දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෝච්චි බලන්න 100ක් චීනයට - වියදම ලක්ෂ 500 යි !
Homeප්‍රවෘත්ති

කෝච්චි බලන්න 100ක් චීනයට - වියදම ලක්ෂ 500 යි !

PropellerAds

චී නයේ නිෂ්පාදනය කරමින් පවතින එස්-14 බලවේග කට්ටල දුම්රිය පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ 100 දෙනකුගේ කණ්ඩායමක් චීනය බලා යාමට නියමිත ...

සජිත්ට මුස්ලිම් කොංග‍්‍රසයේ දැඩි විරෝධය.. තව දුරටත් සමගියක් නැති බව කියයි
මං කවදාවත් රාජ්‍ය ඇමතිකම් දරා නෑ.. බොරු ඇමතිකම් මට එපා.. මං බාර ගන්නේ නෑ.. ගන්නේ කැබිනට් ඇමතිකම් විතරයි - විජේදාස
රතන හිමි පාර්ලිමේන්තු යැවිය යුතු නෑ.. ජනතාව ඡන්දෙන් රතන හිමි පැරැද්දුවා.. ජාතික ලයිස්තුව දෙන්න එපා - සුදත්ත හිමි
චීනයේ නිෂ්පාදනය කරමින් පවතින එස්-14 බලවේග කට්ටල දුම්රිය පරීක්ෂා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ 100 දෙනකුගේ කණ්ඩායමක් චීනය බලා යාමට නියමිත බව වාර්තා වේ. 20 දෙනකුගෙන් යුත් කණ්ඩායම් 5ක් ලෙස ඔවුන් මෙසේ චීනය බලා යෑමට කටයුතු යොදා තිබේ. මේ වන විට එහි පළමු කණ්ඩායම චීනය බලා පිටත්ව ගොස් ඇති අතර ඔවුන් පැමිණි විගස දෙවන කණ්ඩායම පිටත් වීමට නියමිත බව වාර්තා වේ.

චීනය බලා යන එක් අයකු වෙනුවෙන් ගුවන් ටිකට් පත්, සුපිරි හෝටල්වල නවාතැන්වලට අමතරව එක් අයකුට ඇමරිකානු ඩොලර් 640ක මුදලක් සහ ශීත දීමනාව ලෙස රුපියල් 15,000ක්ද චීන සමාගමෙන් රුපියල් 30,000ක මුදලක්ද ලබා දීමට නියමිත බව පැවසේ.

ඒ අනුව එක් අයකු වෙනුවෙන් නවාතැන් ගුවන් ටිකට්පත් ඇතුළු සියලු වියදම් රුපියල් ලක්ෂ 5කට ආසන්න වන අතර, මේ කණ්ඩායම වෙනුවෙන් ලක්ෂ 500ක් පමණ මුදලක් මේ සඳහා වැය වනු ඇතැයි පැවසේ.

චීන එස්-14 බලවේග කට්ටල නිපදවන චීන සමාගම මේ සඳහා ගුවන් ටිකට්පත් හා නවාතැන් මෙන්ම ඔවුන් ලබා දෙන මුදල්වලට අමතරව සහභාගි වන සෑම අයකුටම වටිනා භාණ්ඩයක්ද තිළිණ වශයෙන් ලබාදීමට නියමිත බව චීනය බලා යන මේ පිරිස අතර වෘත්තීය සමිති නායකයන්ද සිටින බව වාර්තා වේ.

මෙරටදී ලබා දෙන ඇමරිකන් ඩොලර් 640ක මුදල සහ ශීත දීමනාව වෙන් වශයෙන් ගෙවනු ලබන අතර, මේ සියලු දෙනාගේ කාර්යය වන්නේ දුම්රිය නිසි පරිදි සකස් කර ඇත්ද හා මෙරට ධාවනයට සුදුසුද යන්න සොයා බැලීම වන නමුත්, ඔවුන් වැඩි හරියක්ම චීනයේ සංචාර හා පැරැණි තැන් බැලීමටත්, රාත්‍රී දුම්රියයන්ගේ චාරිකා සඳහා සහභාගි වීමත් සිදු කර ඇති බවට දැනගන්නට ඇත.

චීන සමාගම විසින් මේ වෙනුවෙන් අමතර මුදලක් අය නොකරනු ලබන නමුත් දිගින් අඩි 50ක් වන මැදිරි 10ක් හෝ 9ක් සහිත එක් බලවේග කට්ටල දුම්රියක් සඳහා ඇමරිකානු ඩොලර් 104 297 78.66 ක මුදලක් එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 185ක් (185 6 500601.48) පමණ එක් දුම්රියන් වෙනුවෙන් අය කෙර්.

මීට පෙර චීනයෙන් ආනයනය කළ එස් -12 බලවේග කට්ටල දුම්රිය පරීක්ෂා කිරීම පිණිසද 100 දෙනකුගෙන් යුක්ත කණ්ඩායම් චීනය බලා ගිය අතර, දුම්රියේ රියැදුරු කුටිය මෙහෙයුම් කටයුතු කිරීමට අපහසු ලෙස නිර්මාණය කර තිබීමත්, එහි තිරිංග සම්බන්ධ දෝෂයක් ගැනත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත විතානගේ මහතාගෙන් විමසීමේදී ඔහු පැවසුවේ චීන සංචාරයට අමතර වියදමක් දැරීමට සිදු නොවන බවත්, දුම්රිය ලබා දෙන මිල යටතේම ඒ සංචාරයන්ද ඇතුළත් බවත්ය.

මෙවර නිපදවන දුම්රියේ රියැදුරු කුටියේ ඉඩ පහසුකම් ඇති පරිදි නිර්මාණය කර ඇති බවත් එස්-12 දුම්රියේ මතු වූ අත් තිරිංග සම්බන්ධ ප්‍රශ්නයද මේ දුම්රියයන්ගේ සකස් කර ඇති බවත් ඔහු පැවසීය.

මූලාශ්‍රය - සිළුමිණ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29362,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෝච්චි බලන්න 100ක් චීනයට - වියදම ලක්ෂ 500 යි !
කෝච්චි බලන්න 100ක් චීනයට - වියදම ලක්ෂ 500 යි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhStEFM8u3PWXPE6BQG7vc6Ct3X2BLNqNhW32NzhVfXPUMzLMcLtC2A6Z8omhfCRjfGPTTg6xiURl9idLWJcCS-K8LqB98xay9LPrZDHj31u_DF7ma6E1h9jVTLseaOrTY_21Cn9Rrw2kj3/s320/6bf6cd84eab1761d19d7d1b567237d67_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhStEFM8u3PWXPE6BQG7vc6Ct3X2BLNqNhW32NzhVfXPUMzLMcLtC2A6Z8omhfCRjfGPTTg6xiURl9idLWJcCS-K8LqB98xay9LPrZDHj31u_DF7ma6E1h9jVTLseaOrTY_21Cn9Rrw2kj3/s72-c/6bf6cd84eab1761d19d7d1b567237d67_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/06/100-500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/06/100-500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy