දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය චම්පිකට: ව්‍යවස්ථාවත් රෙඩි
Homeප්‍රවෘත්ති

සජිත්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය චම්පිකට: ව්‍යවස්ථාවත් රෙඩි

PropellerAds

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (12) එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇත්ත...

යාපනයේ තරුණයින්ට රජයෙන් අක්කර බාගයක්
උසස් පෙළ විභාග ප්‍රතිඵල ප්‍රමාදවීමට හේතුව හෙළිවෙයි
සිංගිමලේ රක්ෂිතය ගිනි ගනී (PHOTOS)
ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඊයේ (12) එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත්ව ඇත්තේ, සමගි ජන බලවේගයේ නියෝජ්‍ය නායකත්වය බාර ගැනීම සඳහා යයි දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පාඨලී චම්පික රණවක සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්වීම ඊයේ දිනයේ සිදුවිය.

”ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් සමග සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. ” යයි ශ්‍රී ලංකා පදනම් ආයතයේ ඊයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අමතමින් ‘සමගි ජන බලවේගය’ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේය.

”ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් සමග සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. ” යයි ශ්‍රී ලංකා පදනම් ආයතයේ ඊයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව අමතමින් ‘සමගි ජන බලවේගය’ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අවධාරණය කර සිටියේය.

සමගි බලවේගයේ ව්‍යවස්ථාව එයි

චම්පික රණවක මන්ත්‍රීවරයා එසේ සඳහන් කළ අයුරින් ‘සමගි ජන බලවේගය’ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ලෙස ස්ථාපිත කරලීමට අවශ්‍ය පක්ෂ ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ කටයුතු මේවනවිට අවසන් අදියරේ පවතී.

යෝජිත විධායක සභාවට එහි පක්ෂ ව්‍යවස්ථාවේ කෙටුම්පතක් ඉදිරිපත් කොට, නොපමාව අදහස් ඉදිරිපත් කරන ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස ඉල්ලා ඇත.

එම විධායක සභාව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වේ.

දෙසැම්බර් 01 වැනිදා පැවති එම බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ රැස්වීමේදී එම කෙටුම්පත ඉදිරිපත් කර ඇති අතර දෙසැම්බර් 04 වැනිදා වන විට ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් කිරීමට දැනුම් දී තිබිණ.

යෝජිත පක්ෂ ව්‍යවස්ථාව අනුව අවුරුද්දකට වතාවක් පක්ෂ සම්මේලනයක් පැවැත්විය යුතු අතර එම පක්ෂ සම්මේලනයේදී වාර්ෂිකව පක්ෂ නායකයා තෝරාගත යුතුය.

යෝජිත පක්ෂ ව්‍යවස්ථාව අනුව අවුරුද්දකට වතාවක් පක්ෂ සම්මේලනයක් පැවැත්විය යුතු අතර එම පක්ෂ සම්මේලනයේදී වාර්ෂිකව පක්ෂ නායකයා තෝරාගත යුතුය.

එම නායකයාට අභිමතය පරිදි තමන් සමඟ එදිනෙදා කටයුතු කිරීමට නිලධාරී කණ්ඩායමක් පත් කරගත හැකිය.

කෙසේ වෙතත් පක්ෂයේ තීන්දු ගන්නා ප්‍රධාන ආයතනය විධායක සභාව වේ.

එම විධායක සභාව, තරුණ සංවිධානය ඇතුළු පක්ෂයේ අනෙකුත් ව්‍යූහයන්ට නිලධාරීන් පත් කිරීමේදී ඡන්දයෙන් පත් කරන අතර, එක්සත් ජාතික පක්ෂයේ තිබුණු ආකාරයට නායකයාට තනතුරු පත් කිරීමේ හැකියාව සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවට ඇතුළත් කරන බව සති අන්ත ‘අනිද්දා’ ජාතික පුවත්පත සමඟ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ‘සමගි ජන බලවේගයේ’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කර තිබේ.

දෙසැම්බර් 01, 02 සහ 03 දිනවල සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ තිස්ස අත්තනායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් රැස්ව ඒ පිළිබඳ සාකච්ඡා කළ බව ද එම මන්ත්‍රීවරයා පවසා ඇත.

මන්ත්‍රීවරුන්ට ස්වාධීන තීන්දුවක් ගැනීමට ඉඩ දීම සඳහා සජිත් ප්‍රේමදාස එම සාකච්ඡාවලට සහභාගී නොවූ බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

නීතිඥ තිසත් විජේගුණවර්ධන, නීතිඥ සුරේන් ප්‍රනාන්දු සහ නීතිඥ ෆර්මාන් කාසිම් එම ව්‍යවස්ථාව කෙටුම්පත් කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය චම්පිකට: ව්‍යවස්ථාවත් රෙඩි
සජිත්ගේ පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය චම්පිකට: ව්‍යවස්ථාවත් රෙඩි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlm5Qmp-TgbHwSzI1PYhnX4gDpJOFpGDPCN7Ikn6IRvPxHh_BlDUgYKkdhGXJl4luv9LovQynrpshzHvLkdJoszKnWM8CrQOVn0mHB7JbV1bWGB9tR_Yvv6LRHoMH7FTHlvoWvvqAOjrA/s320/sajith-patali-champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjlm5Qmp-TgbHwSzI1PYhnX4gDpJOFpGDPCN7Ikn6IRvPxHh_BlDUgYKkdhGXJl4luv9LovQynrpshzHvLkdJoszKnWM8CrQOVn0mHB7JbV1bWGB9tR_Yvv6LRHoMH7FTHlvoWvvqAOjrA/s72-c/sajith-patali-champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_862.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_862.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy