිධ දේවල් කරනවා. 

එතකොට ඒකෙ එකක් තමයි ඔය මහර හිරගෙදර ඇතිවෙන්නෙ. ඒකෙ එකක් තමයි ඔය අටළුගම ඇතිවෙන්නෙ. එකක් තමයි ඔය කොළඹ ප්‍රදේශයේ උද්ඝෝෂණ වලින් පේන්නෙ. අපි කිව්වෙ සමාජගත වුණාම මේවා වෙන නිසා මේවාට සූදානම් වෙන්න කියලා. ඒක මිනිස්සුන්ගෙ වැරැද්දක් නෙවෙයි. ඔබටයි මටයිත් මේක වෙනවා එළියෙ ඔක්කොටම කොරෝනා කිව්වාම අපි දෙන්න මෙතන වහලෙන් එළියට යන්න තමයි විදියක් හොයන්නෙ. අපි බලන්නෙ නෑනෙ දොරෙන් යන්න ? එතකොට මේ වහලෙන් මිනිස්සු යන්නෑ, දැන් වහලෙන් යන්නත් පටන් ගත්තා කියලා අපට බැනලා හරියන්නෑ. මොකද අපි දන්නවා දොරෙන් එළියට ගියොත් අපට හැදෙනවා, එතකොට අපි වහලෙන් යන්න බලනවා. ඒ වෙලාවට වහලෙන් යාමද දොරෙන් යාමද කියන එක සාධාරණීකරණය වෙන්නෙ අපට තියන ප්‍රශ්නෙත් එක්ක.

 මණ්ඩලවල අය පෞද්ගලිකව වාහනවල යවලා අපි ඒ මිනිස්සුත් එක්ක කතා කරලා අපි පෙරේදාට කලින් දවසේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කළා, කිසිම කෙනෙක් නැතුව. ඒ මිනිස්සු හොඳට සහයෝගය දුන්නා. ඒක තේරුම් ගත්තා. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ අපි එතන 200ක් ඇන්ටිජන් පරීක්ෂණ කරලා අපට 31ක් පොසිටිව් හම්බුණා. එදා දවසේ 24යි එතනින් අරන් ගියේ. 7 දෙනෙකුට ගෙදර යන්න කිව්වා කියලා තමයි වාර්තා වෙන්නෙ. එතකොට දැන් ආයෙ කලබල වෙනවානෙ මිනිස්සු. පොසිටිව් කෙනෙක් අඳුනාගත්තාම එයාව ගෙදර ගෙනියන්න කියලා සරල උත්තරයක් දුන්නාම මිනිස්සු කලබල වෙනවා. හැබැයි අපි ඒ වෙලාවෙ එතන හිටපු නිසා අපි කිව්වා කලබල වෙන්න එපා, අපි හෙට මේකට වැඩපිළිවෙලක් දානවා, මේ සෞඛ්‍ය සේවාවෙ පහසුකම් මෙහෙමයි, සමහර පහසුකම් අවශ්‍ය තරම් නෑ කියලා. 

ඒක රටේ ප්‍රශ්නයක්, ඒක සෞඛ්‍ය ඇමතිගෙවත් ජනාධිපතිගෙවත් ආණ්ඩුවෙවත් ප්‍රශ්නයක් නෙවෙයි. අපට පොසිටිව් වෙන එක්කෙනා අයින් කරන්න පහසුකම් නැත්නම් අපි අඩුම ගාණෙ ජනතාවට ඇත්ත කියන්න ඕනෙ. කිව්වොත් මිනිස්සු අහන්නෙ නැද්ද ? අහන්න වෙනවානෙ ... එතකොට අපි එහෙම කිව්වාම වෙනම කාමරයක් හොයලා ඒ 7 දෙනා වෙනම නතර කරලා මං සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාට කතා කරලා ප්‍රශ්නය විසඳුවා. මෙහෙම මැදිහත් වෙලා මේ කාරණාව කරන්න කෙනෙක් ඉන්න ඕනෙ. එහෙම නැතුව නෑ ... නෑ .. අපි එහෙමයි අපි මෙහෙමයි කිව්වාම මේ ප්‍රශ්න දුරදිග යනවා. එහෙම නැතිව එක මනුස්සයෙක් කෙළගැහුවායි කියලා ඒ මනුස්සයා එක්ක තරහට අටළුගම නැතිවෙන්න ඕනෙ කියන එක හරි, හිරකාරයෝ ටික කොරෝනා හැදිලා මැරෙන්න ඕනෙ කියන එක හරි කියන ආකල්පයේ වැඩ කරන්න බෑ. එක එක අයට එහෙම පුළුවන් ඇති, සෞඛ්‍ය සේවකයෝ විදියට අපට හැමෝම මිනිස්සු" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

රවී කුමුදේශ් මහතා මේ බව පැවසුවේ ඊයේ (12) ඒෂියන් මිරර් වෙබ් අඩවිය සමග සංවාදයකට එක්වෙමිනි. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වසංගතයක් සමාජගත වුණාම මිනිස්සු පැනික් වෙනවා. මහර, අටළුගම එතැනින් තේරුම් ගන්න ඕනෑ - කුමුදේශ්
වසංගතයක් සමාජගත වුණාම මිනිස්සු පැනික් වෙනවා. මහර, අටළුගම එතැනින් තේරුම් ගන්න ඕනෑ - කුමුදේශ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMcjltXwJFzqaXAxGTswFuOafUkNfJKIGWHZ8RayHxGYheMgh7CcdvD2M9gf11g4CQTZtlKVaDtM8dx6SWCgndwoALpTsg6SdKPGHBxcCty_UlnWgbqYJqT1K9ozIIXDswZ8O1UiulX14/s320/kumudesh.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjMcjltXwJFzqaXAxGTswFuOafUkNfJKIGWHZ8RayHxGYheMgh7CcdvD2M9gf11g4CQTZtlKVaDtM8dx6SWCgndwoALpTsg6SdKPGHBxcCty_UlnWgbqYJqT1K9ozIIXDswZ8O1UiulX14/s72-c/kumudesh.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_988.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_988.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy