දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..
Homeප්‍රවෘත්ති

කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..

PropellerAds

කවුරු කොහොම මොනවා කියුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා සංචාරකයන් සඳහා රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු ...

doctor safi
complaints
කෝච්චි බලන්න 100ක් චීනයට - වියදම ලක්ෂ 500 යි !
කවුරු කොහොම මොනවා කියුවත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපල හා සංචාරකයන් සඳහා රට විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.ඔහු අවධාරණය කලේ මීට අදාල සාකච්ඡා අවසන් අදියරේ පවතින බවයි.

බෙන්තොට සංචාරක කලාපයේ ඉදිකෙරුණු ‘සුලක්නා’ සංචාරක නිකේතනය, දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩාංගනය හා  ‘සයුර ඉම’ විවේකාංගනය දෙස් විදෙස් සංචාරකයන්ගේ පරිහරණයට පත් කිරීමේ උත්සවයට සහභාගී වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය.

ගුවන්තොටුපල හා රට සංචාරකයන්ට විවෘත කිරීම සඳහා රජය ගන්නා උත්සහය විපක්ෂය තිගැස්මකට ලක් කර ඇති බවත් මේ නිසා ඔවුන් ජනතාව තුල බොරු බියක් ඇති කරමින් තිබෙන බවත් පෙන්වා දුන් ඇමති ප්‍රසන්න රණතුංග විපක්ෂයට ආණ්ඩුවේ ගමන නතර කල නොහැකි බවද අවධාරණය කලේය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේද කීවේය.

‘’ මාර්තු මාසයේ දී ගුවන්තොටුපල වැහුවාම විපක්ෂය කිව්වේ ගුවන්තොටුපල වහන්න පරක්කු වුනා කියලයි.ඊට පස්සේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ලංකාවට එන්න ඉල්ලනකොට ගුවන්තොටුපල විවෘත කරන්න කියලා විපක්ෂය බොරුවට කෑගැහුවා.ආණ්ඩුව විධිමත් විදියට විසේගත ශ්‍රමිකයෝ ගෙන්නගන්න ක්‍රමවේදයක් හදපුවාම ඒ එන අයගෙන් කොවිඩ් ආසාදිතයෝ වාර්තා වෙන්න හම්බුනාම ඔන්න ‘’රටවිරු පොකුරු‘’ හැදෙනවයි කියලා විපක්ෂයෙ උදවිය කිඹුල් කඳුළු හෙලුවා.පහුගිය කාලේ විපක්ෂ නායකතුමා ඇතුළු නඩය පාර්ලිමේන්තුවේදිත් ඉන් පිටතදීත් කිව්වේ සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අය පීඩාවට පත්වෙලා ඉන්නවා කියලයි.අපි ඒ අයටත් සහන සලසලා සංචාරක වයාපාරය නැවත සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ක්‍රමානුකූලව අරඹන්නත්,ගුවන්තොටුපල විවෘත කරන්නත් හදනකොට දැන් කියනවා සංචාරක පොකුරු හැදෙයි.සංචාරකයෝ රටට එන්නේ නෑ කියලා.මේ රටේ විපක්ෂයට ඕනෑ රට තුල කොවිඩ් වැඩිවෙනවා දකින්නයි.ගුවන්තොටුපල වහලා සංචාරකයන්ට රට වහලා තවදුරටත් මේ රටේ ආර්ථිකය බිඳ වැටෙනවා දකින්නයි.විපක්ෂයේ සිහින සැබෑ කරන්න ආණ්ඩුවේ අපි සූදානම් නෑ.ඒ නිසා කවුරු කොහොම මොනවා කිව්වත් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගුවන්තොටුපලත් රටත් සංචාරකයන්ට ක්‍රමානුකූලව විවෘත කරනවා.

සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය අපි 26 වෙනිදා සිට අරඹනවා.ලබන වසර මැද වනවිට අපි ගුවන්තොටුපල විවෘත කරලා වාණිජ ගුවන්යානා වලට ලංකාවට එන්න ඉඩදෙනවා.අපි මේ කටයුත්ත කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුවයි.රටත් ජනතාවත් අනතුරේ දාන්නේ නෑ.මේ සම්බන්ධයෙන් විපක්ෂය මවන බොරු බිල්ලන්ට රැවටෙන්න එපා.

සංචාරක අමාත්‍යංශය විදියට අපි මේ වනවිට සංචාරක කලාප වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර තිබෙනවා.බෙන්තොට සංචාරක කලාපයේ මේ විවේකාංගය හා නව අත්පන්දු ක්‍රීඩාපිටියත් ඉදිකෙරුණේ ඒ අනුවයි. අපි ඉදිරියේදී සියළු අමාත්‍යංශ සමඟ ඒකාබද්ධව මේ යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

– ප්‍රදීප් අනුර කුමාර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29340,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..
කවුරු මොනවා කියුවත් ගුවන් තොටුපල ඇරලා සංචාරකයන් ගෙන්වනවා..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7n-WOrVHp6hSsVQAL-l6Bpo1Gh52ENiuTn5AGvANj66N66DNDO3ZBQ1yJ-CmsANPKkmsW9L4iCWP_hn7c0fCXHNlJcUJb0RVQDLaSQqiVSAP8DS58l87VF7dvRw_hcTKXZ4U11bSMbsE/s320/prasanna-ranathunga.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7n-WOrVHp6hSsVQAL-l6Bpo1Gh52ENiuTn5AGvANj66N66DNDO3ZBQ1yJ-CmsANPKkmsW9L4iCWP_hn7c0fCXHNlJcUJb0RVQDLaSQqiVSAP8DS58l87VF7dvRw_hcTKXZ4U11bSMbsE/s72-c/prasanna-ranathunga.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_980.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_980.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy