මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 අද (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ...
මද්‍යසාර පාලනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ ජාතික මද්‍යසාර සමුළුව 2016 අද (04) කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ දී පැවැත්වෙන බව ජාතික දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පවසයි.
ඔහු මේ බව පැවසූයේ ඊයේ(03) මද්‍යසාර පිළිබඳ ජාතික සමුළුව පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.
''මතින් නිදහස් ශ්‍රී ලංකාව'' යන තේමාව යටතේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය ඒකකය සහ දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය එක්ව සමුළුව සංවිධානය කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික සමුළුව පැවැත්වෙන අතර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඇතුළු දෙස් විදෙස් අමුත්තන් රැසක් අවස්ථාවට සහභාගීවීමට නියමිතය.
මේ පිළිබඳව අඳහස් දැක්වූ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කළේ, දුම්කොළ හා මද්‍යසාර පිළිබඳව එකට ප්‍රතිපත්තියක් ගෙනා එකම රට ශ්‍රී ලංකාව බවයි. ශ්‍රී ලංකාවේ මද්‍යසාර භාවිතය (පිරිමි) සියයට 35%ක් වෙනවා. මද්‍යසාර භාවිතය සියයට 75-80% %ක් පමණ භාවිත කරන්නේ නෑ. එය හොඳ දෙයක්. එහෙත් එක් පුද්ගලයෙක් භාවිත කරන මද්‍යසාර ප්‍රමාණය ඉතා ඉහළයි. මෙය ආර්ථිකයට ඉතා විශාල බලපෑමක් සිදු කරනවා. අපේ උත්සහාය මද්‍යසාර භාවිතය පාලනය කර ගැනීම, ඒ සඳහා ජනමාධ්‍යයටත් විශාල සේවයක් ලබාදිය හැකි යැයි පැවසී ය.
මේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලා ද සිල්වා මහත්මිය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මානසික සෞඛ්‍ය පිළිබඳ උපදේශකවරයකු වන වෛද්‍ය ඩෑන් රෙක්වී මහතා සහභාගී විය.
COMMENTS