දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුච්චනවාද..? වලලනවාද..? ආණ්ඩුව සහ විපක්ෂය ඉස්ලාම් අන්තවාදීන් සතුටු කිරීමට තරගයක
Homeප්‍රවෘත්ති

පුච්චනවාද..? වලලනවාද..? ආණ්ඩුව සහ විපක්ෂය ඉස්ලාම් අන්තවාදීන් සතුටු කිරීමට තරගයක

PropellerAds

ජා තික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සියලුම මහජන නියෝජිතයන් වෙත යොමු කරන ල...

ස්ථාන 400කට ලඟදීම නොමිලේ WiFi  
රජරට වකුගඩු රෝගී තත්ත්වය හම්බන්තොටටත්
මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අද එළිදක්වයි 
ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සියලුම මහජන නියෝජිතයන් වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

අතිගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ
සියළුම මහජන නියෝජිතයින් වෙත,

ආණ්ඩුව සහ විපක්ෂය තරගකාරීව ඉස්ලාම් ආගමික අන්තවාදීන් සතුටු කිරීමට උත්සාහ කිරීම බරපතළ දේශපාලන වරදක් බව පෙන්වාදීම

කොවිඩ් වසංගතය නිසා මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු මහජන සෞඛ්‍ය හේතු මත ආදාහනය කළ යුතු බවට මේ වන විට රජය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇත. ඒ නිසා කෙටි කාලීනව එය  රටේ නීතියක් බවට පත්වන අතර ජාති ආගම් භේදයකින් තොරව ක්‍රියාත්මක විය යුතුය. කොවිඩ්19  වෛරසයේ හැසිරීම් වල සිදුවන වෙනස්කම් වලට අදාල විවිධ පර්යේෂණ සාක්ෂි අනුව මෘත දේහ භූමදානය කිරීම මගින් එම වෛරසය පරිසරයට නිදහස් විය හැකි බව ඔප්පු වී ඇති බැවින් විද්වත් කමිටුවක නිර්දේශ අනුව එම ගැසට් නිවේදනය හෙවත් රෙගුලාසිය පැනවූ බව රජය විසින් ප්‍රකාශ කරන්නට යෙදුනි. එය මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීම සහ වසංගතය තවදුරටත් පැතිර යෑම වැළැක්වීම සඳහා රටේ නීතිය අනුව රජය විසින් ඉටු කළ යුතු වගකීමකි.

නමුත් එම පොදු නියාමය නිසා යම් සුළු පිරිසකට තම ආගමික විශ්වාසයන් මත සිත් වේදනාවක් හෝ මානසික පීඩනයක් ඇතිවිය හැක. එක් පැත්තකින් එම නියෝගය සියළු මළ සිරුරවලට අදාලව පනවා නොමැති අතර එය අදාල වන්නේ කෝවිඩ් 19 වෛරසය ආසාදිතයෙකු ලෙස මිය යන අයට පමණි. අනෙක් පැත්තෙන් එය කෙටි කාලීනව පවතින තත්වයක් පමණි. එසේ මළ සිරුරු ආදාහනය කිරීම මගින් පරිසරයට වෛරසය නිදහස් වීම වළකින අතර  ඥාතීන් විසින් මළ සිරුරු සේදීම හෝ ස්පර්ෂ කිරීම මගින් ඔවුන්ට රෝගය වැළදීමේ සම්භාවිතාවද අඩුවේ. ඒ අනුව එම තත්වය සියළු ආගමික විශ්වාසයන්ට අනුව පොදු මහජන යහපත උදෙසා සාධාරණිකරණය වේ. එහිදි සියළු ආගමික කණ්ඩායම්වලට ආගම අනුව තම ඥාතියාට අවසන් ආගමික වතාවත් ඉටුකිරීමට නොහැකි වන බවට විවාදයක් නැත. ඉස්ලාම් බැතිමතෙකුට තම ඥාතියාගේ මළ සිරුර ආදාහණය කිරීමේදී ඇති විය හැකි සිත් වේදනවා පාංශුකූලය, පැන්වැඩීම සහ මතක වස්ත්‍ර පූජාව වැනි ආගමික කටයුතු කළ නොහැකි වීම නිසා බෞද්ධයෙකුගේ හෝ හින්දුවරයෙකුගේ හෝ කතෝලිකයෙකුගේ සිත් තුලද ඇතිවිය හැක.

නමුත් පොදු මහජන යහපත වෙනුවෙන් නීතියට හිස නැමීමට සියළු රට වැසියෝ ආගමික බේදයකින් තොරව බැඳී සිටිති. ඒ අනුව රටේ අතිමහත් බහුතරයක් වූ විවිධ ආගම් අදහන ජනතාව විසින් පොදු මහජනතාවගේ යහපත උදෙසා සිත් වේදනාවන් දරාගත යුතු බවට පොදු සමාජයේ උගත් නූගත් කා අතරත් පොදු පිළිගැනීමක් ඇත. පසුගිය යුද සමයේදී සහ සුනාමිය වැනි ආපදාවන්හිදී පොදු මහජන යහපත වෙනුවෙන් තමාට කෙටි කාලීනව විදීමට සිදුවන දුක් ගැහැට විඳදරා ගනිමින් අභියෝග ජය ගැනීමට ජාතියක් ලෙස අප සමත් වූයෙමු. නමුත් මෑත කාලීනව රට තුළ හිස ඔසවමින් තිබෙන විවිධ ආගමික අන්තවාදී ප්‍රවණතාවයන් විසින් මුස්ලිම් ජනතාව අතර අසතුට සහ අසහණය වර්ධනය කිරීමට උත්සාහ ගන්නා අතර ඔවුන් සහ බහුතර සෙසු ජනතාව අතර ගටුම්කාරී තත්වයක් ඇති කිරීමට උත්සාහ කරන බව පහැදිලිව දැකගත හැක. ඒ අනුව සුළුතරයක් වූ අන්තවාදී බලවේගවල තර්ජනාංගුලියට බියවන මධ්‍යස්ථ යැයි කියන සුළු ජන පක්ෂ නායකයෝ අන්තවාදීන්ගේ සටන් පාඨ පුනරැච්ඡාරණය කරන අතර අදාල නීතිය වෙනස් කරන ලෙස රජයට බලපෑම් කරති.

එවැනි තත්වයක් තුළ විපක්ෂයේ බහුතර දේශපාලන පක්ෂ එම සුළුජන නායකයින්ගේ ඡන්ද පදනමට ඉව අල්ලමින් පෙදු මහජන යහපත නොතකා අන්තවාදීන්ගේ සටන්පාඨය ඉහළට එසවීමට වීදි බැසීම කණගාටුදායක තත්වයකි. ඒ සියල්ලටම වඩා කණගාටුදායක ටත්වය වන්නේ එම පීඩනයට යටත්වී රජයේ පාර්ශ්ව විසින් අදාල නියෝග වෙනස් කරන ලෙස නිලධාරීන්ට බලපෑම් කිරීමය. මීට පෙර වෙනත් කරුණක් මත අගමැතිතුමා විසින් නිකුත් කළ ප්‍රකාශයක සදහන් වූයේ ඉතා සුළු පිරිසක් වන බෙදුම්වාදී සහ ආගමික අන්තවාදීන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී සහ මධ්‍යස්ථ බව කියන සුළු ජන පක්ෂ නායකයින් යටත් කරන බව සහ එම සුළු පක්ෂ විසින් ඡන්ද අහුරක් පෙන්වා බහුතර ජනතාව නියෝජනය කරන පක්ෂ යටත් කරන බවය. දැන් සිදුවෙමින් පවතින්නේ එයම නෙවේද? අන්තවාදීන් අතලොස්සක් විසින්  නිර්මා‍ණය කරන ආගම්වාදී ගැටුමක් ආණ්ඩුව, විපක්ෂය සහ මධ්‍යස්ථ යයි කියන සුළුජන පක්ෂ මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන විසින් තම දේශපාලන වාසියට හරවා ගැනීම බරපතළ ඛේදවාචකයකි. එම උත්සාහය තුළ වැඩි වාසිය අත්පත් වන්නේ දිර්ඝකාලීන අරමුණු සහිත අන්තවාදී බලවේගවලටය.

සෑම විටම මහා සමාජය සමග ගැටුමක් නිර්මාණය කොට අන්තවාදී සංවිධානවලට තරැණයින් බඳවා ගැනීමට මාන බලමින් සිටින අන්තවාදීන්ට හදිසියේ කඩා වැටුණු ”භුමදාන ප්‍රශ්නය” ආශිර්වාදයක් වී ඇත. මෙම අන්තවාදී බලවේග දිර්ඝකාලීනව මූලික උපායමාර්ගික අරමුණු දෙකක් ඔස්සේ කටයුතු කරන බව පැහැදිලිවම දැකගත හැක. පළමු වැන්න මුස්ලිම් ජනතාව විශේෂයෙන්ම තරැණයින් සහ ළමුන් අතර තමා අන් රටවැසියන්ට වඩා වෙනස් බව ඒත්තු ගැන්වීම සහ තම අනන්‍යතාවය පවත්වාගෙන යාම සදහා එම වෙනස පිළිබදව නිරන්තරව කරදර විය යතු බව මෙන්ම සෙසු රටවැසියන් එම තත්වය පිළිගත යුතු බව සහ ඊට ගරැ කළ යුතු බවට මතවාදයක් තහවුරු කිරීමය. එහිදී එසේ ඔවුන් අඑපේක්ෂා කරන තත්වය සමාජයෙන් නොලැබෙන විට ඊට එරෙහිව සටන් කළ යුතු බවටද ඔවුන්ගේ මනෝභාවය සකස් කෙරෙන බව පහැදිලිව ඩැකගත හැක. මෘතදේහ ආදාහනයට එරෙහිව මතු කරන්නා වූ සටන් එම තත්වයේ ප්‍රතිඵලයකි. අන්තවාදී බලවේග මුස්ලිම් තරුණියන්ට බූර්කාව, නිකාබය වැනි ඇඳුම් ඇඳීම සදහා බල කරනු ලබන්නේ එම වෙනස් බව පෙන්වීමේ උපාය මාර්ගයට අනුව බව ඉතා පැහැදිලිය.

අන්තවාදීන්ගේ දෙවන උපාය මාර්ගික අරමුණ තම පිළේ මානසික අවුල දිගින් දිගට පවත්වා ගන්නා අතර ඔවුන් සහ මහා සමාජය අතර ගැටුම උත්සන්න කිරීමය. එනම් තමන්ගේ අයිතිවාසිකම් අහිමි කරන්නේ බහුතර සිංහල ජනතාව හෝ සිංහල ආණ්ඩුව විසින් බවට ප්‍රබල මතවාදයක් ගොඩනැගීමය. ග්‍රෝත්‍රික අදහස් දරන පිරිස් විසින් ආණ්ඩුවට හෝ බහුතර ජනතාවට ග්‍රෝතිකයින් යැයි චෝදනා එල්ල කරනු ලබන්නේ එසේ මහා සමාජය සමග ගැටුම ඇවිලවීම සදහාය. අන්තවාදී මතධාරීන්ගේ මනස තුළ ප්‍රචණ්ඩත්වයේ බීජ රෝපණය කිරීමට සහ පෝෂණය කිරීමට එම ගැටුම සැමවිටම ඉහළින් තබාගත යුතුය. එම ක්‍රියාවලිය තුළ විත්තිකරුවා බවට පත්විය යුතු අන්තවාදීන් විනිසුරන් බවට පත්වී සැබෑ පැමිණිලිකරුවා චූදිතයෙකු බවට පත්කෙරේ.

මෙවැනි තත්වයක් තුළ ආණ්ඩුව සහ විපක්ෂය ක්‍රියාකළ යුත්තේ පටු දේශපාලන මතභේද වලින් තොරව ඉතා කල්පනාකාරීවය. ඔවුන් විසින් අන්තවාදීන්ගේ සටන්පාඨ තම අතට ගැනීම බරපතළ දේශපාලන වරදකි. ඔවුන් විසින් කළ යුත්තේ යුක්තිය සහ සාධාරණය මත පදනම්ව අන්තවාදය ප්‍රතික්ෂේප කරන අතර සාමාන්‍ය ජනතාවට කරුණු පැහැදිලි කරදීම මිස තමා නොදන්නා වෛරසයක ක්‍රියාකාරීත්වය ගන තාක්ෂණික කමිටුවලට උපදෙස් දීම නොවේ. එම මහෝෂධ භූමිකාව අත්හැර විද්වත් කමිටුවලට බලපෑම් කරමින් රටේ පවතින නීතිය දේශපාලන හේතුමත වෙනස් කිරීමට රජයක් විසින් බලපෑම් කරන්නේනම් එය ඉතා අදුරදර්ශි පූර්වාදර්ශයක් බව කිව යුතුය. එසේ බලපෑම් කරන ලෙස විපක්ෂය විසින් ආණ්ඩුවට  බලපෑම් කිරීමද පටු දේශපාලන උවමනාවන් මත තමාගේම දේශපාලන මිනීවල කපා ගැනීමකි. ආණ්ඩුව සහ විපක්ෂය තුළ සිටින යම් අවස්ථාවාදී බලවේග ඉදිරි ජනාධිපතිවරණය දෙස බලමින් සුළුජන ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීම සදහා අන්තවාදීන් සහ මධ්‍යස්ථවාදීන් යන දෙකොටසම සතුටු කිරීමට උත්සාහ කිරීම බරපතළ ඓතිහාසික වරදක් වන බවට ජාතික බලවේග ලෙස අපි සිහිබුද්ධිය ඇති ජනතාවට අනතුරු අඟවමු. කෙසේ වෙතත් ඔවුන්ගේ අදූරදර්ශී භාවය ඉදිරි ජනාධිපතිවරණ ප්‍රතිඵල වලින් පසුව ඔවුන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා බවට සැකයක් නැත.

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් අන්තවාදී සුළු ජන පක්ෂවල සහාය නොමැතිව ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගන්නේ රටේ බහුතර සිංහල ජනතාව තමා මුහුණ දෙමින් සිටි අනතුරදායක තත්වය ගැඹුරින්  වටහා ගනීමට සමත් වූ බැවිනි. ඒ නිසා අනාගතයේදී ද අන්තවාදය සහ ඊට යටත්වන බලවේග කොන්දේසි විරහිතව පරාජය කළ යුතු බව බහුතර සිංහල ජනතාව විසින් අවබෝධකර ගන්නා බවට අපටනම් සැකයක් නැත. ඒ බව වටහා නොගෙන අන්තවාදය සතුටු කිරීමට උත්සාහ කරන සියළු පාර්ශ්වවලට අනාගතයේදී ඉතා දුෂ්කර පාඩම් ඉගෙන ගැනීමට සිදුවන බව පෙන්වාදීම අපගේ යුතුකමකි.

අවසාන වශයෙන් ජාතික බලවේග ලෙස 2020 නොවැම්බර් 16 ඓතිහාසික ජනවරම නිර්මාණය කිරීමට දායක වූ පිරිසක් ලෙස අප අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ විපක්ෂය මෙන්ම ආණ්ඩුව තුළද සිටින මධ්‍යස්ථයැයි පෙන්වන අන්තවාදීන් විසින් සහ දේශපාලන උපායමාර්ග පටලවාගත් උපදේශකයින් විසින් අටවන උගුල්වලට පය නොතබන ලෙසය.

– ආචාර්ය ගුණදාස අමරසේකර
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුච්චනවාද..? වලලනවාද..? ආණ්ඩුව සහ විපක්ෂය ඉස්ලාම් අන්තවාදීන් සතුටු කිරීමට තරගයක
පුච්චනවාද..? වලලනවාද..? ආණ්ඩුව සහ විපක්ෂය ඉස්ලාම් අන්තවාදීන් සතුටු කිරීමට තරගයක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzrJ8U8y70gceCxG4wmwjZ7eOwQrvN9h_Ma44Gkg6R4_QmPQbCopqNja4vl09YfRmDq99ig7qpUzgKSuD-3ZZ37uyWWxG5Uc5Feo2yxptaVdsSRLblXxn1h3pQTV30oO98V1Mw3QaMXEI/s320/733ac7b460d141689cfa68e47ea13fe5_18.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzrJ8U8y70gceCxG4wmwjZ7eOwQrvN9h_Ma44Gkg6R4_QmPQbCopqNja4vl09YfRmDq99ig7qpUzgKSuD-3ZZ37uyWWxG5Uc5Feo2yxptaVdsSRLblXxn1h3pQTV30oO98V1Mw3QaMXEI/s72-c/733ac7b460d141689cfa68e47ea13fe5_18.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_382.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/12/blog-post_382.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy