කො රෝණා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා උතුරු ප්‍රදේශයේ ස්ථාන තුනකදී උද්ඝෝෂණය...
කොරෝණා වෛරසය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසට ඉල්ලා උතුරු ප්‍රදේශයේ ස්ථාන තුනකදී උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.
කිලිනොච්චිය පූනකරී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට, මුලතිව් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට සහ මන්නාරම දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ නගරසභාව ඉදිරිපිටදී ප්‍රදේශවාසී මුස්ලිම් වැසියන් පිරිසක් සහ ස්වේච්ඡා සමාජ ක්‍රීයාකාරී සංවිධාන සාමාජිකයින් පිරිසක් විසින් මෙලෙස උද්ඝෝෂණයන් සංවිධානය කොට තිබුණි.
එහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් වැඩි දුරටත් පවසා සිටියේ .
තම ආගමේදී මිය යන පුද්ගලයින් කිසිවෙකුත් ආදාහනය නොකරන බවටත් කොරෝණා වෛරසය හේතුවෙන් පසුගිය කාලයේ මිය යන පුද්ගලයින් ආදාහනය කිරීම තුලින් ආගමේ ප්‍රතිපත්ති වලට පටහැනි ලෙසින් නීති ක්‍රියාත්මක වීම නිසාවෙන් තම ආගමිකයින් මිය යන අවස්ථාවන් වලදී ආදාහනය නොකොට භූමදානය කිරීමට අවසර ලබා දෙන ලෙසටය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

COMMENTS